IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


උදය Centigradz සංගීත කණ්ඩායමෙන් ඉවත් ‍වේ?

Centigradz යනු තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන සංගීත කණ්ඩායමකි. එම කණ්ඩායමේ ජනප්‍රිය ගායකයකු ලෙස කටයුතු කළ උදය ශ්‍රී පසුගිය දා විවාහ දිවියට එළැඹුණා. විවාහ වී ටික කලකින්ම ඔහු සංගීත කණ්ඩායමෙන් ඉවත්වන්නට තීරණය කර තිබෙනවා. Centigradz  සංගීත කණ්ඩායමෙන් ඉවත්වන්නට තීරණය කළේ ඇයි? මේ ඒ පිළිබඳව උදය, සඳැල්ල සමගින් කළ කතාබහකි. උදය ඔබේ ජීවිතයේ සිදුවූ වෙනස්කම මොකක්ද? මම Centigradz  සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඒ අනුව මම සංගීත කණ්ඩායමට නිල වශයෙන් දැනුම්දීමක් කළා මම ඉදිරියට ඔවුන් සමග කටයුතු කරන්නෙ නැහැ කියලා.   මේ තීරණය හදිස්සියෙම ගත්ත එකක්ද? මම 2009 අවුරුද්දේ ඉඳලා සංගීත කටයුතු ටිකක් නතර කරලා ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොමු කළා. ඒ අනුව මගෙත් පෙම්වතිය (වර්තමාන බිරිඳ)ගෙත් නම දාලා උදය ඇන්ඩ් වින්දි කියන ස්ටූඩියෝ එක පටන් ගත්තා. ඒ කාලේ පටන් මම වැඩි කාලයක් කැප කළේ මගේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන්.   ඔබ මේ තීරණය ගත්තෙ විවාහයෙන් පස්සෙ. ඒ කියන්නේ මේ තීරණය ගත්තේ බිරිඳගේ බලපෑමක් මතද? සංගීත කණ්ඩායමෙන් ඉවත්වීමේ තීරණයට මගේ බිරිඳ සම්බන්ධ නැහැ. අනික මම වින්ධ්‍යා හඳුනගත්තෙ අද ඊයේ නෙවෙයි. අපි දෙන්නා මුණ ගැහිලා අවුරුදු හතක් විතර වෙනවා. 2006 අවුරුද්දේ අපි දෙන්නා විවාහ ගිවිස ගත්තා. විවාහ ගිවිස ගත්තත් විවාහ උත්සවය ගන්න පරක්කු වුණේ මගේ සංගීත කටයුතු වගේම ඇයත් ව්‍යාපාර කළමනාකාරණ පාඨමාලාවක් හදාරන නිසයි. ඇය නිසා මම සංගීත කණ්ඩායමෙන් අයින් වුණා කියනව නම් මට අයින් වෙන්න තිබුණේ 2006 අවුරුද්දෙ. 2009 අවුරුද්දේ මට සංගීත කණ්ඩායම ගැන ලොකු කලකිරීමක් ඇතිවුණා. ඒ වෙලාවේ මම හිතුවා මම කණ්ඩායමෙන් අයින් වෙනවා කියලා. ඒ වෙලාවේ "නෑ. ඔයා අයින් වෙන්න එපාග දිගටම ඉන්න" කියලා කිව්වේ වින්ද්‍යා ඇතුළු මගේ පවුලේ අයයි. අදටත් සංගීත කණ්ඩායම එක්ක ඉන්න කියලයි එයා කියන්නෙ. මමයි දැඩි තීරණයක් ගත්තෙ කණ්ඩායමෙන් ඉවත් වෙන්න. මට නිසි වටිනාකමක් ලැබෙන්නෙ නැත්නම් එවැනි කණ්ඩායමක් එක්ක සිටීමේ තේරුමක් නැහැ.   නමුත් විවාහ උත්සවයත් ඔබ ගත් මේ තීරණයත් එකම කාලෙදි සිදුවුණේ? මේ ප්‍රශ්න තියෙන අතරෙත් මම මගේ විවාහ උත්සවය සැලසුම් කළා. මට ප්‍රශ්න තියෙන නිසා විවාහ උත්සවය ප්‍රමාද කිරීමේ තේරුමක් නැහැ. විවාහ වුණා කියලා ප්‍රශ්නවලට විසඳුම් නොදී ප්‍රමාද කිරීමේ තේරුමකුත් නැහැ. ඒ නිසයි මම ඉවත්වෙන්න තීරණය කළේ. මම ගීත ගායනා කළ බෑන්ඩ් එක කඩා වැටෙනවට මම කැමැති නැහැ. මේ හේතුව නිසා විවාහ උත්සවයෙන් පස්සෙ දවසෙත් මම ප්‍රසංගයකට සහභාගී වුණා. ඉන් පස්සෙත් ප්‍රසංග කීපයක ගීත ගායනා කළාග නමුත් ඒ ප්‍රසංගවලදිත් මට යම් යම් අසාධාරණකම් වුණා. දිගටම ඇතිවුණ කලකිරීම් එක්කයි මම තීරණය කළේ සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්න.   සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණ ඔබ සංගීත දිවියෙන් සමුගනීවිද? ප්‍රසංග වේදිකාවලට තනිව ගායකයෙක් හැටියට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුවක් මට නැහැ. පහුගිය කාලේ ඇතිවුණ කලකිරීම් නිසා ප්‍රසංග වේදිකාවට යෑමේ කැමැත්තක් මට නැහැ. නමුත් මේ වෙනකොට මට ලැබී තියෙන චිත්‍රපටල ටෙලිනාට්‍යවලල වෙළෙඳ දැන්වීම්වල ගීත ගායනා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වෙනත් අයගේ ගීත සඳහා තනු නිර්මාණය ආදී කටයුතුවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉන් එහාට මොනවත් කරන්න කියලා තවම මම තීරණය කරලා නැහැ.   ඔබට නැවතත් Centigradz සංගීත කණ්ඩායමට එක්වෙන්න කියලා ආරාධනා කළොත්? පැහැදිලිවම මම යන්නෙ නැහැ. ඒ අයට වෙනස් වෙන්න ඕන නම් මම හොඳටම කල් දීලා තියෙන්නෙ. 2009 දී අයින් වෙන්න ගිහිල්ලත් මම ඒ තීරණය ගත්තෙ නැත්තෙ යාළුවෝ අතරේ ප්‍රශ්න විසඳගැනීම අපහසු දෙයක් නෙවේ කියලා හිතූ නිසයි. අනික ගායකයන් හැටියට අපේ නිර්මාණයක් සාර්ථක වෙන්නෙ අදහස්වල තියෙන ගැලපීම මතයි. අදහස් නොගැලපෙන අය එකට හිටියොත් හොඳ නිර්මාණ කරන්න බැහැ.   සංගීත කණ්ඩායමේ ඇතැම් නිර්මාණයන් හරවත් ඒවා නෙමෙයි. ඒවාට ඔබ දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? පසුගිය කාලේ මම කරන්න අකමැති ඇතැම් නිර්මාණවලින් සම්පූර්ණයෙන් ඈත් වී සිටියා. මම ඒ ගීත ගායනයන් ප්‍රතික්ෂේප කළා. නමුත් මම සංගීත කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න බැඳී සිටිය නිසා රූපමය ජවනිකාවලට ඉදිරිපත් වෙන්න සිදුවුණා. රූපමය ජවනිකාවල හිටියත් මගේ හඬ ඒ ගීතවල තිබුණෙ නැහැ. 2009/10 කාලවල මම එක්තරා නිර්මාණ පැත්තකට පමණක් සම්බන්ධ වෙලයි හිටියේ.   ඔබ සංගීත කණ්ඩායමට එක්වුණේ සම්පත් බැංකුවේ රැකියාවෙන් ඉවත්වෙමින්. ඒ ගත් තීරණය ගැන අද පසුතැවීමක් නැද්ද? මම සංගීත කණ්ඩායමත් එක්ක එක්වුණේ අවුරුදු 21දී. අපි එකතුවෙලා ගායනා කළ ගීත එක්ක සංගීත කණ්ඩායමක් ඇරඹීමේ හොඳ වටපිටාවක් ඒ කාලේ තිබුණා. ඒ නිසා මම එදා ගත්තෙ ඒ වෙලාවේ ගත හැකි හොඳම තීරණය. දැන් නම් හිතෙනවා ඒ වෙලාවේ දෙපාරක් හිතුවා නම් හොඳයි කියලා. මගේ දෙමාපියො නම් අදටත් දොස් කියනව ඒ ගත්තු තීරණය වැරදියි කියලා.   ඔබේ බිරිඳ ගැන විස්තර ටිකක් කතා කරමු? ඇය වින්ධ්‍යා විතාරණ. ඇය දැනට පෞද්ගලික ආයතනයක විධායක නිලධාරිනියක් හැටියට කටයුතු කරනවා.

දීපිකා මලවරආරච්චි
 



අදහස් (0)

උදය Centigradz සංගීත කණ්ඩායමෙන් ඉවත් ‍වේ?

chanaka Thursday, 08 March 2012 09:10 AM

රටේ තිබුණු හොදම සංගීත කණ්ඩායමක අවසානය ද මේ

:       0       0

දමිත් Wednesday, 09 January 2013 11:44 AM

ව්‍යාපාර කටයුතු නිසා කලා කටයුතු වලින් ඉවත්වෙන්න එපා. තවමත් ඔබේ රසිකයින් බලා සිටිනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site