IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උණ හෙම්බිරිස්සාවක් ඉන්දියාවේ

‘කොවිඩ් 19’ වයිරසයට සමාන, උණ හෙම්බිරිස්සා වයිරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තද උණ, හිසරදය සහ කල්පවතින කැස්ස මෙම වයිරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බව ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

වයිරස ආසාදිතයන් වැඩි වැඩියෙන් හමුවීමත් සමඟ වයිරසය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කෙරුණි.

එහිදී අනාවරණය වුණු කරුණු අනුව, ඉන්දීය වෛද්‍ය පර්යේෂණ මණ්ඩලය පැහැදිලි කර ඇත්තේ, රටේ ව්‍යාප්ත වෙමින් පවතින්නේ, ‘ඉන්ෆ්ලුවෙන්සා’ වයිරසයට අයත් ‘එච්3එන්2’ උප ප්‍රභේදය බවය.

සෙසු ‘ඉන්ෆ්ලුවෙන්සා’ ප්‍රභේද මෙන් නොව, ‘එච්3එන්2’ වයිරස ප්‍රභේදය දරුණු බවත්, ‘එච්3එන්2’ වයිරසය ආසාදනය වන වැඩි පිරිසකට ස්වසන ආබාධ ඇති වන බැවින් රෝහල්ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවන බවත්, ඉන්දීය වෛද්‍යවරුන් පැහැදිලි කර තිබේ.

තද උණ, හිසරදය සහ කල්පවතින කැස්සට අමතරව, පාචනව, සිරුරේ වේදනාව, උගුරේ ආසාදන, වමනය, කැරකිල්ල සෙසු රෝග ලක්ෂණ බව වෛද්‍යවරු පැහැදිලි කරති.

නිතර දෑතක් පිරිසුදුව තබා ගැනීම, ඇස්, නාසය හෝ කට නිතර ස්පර්ශ කිරීමෙන් වැලකීම, ‘කොවිඩ් 19’ සමයේ මෙන් මුහුණු ආවරණ පැලඳීමට හුරුවීම වැනි නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් රෝගයෙන් ආරක්ෂා විය හැකි යැයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

උණ හෙම්බිරිස්සාවක් ඉන්දියාවේ

අබිලින් Sunday, 05 March 2023 10:01 AM

ඉක්මනින් උම්මාදේවි සුව ඇමති ලෙසට පත්කර ලංකාවට ඔය ලෙඩෙත් කොහොම හරි ගේන්න සියලු දෙයින් ස්වයංපෝෂිත අපිට අඩුවට තියෙන්නෙ අලුත් ලෙඩක් තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 4 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site