IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


උද්ධමනය ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න)

මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය (Headline Inflation) අපගමනය වීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (1) වගන්තිය යටතේ මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන කාර්තුමය මතු පිට උද්ධමනය 5%ක මට්ටමක පවත්වා ගෙන යාමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත. 

එකී ගිවිසුමේ 26 (5) වගන්තියට අනුව, එම උද්ධමන ඉලක්ක නිශ්චිත ආන්තිකයෙන් අනුක්‍රමික කාර්තු දෙකක් තුළ දී සපුරා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපොහොසත් වුවහොත්, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ඒ පිළිබඳ වාර්තාවක් මුදල් විෂය බාර අමාත්‍යවරයා මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ.

2024 වසරේ දෙවන හා තුන්වන කාර්තු වලදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනයේ කාර්තුමය සාමාන්‍යය පිළිවෙලින් 1.4%ක් සහ 0.8%ක් ලෙස වාර්තා වී ඇති අතර, එය එකී උද්ධමන ඉලක්කයේ පහළ ආන්තිකයට වඩා අඩු වීමක් ලෙස පෙන්නුම් කරයි. 

එම කරුණු ඇතුළත්ව, මහ බැංකු පනතේ විධිවිධාන යටතේ මුදල් විෂය බාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති මතුපිට උද්ධමනය අපගමනය පිළිබද වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (0)

උද්ධමනය ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 1436 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


අදත් තැනින් තැනට තද වැස්ස
2025 මැයි මස 03 107 0

අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඩෑන්ට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු
2025 මැයි මස 03 1410 0

වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ


දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
2025 මැයි මස 02 1683 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
2025 මැයි මස 02 1484 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.


‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘
2025 මැයි මස 02 516 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 517 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 138 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1157 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site