IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උතුරේ ඉඩම් අක්කර 109ක් හෙට මුල් පදිංචිකරුවන්ට

(අංජුල මහික වීරරත්න)

උතුරේ  යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර  109කට ආසන්න ප්‍රමාණයක් යළි මුල් පදිංචිකරුවන්ට ලබාදීම හෙට (03) සිදු කෙරේ. 

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට පෙර උතුරේ ඉඩම් නිදහස් කර මුල් පදිංචි කරුවන් වෙත බාර දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් පොරොන්දුව ඉටු කරමින් ආරක්ෂක අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

මෙසේ බාර දෙනු ලබන බිම් කොටස් අතර යුද හමුදාව භාවිතයේ පැවති  බිම් කොටස් පහක් සහ නාවික හමුදාව භාවිතයේ පැවති එක් බිම් කොටසක් ද වන අතර අදාල ඉඩම් හිමිකරුවන් හඳුනා ගැනීම විනිවිදභාවයෙන් යුතුව සිදු කෙරුණු බව ජනාධිපති කාර්යාලය පවසයි.

යුද්ධය හේතුවෙන් අවතැන් වී තවමත් පේදුරුතුඩුවේ කඳවුරු  09ක රැඳී සිටින පවුල් 75ක් සඳහා උතුරු පලාලි ප්‍රදේශයෙන් රජය සතු ඉඩම් අක්කර  13ක් බෙදා දීමට නියමිතය. 

මෙසේ නිදහස් කරනු ලබන භූමි ප්‍රදේශයේ පිහිටි නගර සභා ශාලාව වලිකාමම් උතුර ප්‍රාදේශීය  සභාවට බාර දීම ද සිදු කෙරේ.

මේ අතර නැවත පදිංචි කිරීමට නියමිත පවුල් 197කට නැවත පදිංචි කිරීමේ ආධාර කඩිනමින් ලබාදෙන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පදිංචි කිරීමේ විෂය බාර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබාදී  තිබේ.



අදහස් (0)

උතුරේ ඉඩම් අක්කර 109ක් හෙට මුල් පදිංචිකරුවන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site