(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සහයකයින් බඳවා ගැනීමේදී පැවැති සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල වහාම අවලංගු කරන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අදාළ නිලධාරීන්ට නියෝග කර ඇත.
සෞඛ්‍ය සේවා සහයකයින් 454 දෙනෙකු සඳහා පැවති පුරප්පාඩු වලට බඳවා ගැනීම සඳහා අපේක්ෂකයින් 1923 ක් අයදුම් කර තිබූ අතර බඳවා ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් මෙලෙස ප්‍රතිඵල අත්හිටුවීමට නියෝග කර තිබේ.
ප්‍රතිඵල අවලංගු කරන ලෙස නැවත සම්මුඛ පරීක්ෂණ පවත්වා මාසයක් ඇතුළත අදාළ පුරප්පාඩු වූ තනතුරු සඳහා නිලධාරීන් බඳවා ගැනීමට ආණ්ඩුකාරවරයා උපදෙස් දී තිබේ.
ඒ අතර එහි විනිවිදභාවය ආරක්ෂා වීම සඳහා කණ්ඩායම් 24ක් පත් කර ඇති අතර සෑම කණ්ඩායමකටම නිලධාරීන් 3 දෙනෙකු සිටින සිටී.
ඊට අමතරව උතුරු පළාත් මහජන නියෝජිතයන්ගෙන් එක් නියෝජිතවරයෙකු සහ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වන අයදුම්කරුවන් විසින් නම් කරන අයෙකු නිරීක්ෂකයන් ලෙස සහභාගී වේ.
ව්‍යාජ සහතික සහ ලියකියවිලි සහිතව ඉදිරිපත් වන්නන් සඳහා නීතිමය පියවර ගන්නා බවට ආණ්ඩුකාරවරයා විසින් අනතුරු අඟවා ද ඇත.
එමෙන්ම මෙම රැකියාවලට බඳවා ගැනීමේදී 2020 ජනවාරි 1 වන දින සිට ආබාධිත පුද්ගලයින් සඳහා උතුරු පළාත් බඳවා ගැනීමේ කෝටාව සියයට 6 ක් ද, කාන්තා මූලික පවුල් සඳහා සියයට 5 ක් ද අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා සියයට 3 ක් සහ සංක්‍රාන්තික ලිංගිකයන් සඳහා සියයට එකක් ලෙස වෙන් කිරීමට තමා බලාපොරොත්තු වන බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසා ඇත.
ස්වාධීන කණ්ඩායමට හපුතලේ නගර සභාවේ බලය හිමිවූ අතර එම කණ්ඩායමට එම නගර සභාවේ සභික ධූර 11 න් 5 ක් හිමිවිය.
ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.
දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්
කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උතුරේ හෙද සේවා සහයක නව පත්වීම් අවලංගු කරන්න ආණ්ඩුකාරගෙන් නියෝගයක්
Amara Monday, 09 September 2019 07:38 AM
පට්ට, මෙහෙම අය තමයි රටට ඕනේ...
Fellow SriLankan Monday, 09 September 2019 07:48 AM
"එමෙන්ම මෙම රැකියාවලට බඳවා ගැනීමේදී 2020 ජනවාරි 1 වන දින සිට ආබාධිත පුද්ගලයින් සඳහා උතුරු පළාත් බඳවා ගැනීමේ කෝටාව සියයට 6 ක්ද, කාන්තා මූලික පවුල් සඳහා සියයට 5 ක්ද අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා සියයට 3 ක් සහ සියයට එකක් ලෙස වෙන් කිරීමට තමා බලාපොරොත්තු වන බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසා ඇත." මේ විදිහටම ක්‍රියාත්මක කරනවා නම් එ්ක ඇත්තෙන්ම විශිෂ්ඨ ආරංචියක් මහත්මයාණෙනි...
Chandana F Monday, 09 September 2019 08:13 AM
අවංකවම සාධාරණයි.
rim Monday, 09 September 2019 09:58 AM
මෙන්න යහපාලනය. නියමයි ජයවේවා…!!!
isurandi Monday, 09 September 2019 11:20 AM
ජාති, ආගම්, කුලමල නොතකන මෙවැනි මිනිස්සු තමයි රටකට ඕනේ...
abaran Monday, 09 September 2019 12:06 PM
ජාති, ආගම් භේද නොසලකා මෙතුමා ජනපති කළ යුතුයි.. නැත්නම් මෙවන් පුද්ගලයෙකු පත්කළ යුතුයි.
CHANDIMA Monday, 09 September 2019 12:32 PM
එ් කියන්නේ සංක්‍රාන්තිකයිනුත් සෑහෙන්න ඉන්නවා වගේ යාපනේ...
ලසන්තMonday, 09 September 2019 02:21 PM
ඇයි මිත්‍රයා නිකන් අවුල් වගේද? ලෝකෙ කොහෙත් ඒ වගේ අය ඉන්නවා. ඒක තමයි ලෝක සොබාව... හැබැයි කෙනෙකුට වෙනස් ලෙස සැලකීමට ඒක හේතුවක් නොවෙයි.
CHANDIMAMonday, 09 September 2019 02:23 PM
මේ මොකද එ්කට කට්ටියට කේන්ති යන්නේ? සියයට එකක් රැකියා සංක්‍රාන්තිකයින්ට දෙනවා කියන්නේ වෙනත් විදියකින්උතුරේ මුළු ජනගහනයෙන් සියයට එකක් සංක්‍රාන්තිකයින් කියන එක නෙවෙයිද? අපේ අයට මම කියන්නේ දැකපු ගමන් යාළුවෙලා කසාද බඳින්න පොරොන්දුවෙන්න ඉස්සරවෙලා ටිකක් හොයලා බලපල්ලා කියලා, පස්සේ පසුතැවෙනවට වඩා..
kamaniMonday, 09 September 2019 06:07 PM
රැකියා අවස්ථා 100 කින් 1ක් සංක්‍රාන්ති අයට දෙනබවයි මෙයින් කියවෙන්නේ. ඒ නැතිව උතුරේ ජනගහනයෙන් 1%ක් ඒ අය කියලා නොවෙයි කියවෙන්නේ.ඔබ පාසල් අධ්‍යාපනය ලබපු කෙනෙක්ද..?නැතිනම් රැට රැට හොර පොල් කඩපු කෙනෙක්ද...?
චිත්රසේන Monday, 09 September 2019 01:33 PM
සිංහල පත්වීම් දීපුවා අවලංගු කරන්න හදන්නේ... සිරිසේන සහ රාගවන් එකතුවෙලා කරන වැඩ මේවා..!!!
chandimaMonday, 09 September 2019 04:27 PM
ඔන්න ඉතින් රෙද්දක් කියවනවා. ඒ කියන්නේ මේ දක්වා වෙන පළාත් වල පත්වීම් දෙන එක අවලංගු කරලා තියෙන්නේ දෙමල පත්වීම් අවලංගු කරන්නද? අම්මප මුන් වගේ මොලේ නැති උන්ට හරියන්නේ මේ දෙසිය විසිපහම තමයි.
sandy123 Monday, 09 September 2019 01:36 PM
ඔබට ජයවේවා..!!! ඉතා අගනා පැසසිය යුතු ක්‍රියාවක්.