(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)
නැගෙනහිර මුහුදේ ගිනිගත් ඉන්ධන නෞකාවේ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකි වූ බව ඉන්දීය වෙරලාරක්ෂක බලකාය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ඉන්දීය වෙරලාරක්ෂක හා නාවික හමුදාවේ නෞකා 6ක්, ශ්‍රී ලංකා නාවික හා වෙරලාරක්ෂක නෞකා 6ක්, ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා 4ක්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ටග් යාත්‍රා 2ක් මෙම මෙහෙයුමට දායකත්වය ලබාදී තිබේ.
ගින්න පාලනය කළපසුව එම තෙල් නෞකාව අයත් සමාගම විසින් එවා ඇති ටග් යාත්‍රාවක් මගින් මේ වනවිට තෙල් නෞකාව ඈත දියඹ මුහුදට ඇදගෙන යමින් පවතී.
නෞකාවේ ඇති බොරතෙල් මුහුදු තීරයට මිශ්‍රවීමේ අවදානමක් කිසිසේත්ම නැති බවත්, ගින්න නිවා දැමුවත් ගින්න හටගත් එන්ජින් කාමරයේ ඇති ඩීසල් අවසන් වන තෙක් දින කිහිපයක් කළු දුමාරය පිටවන බවත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (නැගෙනහිර) ටී. ශ්‍රීපති මහතා පැවසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඉන්ධන නෞකාවේ ගින්න මැඩපවත්වයි
චන්දිම Saturday, 05 September 2020 10:55 AM
ඔය නැව යකඩවලට විකුණුවා කියලා පත්තරේක තිබුණා. නැවේ තෙල් ලාබෙට ගන්න බැරිවෙන එකක් නැහැ උත්සාහ කළොත්...
gekko Saturday, 05 September 2020 11:29 AM
තාම ජයපැන් බොන්න හුඟක් වෙලා තියෙනවා. ඔය ගිහිගත්ත නැව යම්කිසි විදිහකින් බිඳ හැලුණොත්, ඒ නිසා මේ නැව අපේ මුහුදු තීරයෙන් පිටවෙලා ඇතුළු වෙනකම් අපට මේ අවදානම ගැන සැලකිලිමත වීමට සිදුවෙනවා...!!!