IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානයේ මිසයිල පද්ධති, ඩ්‍රෝන කර්මාන්තශාලා, මිසයිල කර්මාන්ත ශාලා සහ ගුවන් මෙහෙයුම් පද්ධතිවලට පසුගිය 26 වැනිදා එල්ල කළ ඉලක්කගත ප්‍රහාර මාලාවට නිසැකවම ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට දැඩි පිළිතුරක් ලැබෙනු ඇතැයි ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි පැවැසුවේය.

අයතුල්ලා අල් කමේනි මෙම අදහස් පළකර සිටියේ 1979 වසරේදී ඉරාන ශිෂ්‍යයන් එරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අල්ලා ගැනීමේ 45 වැනි සංවත්සරයට ප්‍රථම ශිෂ්‍යයන් අමතමිනි.

1979 වසරේ නොවැම්බර් මස 4 වැනිදා ටෙහෙරානයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉරාන ශිෂ්‍යයන් යටත්කර ගත් අතර එම අවස්ථාවේදී තානාපති කාර්ය් මණ්ඩල සාමාජිකයන් 52 ක් දින 444 ක් පුරා රැඳවුම් බාරයේ තබා ගත්තේය.

ඊශ්‍රායලය පසුගියදා එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි ඉරානය ඇස්තමේන්තු කරමින් සිටින අවස්ථාවක ඉරාන අධ්‍යාත්මික නායකයා මෙම ප්‍රකාශය සිදුකළේය. ඊශ්‍රායලය පසුගිය 26 වැනිදා ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවේදී ඉරාන හමුදා සාමාජිකයෝ සිව් දෙනෙක්ද මිය ගියහ.

වර්තමානය වනවිට ඉරානය සහ ඊශ්‍රායලය එකට එක කරමින් එකිනෙකා වෙත තෝරා බේරා ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඒ හේතුවෙන් කලාපීය යුද්ධයක් ඇතිවීමේ අවදානම ඉහළ යමින් පවතින බවද යුද විශ්ලේෂකයෝ පවසති.

 



අදහස් (1)

ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Nimantha Monday, 04 November 2024 08:50 AM

වෛරය පලිගැනීම හිංසාව ආගම කර ගත්, ලේ ඉව පස්සෙ දඩ බල්ලන් පන්නන මෙවැනි දුර්ජනයෙකුට ආමන්ත්‍රණය කරන විට, ලංකාවේ ගෞරවාන්විත නික්ලේශී යෙදුමක් වන 'අධ්‍යාත්මික ' යන යෙදුම අවභාවිත වීමකි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site