IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ

ඉන්දියාවේ ප්‍රමුඛත්වයක් දෙමින්, ඉන්දියාව සමීප මිතුරකු ලෙස සලකා, ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට පැමිණි මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු අවධාරණය කර ඇත.

ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමේ අරමුණින්, මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙයයි. 

මාලදිවයින ජනාධිපති මුයිසු උණුසුම් ලෙස පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය පියවර ගත්තේය. මුයිසුගේ බිරිද ද මෙම සංචාරයට එක් වී සිටින්නීය.

 

අද මාලදිවයින දැඩි ආර්ථික අර්බුදයකට ද මුහුණ පා සිටී. ඉන්දීය සංචාරකයන් මාලදිවයිනට පැමිණීම අඩු කර ඇතැයි ද පැවැසෙයි.

මාලදිවයිනේ විදේශ සංචිත ප්‍රමාණය මේ වනවිට ඇමෙරිකන් ඩොලර් 440 ක් දක්වා අඩු වී ඇත.

මේ සියලු කාරණා සලකා බලා, තම දැඩි චීන හිතවාදී  ප්‍රතිපත්ති වෙනස් කරමින්, ඉන්දියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට ජනාධිපති මුයිසු තීරණය කර ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉන්දීය සංචාරය සඳහා පිටත් වී යෑමට පෙර, ජනාධිපති මුයිසු, බීබීසී පුවත් සේවය හමුවේ අවධාරණය කළේ, ඉන්දියාව මාලදිවයිනේ මූල්‍ය ගැටලු හොඳින් අවබෝධ කරගෙන සිටින බවත්, මාලදිවයිනට ඉන්දීය සහාය අවශ්‍ය බවත්ය.



අදහස් (0)

ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site