IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දියාවේ ගවයන්ට ගිලන් රථ

හදිසි රෝගාබාධයන්ට ලක්වන ගවයන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමට, ගවයන් සඳහාම වෙන්වුණු විශේෂ ගිලන්රථ සේවයක් හඳුන්වාදීමට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය සහ ප්‍රාන්ත කෘෂිකර්ම අමත්‍යාංශය පියවර ගෙන ඇත.

ගවයන් සඳහා වෙන් කළ විශේෂ ගිලන් රථ සේවාව පිළිබඳ දැනුවත් කරමින් පැවැති මාධ්‍ය හමුවේ දී, ප්‍රාන්ත කෘෂි කර්ම අමාත්‍ය ලක්ෂ්මි නාරායන් චෞද්‍රි පැහැදිලි කළේ ගිලන් රථ සේවය සඳහා 112 හදිසි අංකය ක්‍රියාත්මක වනු ඇති බවත්, පශු වෛද්‍යවරුන්ගෙන් සහ සහායකයන් සමන්විත ගිලන් රථ 515 ක් ගවයන්ට ප්‍රතිකාර කිරීමට සූදානමින් තබා ඇති බවත්ය. මාධ්‍ය හමුව පැවැත් වූයේ මතුරා නුවරදීය‍.

රෝගී වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ගවයන් කඩිනමින් රෝහල් වෙත ගෙන යෑමට වෙනම ලොරි සහ ට්‍රැක්ටර් සූදානම් කර ඇතැයි ද අමාත්‍යවරයා පැහැදිලි කර ඇත. 112 අංකය ඇමැතූ විට පශු වෛද්‍යවරයකු සහ සහායකයකු කඩිනමින් අදාල ස්ථානයට පැමිණෙනු ඇතැයි ද මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

ගිලන් රථ යැයි කී සැණින් සිහියට නැගෙන්නේ නළාව හඩවමින් එන වෑන් රථ වුවත්, ගවයන් සඳහා වෙන් වුණු ගිලන් රථ සේවාවට යතුරු පැදි පවා භාවිත කරනු ඇතැයි අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ඉන්දියානුවන් ගවයා දේවත්වයෙන් සලකයි. උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත වැසියෝ ගවයන්ට නිරන්තරයෙන් පුද පූජා පවත්වති. ඉන්දියානුවන් (විශේෂයෙන් උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ) ගව මස් ආහාරයට ගන්නේ නැත. ගවයන් ඇති කරන්නේ කිරි සහ ගොම සඳහාය.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු අන්තවාදීන් සහ මුස්ලිම්වරුන් අතර ගැටුම් වාර්තා වන්නේ ද ගවයන් මුල්කොට ගනිමිනි. ගව මස් විකුණනවා යැයි චෝදනා ලබන මුස්ලිම් වැසියන්ට අන්තවාදී හින්දු වැසියන්ගෙන් කිසිදු සමාවක් නොලැබෙයි. ගවමස් ළඟ තබා ගන්නා සහ ඒවා විකුණන මුස්ලිම්වැසිටයන් පහර දී ඝාතනය කිරීමට පවා උත්තර ප්‍රදේශ් හින්දුවරුන් පසුබට නොවන බව ද මාධ්‍ය වාර්තා පවසයි.

උත්තර ප්‍රදේශ් මහ ඇමැති යෝගි අධිත්‍යනාත් ප්‍රමුඛ රජය ප්‍රාන්තයේ ගවයන් වෙනුවෙන් විශේස වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නංවා ඇත. නිදැල්ලේ සිටින ගවයන්ට නවාතැන් ගැනීමට ගවයන් ගැවසෙන ප්‍රදේශවල තහඩුවලින් විශේෂ නවාතැන් පවා අවටා ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (14)

ඉන්දියාවේ ගවයන්ට ගිලන් රථ

Always breakdown Monday, 15 November 2021 06:22 PM

69 ලක්ෂයටත් මේ සේවාව සපයන්න.

:       59       40

Hafeel Tuesday, 16 November 2021 05:16 AM

අපි 69 ලක්ෂයට දොස් පවරන්න එක දැන්වත් නවත්තමු. මොකද්ද 69 ලක්ෂයේ බහුතරය බලාපොරුත්තු නොවූ දේවල් තමයි දැන් සිදු වෙන්නේ. ඡන්ද කාලේ රටට පෙන්නුවේ, කිව්වේ පට්ටපල් බොරු ටික. දැන් ඔවුන් ඔවුන්ගේ නඩු සේරමින් නිදොස්කොට නිදහස් කරනවා. තවද බහුතර 69 ලක්ෂය දැනටමත් තීරණය අරන් අවසන්. මේ හොරු දෙගොල්ලම ප්‍රතික්ෂේප කරමින් නිවැරැදි තීන්දුවක් ගතයුතුයි.

:       0       0

RanjaTuesday, 16 November 2021 09:23 AM

69 ලක්ෂය නැත්නම් රුපියල් මිලියන 8500 ක් තාමත් ජඩපාලන සාක්කුවේ.

:       0       0

BamunuarachchiWednesday, 17 November 2021 02:56 PM

ඔය සතාගේ සේවාවෙන් තමයි ඔයා ලොකු මහත් උනේ? අවරුදු ගානක් බිව්වේ ඔය සතාගේ කිරි. එළකිරි බීලා හැදිලා පොල්කිරි වලට ආවඩන්නේ එපා.

:       0       0

Bamunuarachchi Monday, 15 November 2021 06:31 PM

මිනිස්සු අසාධ්‍ය ළමයි කර තියාගෙන පාරේ දුවනවා. මේ ගොල්ලෝ හරකුන්ට ගිලන්රථ වෙන් කරනවා. ඉන්දියාවට මිනිසුන්ට වැඩිය හරකුන් වටිනවා.

:       12       26

Lalith M Tuesday, 16 November 2021 06:50 AM

ඉතින් අපි 225ක් සහ තව කෙනෙක් රකින්න මීට වඩා කොතරම් දේ කරනවාද. හොඳම සත්ව රෝහල මෙහි ගොඩනැගීම වඩාත්ම හොඳයි.

:       0       0

naushiTuesday, 16 November 2021 12:45 PM

අපෙයි 69 ලක්ෂයත් ඔහොම තමයි ,හරියට සැප විඳිනවා දැන්

:       0       0

BamunuarachchiWednesday, 17 November 2021 08:30 AM

අපි සැප විඳිනවා. ඔයාලා වගේ කාගේවත් බදු සල්ලි වලින් කන්නේ නැහැ.

:       0       0

wahaldeepe Monday, 15 November 2021 06:41 PM

ඕවා මොනවද අපේ දියවන්නාවේ අයටත් තියෙනවනේ...!!! 

:       9       26

chandima Monday, 15 November 2021 07:04 PM

අපේ පාර්ලිමේන්තුවටත් දෙකක් එවන්න බැරිද?

:       11       27

බද්රානි Monday, 15 November 2021 07:24 PM

අපේ ලංකාවේ වුනේ නම් ඕකේ අනෙක් පැත්ත. "ගොමා" නමින් හඳුන්වන ගවයින් කල්ලියක් ඉන්දියාවේ ගිලන් රථ සේවයට බොහෝසෙයින් විරුද්ධ වුණා. ලංකාවේ මී හරක් පවා ඒක විශ්වාස කළා. දැන් නම් ඉතින් මී හරක් පවා ඔය කියන ගිලන් රථ සේවයෙන් උපරිම ප්‍රයෝජන ලබනවා. ඒ වුණාට ඉතින් මට නම් හිතෙන්නේ, ඉන්දියාවේ පූජනීය ගවයින් ලංකාවේ මී හරක්ට වඩා ගොඩක් බුද්ධිමත්. ලංකාවේ පිනටම කන ගව රැලක් ඉන්නවා. එවුන්ගෙන් කිරි නම් නැහැ පොහොර පමණයි. මේ රටට ලැබෙන්නේ. ඒවත් බැර ලෝහ අඩංගු පොහොර සතේකට වැඩක් නැහැ...

:       52       36

ගමේ එකාලා Monday, 15 November 2021 08:47 PM

අපේ රටෙත් ඔය වගේ ගවයින් රෑනක්ම ඉන්නවා...

:       6       20

Rakitha Tuesday, 16 November 2021 10:29 AM

ඉන්දියාව වගේ ගොන්නු ඉන්න රටක් ලෝකෙ කොහේවත් නැතිව ඇති. අහිංසක ළමයි දුක්විඳින හැටි දැක්කාම දුක හිතෙනවා ලංකාවට එව්වෙත් මේ වගේ හරක් ගෙනියන ගිලන් රථ වෙන්න ඇති. ටොයියො ටික කොහොමත් හරක්නේ...

:       0       0

අමිල සිං Tuesday, 16 November 2021 01:58 PM

ඕවා මොනවද... මෙහෙ හරක් ලෙඩ උනාම ප්ලේන් වල නග්ගලා සිංගප්පුරු ගිහින් ලෙඩ හොද කරන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site