IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


ඉන්දියාව මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරයි

සියවස් ගණනක් පැරණි මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය නව යෝජනාවක් සම්මත කරගත්තේය.

‘තලාක්’ යනුවෙන් අඛණ්ඩව තෙවරක් පැවැසීමෙන් මුස්ලිම් වැසියන්ට සිය බිරිඳ දික්කසාද කළ හැකි එම නීතිය අපරාධ වරදක් බවට පත් කරමින් එම පනත සම්මත කරගෙන තිබේ. 

‘තලාක්’ යනු අරාබි බසින් දික්කසාදය වන අතර වාර්ගික කරුණුවලට රජය මැදිහත් වීම සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දියාව තුළ විවාදයක් ඇතිවී තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පරිපාලනය හින්දු ජාතිකවාදී ස්වරූපයක් ගන්නා අතර ආගමික හා වාර්ගික කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැදිහත් වීම විවේචනයට ලක්ව තිබේ. 

ඉන්දීය පාර්ලිමේන්තුවේ දී සම්මතවූ මෙම යෝජනාව නීතියක් බවට පත්වීමට අවශ්‍යව ඇත්තේ එරට ජනාධිපතිවරයාගේ අත්සන පමණි.

ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය ද අදාළ යෝජනාව අනුමත කළ අතර ‘තලාක්’ යනුවෙන් පවසා බිරිඳ දික්කසාද කරන මුස්ලිම් පුරුෂයන්ට මින් ඉදිරියට නීතිය ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව එසේ කරන්නන් වසර තුනක සිර දඬුවමකට සහ දඩයකට යටත්වනු ඇත. 

‘තලාක්’ යනුවෙන් පවසා දික්කසාද කිරීම ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මීට වසර දෙකකට ඉහතදීය.

රොයිටර් ඇසුරිනි 

055



අදහස් (26)

ඉන්දියාව මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරයි

ravi Wednesday, 31 July 2019 04:02 PM

මම ශ්‍රී ලාංකිකයෙක්...! අපි ඉන්න තැනක.. අපි දන්නා හඳුනන කෙනෙකුට.. අපේ ගම් පළාතක. ලංකාවේ ක්‍රියාත්මක වෙන නීතිය හැර.. වෙනත් නීතියක් ක්‍රියාත්මක වුත් .... කලොත් , අපි ඔය ෂරියා කියන අයව අල්ලලා පණ පිටින් පුච්චලා දානවා..!!!

:       134       441

Kumara Thursday, 01 August 2019 05:21 AM

එසේ ඔබට නීතිය අතට ගැනීමට නොහැකි බව වටහා ගත යුතුයි. කරුණාකර ඔබේ ඔය මතය කුඩා ළමුන්ට හෝ ඔබේ පවුලේ අන් අයට ලබා නොදෙන්න. යහපත් රටකට හෝ සමාජයකට ඔබේ මතය ඉතාමත් භයානකයි. ඉන්දියාවේ කර තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රීය ක්‍රමයට එරට මුස්ලිම් දික්කසාද නීතිය වෙනස් කිරීමයි. ලංකාවේ තලාක් කියා මුවින් පවසා දික්කසාද වීමේ මුස්ලිම් නීතියක් නෑ. ලංකාවේත් මුස්ලිම් දික්කසාද නීතිය වෙනස් කිරීමට කටයුතු සිදුවෙනවා.

:       29       45

raviThursday, 01 August 2019 08:09 AM

සමහරවිට.. කොතැනක හරි ඔයා හරි වෙන්න පුළුවන්. එ්ත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කිසිදෙයක් සිද්ද වෙන්නේ නැහැ. එ්කට හේතුව තමයි අපේ රට පාලනය කරන අය.." ත්‍රස්තවාදීන්ගෙන් අල්ලස් ලබාගෙන ශ්‍රී ලංකාව.. ෂරියා රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට සහයෝගය දෙමින් සිටින නිසා." කරුණාකරලා මේ ඡේදය, ඔයා දන්නා හඳුනන අයටත්.., ඔයාගේ පවුලේ අයටත් කියවලා තේරුම් කරලා දෙන්න. ස්තුතියි...!

:       23       0

රජින්ද Wednesday, 31 July 2019 04:04 PM

මෙන්න මෙහෙම නායකයින්ටයි කොන්දක් තියෙන්නේ... ඒ ඇති අපේ රටවල් තාම ඡන්ද හිඟන්නෝ වෙලා සන්හරේම පාවාදෙමින් ඉන්නවා...!

:       5       248

Bamunuarachchi Wednesday, 31 July 2019 04:23 PM

අපි තලාක් කියලා සිය සැරයක් මේ ආණ්ඩුවට කියලා ඇති. දැන් බලා ඉන්නේ මොවුන් තොලොංචි වෙනකම්...

:       89       422

athuraThursday, 01 August 2019 02:48 PM

ඇයි ඉතින් බමුණා ඕක මහින්ද මහත්මය අවුරුදු දහයක් ඉන්නකොට කරගන්න බැරිවුණාද.

:       0       0

athuraFriday, 02 August 2019 04:32 AM

අයි බමුණා.., පහුගිය ආණ්ඩුව අවුරුදු දහයක්ම තිබ්බේ.. ඒ කාලේ කරගන්න බැරි වුණාද?

:       0       0

BamunuarachchiSaturday, 03 August 2019 12:02 PM

හලෝ ගිය ආණ්ඩුව ඊට කලින් ආණ්ඩුවලට අවුරුදු 25ක් විසඳාගන්න බැරුව සිටි ප්‍රශ්න විසඳා ගත්තා විතරයි. ඉතින් ගිය ආණ්ඩුවට බැරි වුණුදෙවල් මුන් කරලා මොවුන්ටත් පුරුෂ ශක්තිය තිබෙනවා පෙන්වන්න කියන්න. ඇයි ලැජ්ජයිද කියන්න...

:       0       0

Aris Wednesday, 31 July 2019 04:25 PM

අපේ රටේ යෝජනා වුණා පමණයි. ඉන්දියාවේ සම්මත වෙලත් ඉවරයි. අපි බලාගෙන ඉන්නේ කවද්ද අපේ රටේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය අහෝසි කර හැමෝටම පොදු එක නීතියක් ඇති කරන්නේ කියලා.

:       12       190

Aris Wednesday, 31 July 2019 04:25 PM

අපේ රටේ යෝජනා වුණා පමණයි. ඉන්දියාවේ සම්මත වෙලත් ඉවරයි. අපි බලාගෙන ඉන්නේ කවදද අපේ රටේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය අහෝසිකොට හැමෝටම පොදු එක නීතියක් ඇති කරන්නේ කියලා...

:       24       316

RaveendraWednesday, 31 July 2019 04:59 PM

ඒ ඉන්දියාවනේ. මේ ශ්‍රී ලංකාවනේ... මෙහෙ ඉන්නේ දේශයපාලුකරන දේශපාලුවන් 225 ක් විතරයි. ඔවුන්ට කියන අනිත් නම තමයි හැලි වඳුරන් 225ක්... ඔවුන් බලන්නේ හිවල්ලුන්ගේ ඡන්ද හිඟාකාලා කෙසේ හෝ බලයේ සිටීම... එ් නිසා " හිවලුන්ට " ඕන ඕන විදියට " හැලි වඳුරන් නානතුවා ඇඳගෙන ගෝල්ෆේස් එකේ ඔලුවෙන් හිටගෙන ඉන්නේ...

:       21       231

gamarala Wednesday, 31 July 2019 04:55 PM

කොතැනකින් හෝ නීතිය පටන් ගත යුතුයිනේ...

:       0       145

Nana Wednesday, 31 July 2019 05:06 PM

මුස්ලිම් කාන්තාවන් බේරා ගන්න ඉදිරිපත් වෙන්නේ වෙනත් ආගමිකයින්... මුස්ලිම් පිරිමින් අතර මිනිසුන් නැත්ද?

:       4       172

Real nanaThursday, 01 August 2019 04:10 AM

ඔබට ආගමේ ඇති දේ ගැන කිසිම දැනුමක් නැතුව කතා නොකරන්නේ. ඉස්ලාම් ආගමේ, මෙකේ කියලා තියන විදිහට කිව්ව ගමන් දික්කසාද හම්බවෙන්නේ නැහැ.. ආගමෙනුත් බලන්නේ පුළුවන් තරම් දෙන්නවම එකතු කරන්නයි. ඇත්තටම බැලුවොත් පොදු නීතිය යටතේ දික්කසාද වෙනවට වඩා අමාරුයි ෂරියා නීතියෙන් දික්කසාද වෙනඑක..

:       15       0

ලුම්බිණි Thursday, 01 August 2019 01:25 AM

ලංකාව මේ ක්‍රමය අනුගමනය කල යුතුයි.

:       0       0

රවින් Thursday, 01 August 2019 02:20 AM

මෙම " තලාක් " නිතිය ස්ත්‍රී පක්ෂයටත් සමාන කලානම් ඉවරයි. හැබැයි එකම වෙනස පුරුෂයා ජීවත්ව සිටිනතාක් කල් තම ආදායමින් 75% හෝ ඊට වැඩි ප්‍රමාණයක් බිරිඳ හා දරුවන් වෙනුවෙන් ලබාදියයුතුය.

:       0       0

rohana Thursday, 01 August 2019 03:34 AM

බමුණට යන්නේ කොහෙද මල්ලේ පොල්...

:       1       2

Uditha - London Thursday, 01 August 2019 04:03 AM

මුස්ලිම් විවාහ නීතිය තහනම් කරනවා තියා අපේ රටේ තවම බුර්කාව තහනම් කර ගන්න බැරි වුන රටක්නේ.. තව මොන කතාද ඉතින්... කාදිනල් තුමා කියනවා වගේ කොන්දක් තියන මිනිස්සු රටකට ඕන..

:       0       0

rihan Thursday, 01 August 2019 04:13 AM

සියලුම කෙරුවාවල් අවසාන දිනයෙහි තේරෙයි.

:       60       0

මහනුවර අක්‍රම්Thursday, 01 August 2019 10:21 AM

ඔය ළිඳෙන් එළියට වරෙන් දැන්වත්..!

:       0       0

Sugath Thursday, 01 August 2019 04:14 AM

මෙන්න නියම නායකයින්... අපේ රටේ ඉන්නේ නපුංසකයින් ටික තමයි දේශපාලන නායකයින්... මොවුන්ම තමයි ඡන්ද හිඟන්නන්. සල්ලි දුන්නොත් ඕනෑම දෙයක් කරයි. මුස්ලිම් නායකයන් එ්ක ගැන දැනගෙන මොවුන්ට පගාවදෙනවා...

:       0       15

de silva Thursday, 01 August 2019 05:19 AM

කරුණාකර අපේ රටේ පුරවැසියන් සියලුදෙනාටම එකම නීතියක් ගෙන එන්න.

:       0       31

nisar Thursday, 01 August 2019 06:11 AM

මේ තහනම දික්කසාද කරන එක ක්‍රමයක් හැරෙන්නට මුස්ලිම් නීතියවත්, නිකාබයවත් නොවේ.

:       0       1

karu Thursday, 01 August 2019 06:14 AM

අපේ රටේ ව්‍යවස්ථාවෙන්ම කියනවා ආගම, පාට, ගැහැණු, පිරිමි බව අනුව කිසි කෙනෙකුට වෙනස් විදියට සළකන්න බැහැ. නීතිය ඉදිරියේ හැමෝම එකයි කියලා. නමුත් මේ පුංචි රටෙත් දික්කසාද නීතිය ගත්තොත් උඩරට අයට එකක්. මුස්ලිම් අයට තව එකක්. පහත රට නීතිය... ඒ කියන්නේ සාමාන්‍ය නීතිය යටතේ විවාහ වුණු අයට තව එකක්. උඩරට නීතිය අනුව උසාවියකට නොගිහින්ම දික්කසාද වෙනන් පුළුවන්. පහත රට නීතිය යටතේ දික්කසාදයක් ගන්න හරිම අමාරුයි. තවම තියෙන්නේ ක්‍රිස්තු පූර්ව ගණන් වල රෝම, ලන්දේසි නීතිය. අද ලන්දේසීන්වත් ඒ නීති අද අනුගමනය කරන්නේ නැහැ දික්කසාද වෙන්න...

:       0       10

Rizwan Thursday, 01 August 2019 06:35 AM

අනිවාර්යයෙන්ම මේ නීතිය ලංකාවෙන් තුරන් වෙන්න ඕනේ. අසරණ ගැහැණු ගොඩක් දුක් විඳිනවා මේ නිසා...

:       0       5

[email protected] Thursday, 01 August 2019 08:11 AM

ඉන්දියාවේ මුස්ලිම් කසාද නීතිය තහනම් කරන කොට පාකිස්ථානය හින්දූන් සඳහා වෙනම කසාද නීතියක් හින්දූන්ගේ ඔවුන්ගේ ආගමට අනුව විසඳාගත යුතු බව ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් පහුගිය මාසයේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා... ඉදිරි දැක්මක් ඇති නායකයන් සහ සුළු ජන කොටස්වලට ගරු කරන නායකයන්...

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 84 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site