
තමන්ගේ නව කැබිනට් මණ්ඩලයේ, කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
යළිත් වරක් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වූ ට්‍රම්ප්ගේ ජයග්‍රහණයේ සාධකය වන්නේ ‘ටෙස්ලා’, ‘ස්පේස් එක්ස්’ යන සමාගම්වල ප්‍රධානියා ද වන ඊලොන් මස්ක්ය.
ට්‍රම්ප්ට ලබා දෙන බව තහවුරු කරමින්, ඊලොන් මස්ක් පෙන්සිල්වේනියා ජනපදයේ, බට්ලර් නුවර ට්‍රම්ප්ගේ දේශපාලන වේදිකාවට ගොඩවූයේ පසුගිය ඔක්තෝබර් මාසයේය.
ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි. රිපබ්ලිකන් පක්ෂයට ලියාපදිංචි වී, ට්‍රම්ප්ට ඡන්දය දීමට කැමැත්තෙන් පසුවන ඡන්ද දායකයන් අතරින් දිනකට එක් ඡන්ද දායකයකු තෝරාගෙන එම තැනැත්තාට හෝ තැනැත්තියට ඇමෙරිකන් ඩොලර් මිලියනයක මුදල් තෑග්ගක් පිරිනැමීමට ඊලොන් මස්ක් පියවර ගත්තේය.
ට්‍රම්ප් ජනරැලි පවත්වමින් රට පුරා යද්දී, ඊලොන් මස්ක් ද ට්‍රම්ප්ට සහාය දෙන්නැයි ඇමෙරිකානුවන් ආමන්ත්‍රණය කරමින් රට පුරා දේශන පවත්වන්න විය. දිනකට එක් ජයග්‍රාහකයකු බැගින් තෝරා ඇමෙරිකන් ඩොලර් මිලියනයක මුදලක් තෑගි කළේ එම දේශන පැවැත්වෙද්දීය.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊලොන් මස්ක්ට ට්‍රම්ප් නව රජයේ තනතුරක්
යෝගා Wednesday, 13 November 2024 11:41 AM
අර වෙන්න මුදල් ඇමති හඳුන්නෙත්තියා කිව්වා නේද ඉලෝන් මස්ක් කියන්නේ ආර්ථික ඝාතකයෙක් කියලා?
බමුණුආරච්චි Thursday, 14 November 2024 01:12 PM
නියමයි, ට්‍රම්ප් නියමයි මෙන්න මගේ සැලියුට් එක... වැරැදිලාවත් ජෙප්පෙක් දාගන්න එපා...