උදය ශ්‍රී කියන්නේ තාරුණ්‍යයේ ගායකයෙක් කිව්වොත් නිවැරිදියි. ඔහුගේ හඬට මෙන්ම ගායන ශෛල්‍යයටද බොහෝ දෙනා ආදරය කරනවා. ඉතිං එයාගේ අවුරුදු මේ විදිහටයි.
සිංහල අලූත් අවුරුද්දට අපි පොඩි කාලෙ ඉදන්ම ගොඩක් කැමතියි. අපි අවුරුදු එනකම්නෙ බලාගෙන ඉන්නෙ ඉතින් අවුරුදු චාරිත්‍රත් එදා වගේම අදත් අකුරටම කරනවා. නැකත් කියන දේටත් වඩා අපේ නෑදෑ හිත මිතුරන් එකට එකතුවෙනවා. කලාතුරකින් හමුවන අය මුණගැහෙනවා. ඒකට අපි ගොඩක් කැමතියිනෙ. ඉතින් අනිත් වැඩකටයුතු ටිකක් නවත්තලා වෙනදා වගේම චාරිත්‍ර ඉටු කරන්නත් මේ අවුරුද්දෙත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
මේ පාර අවුරුද්දට පොඩි ගමන් බිමන් ටිකක් යොදාගෙන තියෙනවා. ගොඩක් දුරට ලංකාවෙන් එළියට යන්න තමයි හිතාගෙන ඉන්නෙ.
ඒ වගේම පරගෙනසංග රැසකටම ආරාධනා ලැබිලා තියෙනවා. රට වටේම යන්න. ප්‍රසංග අඩු වුණාම පවුලෙ අයත් එක්ක අනුරාධපුරේටත් යන්න හිතන් ඉන්නෙ. ඒ හැමදේම එක්ක මේ දවස්වල ප්‍රධානම දේ මගේ මියුසික් ඇකඩමිය ආරම්භ කළා.
‘‘උදය ශ්‍රී මියුසික් ඇකඩමිය’’ මේ දවස්වල ළමයින්ව ලියාපදිංචි කිරීමේ කටයුතු කරගෙන යනවා. ඉදිරියට මම සංගීතවත් කරපු ගීත දෙකක් එළිදක්වන්නත් නියමිතයි.
ඒ හැමදේම එක්ක රැඳි සිටින්න කියලා රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටිනවා වගේම හැමදෙනාටම ලබන්නා වූ අලූත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.
ධනු විජේරත්න
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උදයට ගමන් බිමන් ගොඩයි...