
(නිමල් ජයරත්න)
කොළඹ සිට මඩකලපුව දක්වා ඉන්ධන රැගෙන යමින් තිබු දුම්රියක අද අලුයම 4,00 ට පමණ මින්නේරිය දුම්රියපොළ ආසන්නයේදී අලි රංචුවක් ගැටී අලි දෙදෙනකු මිය ගොස් දුම්රිය ද පීලි පැන ඇති බව මින්නේරිය පොලිසිය කියයි.
එම දුම්රියේ ටැංකිවල ඉන්ධන ගැලුම් 11,000 අඩංගු වී තිබූ බවත්, ටැංකි 07 ක ඩීසල් ද, ටැංකි 04 ක පෙට්‍රල් තිබී ඇති අතර ඉන් පෙට්‍රල් ටැංකි දෙකක් පෙරළී තෙල්කාන්දු වෙමින් පවතින බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන මින්නේරිය පොලිසිය සඳහන් කරයි.
මෙම දුම්රියේ රියැදුරු ඇතුළු සේවකයන් හතර දෙනකු ගමන් කර ඇති අතර ඔවුන් කිසිවකුට තුවාල සහ ආපදාවක් සිදුව නොමැති බවද මින්නේරිය පොලිසි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය .
දුම්රිය පීලි පැනීම හේතුවෙන් ගල්ඔය, මඩකලපුව දුම්රිය ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අවහිර වී ඇති අතර එම ස්ථානයේ ආරක්ෂාවට මින්නේරිය සහ හබරණ පොලිසියේ විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.
තවත් අලියකු බරපතල තුවාල ලබා සිටින බවද මින්නේරිය වනජීවි නිලධාරින් සඳහන් කරයි.
මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



-------------------------------------------------------------
(රෝහණ චන්ද්‍රදාස මලවරආරච්චි සහ නිමල් ජයරත්න)
කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඔරුගොඩවත්තේ සිට මඩකළපුව දක්වා දුම්රිය ප්‍රවාහනය කළ මෙම දුම්රියේ ඉන්ධන ටැංක කිපයක් ද පෙරළී ඇති අතර ඉන් ඉන්ධන ගලා ගොස් ඇති අතර යුද හමුදාව සහ පොලිසිය එක්ව ඉන්ධන කාන්දුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
මින්නේරිය හා හිඟුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර දී දුම්රිය මාර්ගයේ සිටි වන අලින් මෙසේ දුම්රියේ ගැටී ඇත.
වන අලින් දෙදෙනකු මිය ගොස් ඇති අනෙක් දෙන්නාට තුවාල සිදු වී ඇති බව ද වාර්තාවේ.
මේ හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මුළුමනින් ම ඇනහිට ඇත. දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා පියවර ගෙන ඇති බව අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය .
ඡායා නිමල් ජයරත්න


2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
Pradeep Kumara Friday, 18 October 2024 09:42 AM
මේ අලින් දුම්රියේ ගැටීම වලක්වා ගැනීමට ලොව අනෙකුත් රටවල් ඉතාමත් ප්‍රායෝගික ක්‍රියාවන් සිදුකරලා තියනවා. නමුත් මිනිසා ගැන පමණක්ම සිතන අපේ අයට තවමත් ඒ සඳහා විසඳුම් නෑ.
සෑම් Friday, 18 October 2024 10:46 AM
කාලකණ්ණි එන්ජින් ඩ්‍රයිවර්ලා. මොවුන්ට මෙච්චර උපදෙස් නියෝග දීලා තියෙද්දීත් මොවුන් අලි මරනවා. අනුර ජනාධිපතිතුමනි, දුම්රිය දෙපාර්තමේන්තුව කරන මේ මහා අලි සංහාරයට වහාම විසඳුමක් දෙන්න.