ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
ප්‍රංශ ජනාධිපතිවරයා සහෝදර බටහිර රටවලින් මෙම ඉල්ලීම කළේ ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ දැමීම ආරම්භ කර වසරක් ගතවීම සහ ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත දිගින් දිගටම පහර දීම සැලකිල්ලට ගනිමිනි.
“පලස්තීනුවන්ගේ ජීවිත අනතුරේ දමමින් ඊශ්‍රායලය වසරක් තිස්සේ ගාසාවට බහර දෙනවා. දැන් ලෙබනනයට පහර දෙනවා. ඊශ්‍රායලයට සතුරන් අඩපණ කිරීමට අයිතිය තිබෙන බව ඇත්ත. නමුත් අහිංසක වැසියන් මියයනවා. දැන් ඇති. ඊශ්‍රායලය දේශපාලනික විසඳුමකට යන්න ඕනෑ. තව දුරටත් ගාසා තීරයට පහර දෙන්න ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නොකළ යුතුයි.” යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් අවධාරණය කර තිබේ.
ප්‍රංශය සහ ඊශ්‍රායලය සමීප මිතුරන් වන නමුත්, ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධනේ ප්‍රංශ ජනාධිපති මැක්රොන් නිරන්තරයන් සිය කනස්සල්ල ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුට පැහැදිලි කර තිබේ. ප්‍රංශය යුරෝපයේ බලවත් රාජ්‍යයක් වන අතර යුරෝපා සංගමයේ ප්‍රබලයෙකි. ඊට අතරව ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ද ප්‍රබල සාමාජිකයෙකි.
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ ගැටුම් ඇති කරගත්තේ, පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ගාසා හමාස් සටන්කාමීන් ලෙබනන හිස්බුල්ලා සංවිධානයේ ද සහාය ඇතිව ඊශ්‍රායලයට කඩා වැදී කළ ප්‍රහාරයෙන් පසුවය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
Don Wi Monday, 07 October 2024 07:24 PM
අනේ ඉතිං ඔයාලත් යුක්‍රේනයට ආයුධ දීම නවත්තන්නකෝ. එතකොට ඊශ්‍රායලයත් එහෙම කරයි