පසුගිය වසරේ පැවති "මිස් ශ්‍රී ලංකා ක්වීන් ඔෆ් ඒෂියා" රූප රාජිණි තරගයට එක්වෙමින් එහි කිරූළ හිමිකරගත් දුෂේනි මියුරංගී මේ දිනවල රසික අවධානය වැඩිපුරම දිනාගත් යොවුන් නිළියකි. මේ දිනවල සිරස රූපවාහිනි නාලිකාව තුළ විකාශය වන සඳුන් රාජකරුණාගේ "ආදරය ගින්දරක්" ටෙලි නාට්‍යයේ "උපේක්ෂා" ලෙස රසික ආදරය නොමදව දිනා සිටින දුෂේනි සමගින් "සාරවිට" අපි කතා බහ කළේමු.
ඕව්, ස්වාධින රූපවාහිනි නාලිකාව මඟින් පැවති "අවුරුදු කුමරිය" තරගයට ඉදිරිපත් වෙලා අවසන් තරගකාරියන් අතරට ආපු නිසා ගෙදර අය වගේම මගේ යහළු යෙහෙළියන් මේ සියලු දෙනාම මට ගිය අවුරුද්දේ තිබුණ "මිස් ශ්‍රී ලංකා ක්වීන් ඔෆ් ඒෂියා" තරගයට එකතු වෙන්න කියලා යෝජනා කළා. ඔවුන්ගේ ඉල්ලීම මත මම මේ තරගයට ඉදිරිපත් වුණා. නමුත්, ජයග්‍රහණයක් ලැබෙයි කියලා මට හිතුණේ නැහැ. නමුත්, මාව පුදුමයට පත් කරමින් එහි ජයග්‍රාහිකාව වෙන්න මට පුළුවන් වුණා.
"ආදරය ගින්දරක්" දුෂේනිගේ පළමු රංගනයද?
නැහැ. ඊට කළින් මම සඳුන් රාජකරුණා මහත්මයාගේම "ආදර වැස්ස" ටෙලි නාට්‍යයේ සුළු කොටසකට සම්බන්ධ වුණා. නමුත්, එය කොටස් කිහිපයකට පමණක් සීමා වූ රංගනයක් වුණා.
"ආදරය ගින්දරක්" හි "උපේක්ෂා" දැන් ජනප්‍රියද?
දැනට විකාශය වුණ කොටස් වලට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා. ගොඩ දෙනෙක් මගේ රඟපෑම් ගැන කතා කරනවා. ගොඩක් හොඳට කරනවා කියනවා. ඉතින් ලැබෙන රසික ප්‍රතිචාර ගැන නිහමානි සතුටක් මට තියෙනවා.
රඟපානවා කියන එක ලේසි වැඩක්ද?
කොහෙත්ම නැහැ. දෙබස් ටික හරියට කිව්වාට රඟපානවා කියන්නේ අමාරු දෙයක්. මම ඒක දන්නේ ක්ෂේත්‍රයට මම අලුත් නිසා. තාමත් මම එක ටෙලි නාට්‍යයයි රඟපාලා තියෙන්නේ. එකෙත් තාම කොටස් 20ක් විතර. නමුත්, රඟපානවා කියන එක අපිට ඉගෙන ගන්න පුළුවන්. දර්ශනයෙන් දර්ශනයට අපිට විවිධ පුද්ගලයින් සමග රඟපාන්න ලැබෙනවා. ප්‍රවිණ, නවක මේ හැම කෙනෙක්ම. නමුත්, ඒ හැම කෙනෙක්ගෙන්ම ඉගෙන ගන්න දෙයක් තියනවා. ඇත්තටම මම කරන්නේ රඟපාන්න ලැබෙන හැම කෙනාගෙන්ම යමක් ඉගෙන ගන්නවා. ඒත්, රඟපෑම අද දැකලා හෙට ඒක කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැමදාම රංගනය කියන දේ තුළ ඉගෙන ගන්න දෙයක් තියෙනවා.
ගෙදර කට්ටිය කැමතිද දුෂේනි රඟපානවට?
ඉස්සර නම් ගෙදර කට්ටිය කැමති නැහැ මම රඟපෑමට යොමු වෙනවාට. නමුත්, "අවුරුදු කුමරිය" වෙලා ඊට පස්සේ "මිස් ශ්‍රී ලංකා" කිරූළ ජයග්‍රාහණය දිනාගත්තට පස්සේ මිනිස්සු අතර ජනප්‍රිය වෙන කොට මං ගැන කතා කරන කොට මගේ ගෙදර කට්ටියට ලොකු ආසාවක් ඇති වුණා. ඒත්, අද වුණත් මගේ තාත්තා මගේ අම්මා එක්ක තමයි මාව මොන කලා කටයුත්තක් තිබුණත් එවන්නේ. අද මා වටා රසික, රසිකාවියන් පිරිසක් ඉන්නවා. පාරේ තොටේදී දැකලා ඒ අය කතා කරන කොට මට වගේම මගේ පවුලේ අයටත් ගොඩක් සතුටුයි.
දුෂේනි දිගටම රඟපානවාද?
ඕව්. ඒත්, මම දැනට ව්‍යාපාර කළමාණකරණය පිළිබඳව හදාරනවා. මගේ අදහස වෙලා තිබ්බේ මේ පැත්තෙන් ඉගෙන ගෙන තාත්තාගේ වැඩ වලට සම්බන්ධ වෙන්න. ඉතින් ඉදිරියට මගේ තියෙන ලොකුම ඉලක්කය ඒක. නමුත්, කලා කටයුතු වලට නිතරම මම දායක වෙනවා. ඇත්තටම මම කැමතියි රංගන ශිල්පිණියක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ දිගටම රැදිලා ඉන්න.
බුද්ධික සේනාධීර / ඡායාරූප - දුශේනිගේ ෆේස්බුක් ගිණුමෙන්
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉස්සර නම් ගෙදර කට්ටිය කැමති නැහැ මම රඟපෑමට යොමු වෙනවාට