IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉම්රාන් නිදහස් කරන්නැයි බල කෙරේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට බලකරමින් පාකිස්තාන තාරික් ඊ ඉන්සාෆ් සංවිධානය කර තිබූ රැළිය අවසානයේදී ආධාරකරුවන් ගල්මුල් වලින් පොලිසියට පහරදී ඇති බවත් ආධාරකරුවන් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුමින් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

සන්ග්ජානි ග්‍රාමයේ පැවැති රැළිය සඳහා දහස් සංඛ්‍යාත තාරික් ඊ ඉන්සාෆ් පක්ෂ ආධාරකරුවන් පිරිසක් සහභාගී වූ අතර රැළිය පැවැත්වීම සඳහා ලබාදුන් කාල සීමාව ඉක්මවමින් ආධාරකරුවන් රැඳී සිටීම හේතුවෙන් ඔවුන් විසුරුවා හැරීමට පාකිස්තාන පොලිසිය කඳුළු ගෑස් එල්ල කළේය. කඳුළු ගෑස් එල්ල කිරීමත් සමඟ ආධාරකරුවන් සහ පොලිසිය අතර ගැටුමක් ගත්තේය. ආධාරකරුවන්ගේ පහර කෑමට ලක්වෙමින් දිගින් දිගටම කඳුළු ගෑස් එල්ල කිරීමට පාකිස්තාන පොලිසිය ක්‍රියා කළේය.

ඉම්රාන් ඛාන් සති දෙකක් ඇතුළත නිදහස් නොකළහොත් පාකිස්තාන ජනතාව පැමිණ ඔහු නිදහස් කරගෙන රැගෙන යනු ඇති බවත් වාචිකව කරන මෙම බල කිරීම් ඉදිරියේදී ලේ වැගිරවිමක් දක්වා ඔඩු දුවනු ඇති බවත් එහිදී එම රැළියට පැමිණ සිටි ආධාරකරුවන් අමතමින් කයිබර් පක්තුන්ක්වා ප්‍රධාන අමාත්‍ය අලි අමින් ප්‍රකාශ කළේය.

වත්මන් රජය ඉම්රාන් ඛාන්ට එරෙහිව හමුදා අධිකරණයේ තවත් නඩුවක් ගොනු කිරීමට උත්සාහ කරන බවත් ඔහුට එරෙහිව තවත් නඩු ගොනු කිරීමට වත්මන් රජයට ඉඩ ලබාදිය නොහැකි බවත් අමාත්‍යවරයා එහිදී පැවැසුවේය.

ඊට සහභාගී වූ ඉම්රාන් ඛාන්ගේ නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියේ ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩු සියල්ලටම පහේ ඔහුට වාසිදායක වන අයුරින් තීන්දු ලැබී ඇති බවත් ඒ හේතුවෙන් පාකිස්තාන රජය ඔහුව නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවත්ය.එසේ නොවූහොත් පකිස්තාන ජනතාවට බන්ධනාගාරයට පැමිණ ඔහුව නිදහස් කරගැනීමට සිදුවනු ඇතැයි ඉම්රාන් ඛාන්ගේ නීතිඥවරු පැවැසූහ.

මෙම රැළියට තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායකයන් ඇතුළුව විශාල පිරිසක් සහභාගී වී සිටියහ. රැළිය පැවැත්වීම සඳහා පස්වරු 4 සිට 7 දක්වා කාලය ලබා දී තිබුණත් අධිකරණ නියෝග නොතකමින් එම වේලාවෙන් පසුවත් එම ස්ථානයේ රැඳී සිටීමට ආධාරකරුවන් උත්සාහ කිරීම හේතුවෙන් පොලිසියට මැදිහත් වීමට සිදුවූ බව ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ප්‍රකාශ කළහ.



අදහස් (0)

ඉම්රාන් නිදහස් කරන්නැයි බල කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site