IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උතුරු කොරියාවේ ජාතික පුවත්පත කියවන්න දකුණු කොරියානුවන්ට අවසර

උතුරු කොරියාවේ, ‘රොඩොංග් සිංමුන්’ ජාතික පුවත්පත, දකුණු කොරියානුවන්ට කියවීමට දකුණු කොරියානු ජනාධිපති ලී ජෙයි මයුංග් පරිපාලනය තීරණය කර ඇත. 

ඒ අනුව, දශක ගණනක් තිස්සේ ‘රොඩොංග් සිංමුන්’ පුවත්පත දකුණු කොරියාවේ තහනම් කරමින් පැවැති නීතිය අවලංගු වන බව ද පැවැසෙයි.

කොරියාව යනු එකම ජාතියක් වෙසෙන රටවල් දෙකකි. කොරියාව උතුරු කොරියාව සහ දකුණු කොරියාව යන නමින් දෙකඩ වී විරසකයක් නිර්මානය වී ඇත්තේ කොරියානු යුද්ධයෙනි. 

දකුණු කොරියාව තවමත් නිල වශයෙන් සිය න්‍යෂ්ටික අවි දරණ අසල්වැසියා සමඟ යුදමය තත්ත්වයක පසුවෙයි. දෙරට අතරේ ඕනෑම මොහොතක යුදමය තත්ත්වයක් ඇවිලිය හැකි බව දේශපාලන විශ්ලේෂකන්ගේ අදහසය. දෙරට අතරේ ඇත්තේ, කටවචනයෙන් ඇති කරගත් එකඟතාවක් පමණි. 

කොරියානු යුද්ධයෙන් පසු උතුරු කොරියාව, රුසියාව සහ චීනයටත්, දකුණු කොරියාව ඇමෙරිකාවටත් ළං විය. 

‘රොඩොංග් සිංමුන්’ පුවත්පත දශක ගණනාවක් තිස්සේ තහනම් කිරීමට දකුණු කොරියාව තීරණය කර ඇත්තේ, එහි ඇති දකුණු කොරියා විරෝධී ආකල්ප නිසාය. කෙසේ නමුත්, දකුණු කොරියා ජනාධිපති ලී ජෙයි මයුංග් සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන නායකයෙකි. ඔහු උත්සාහ ගනිමින් සිටින්නේ උතුරු කොරියාව සමඟ පවතින එදිරිවාදිකම් අවසන් කිරීමටය.

‘රොඩොංග් සිංමුන් පුවත්පතේ පළ වන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ මතවාද. ඒවා කුමක් වුවත්, ද්වේශසහගත වුවත්, බුද්ධිමත්ව ඒවා කියවා ඇත්ත නැත්ත තේරුම් ගන්න දකුණු කොරියානුවන් පරිණත වී සිටිනවා. ඒනිසා තවදුරටත් රොඩොංග් සිංමුන පුවත්පත තහනම් කිරීමෙන් ඵලක් වේවි යැයි මා විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා දකුණු කොරියානුවන්ට රොඩොංග් සිංමුන් පුවත්පත පරිශීලනයට අප ඉඩ ලබා දෙනවා’ යැයි ජනාධිපති ලී ජෙයි මයුංග් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.



අදහස් (0)

උතුරු කොරියාවේ ජාතික පුවත්පත කියවන්න දකුණු කොරියානුවන්ට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site