IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉන්දියාවේ අඬෝවැඩියාව ගැන රජයේ අවධානය

 

යාපනය අර්ධද්වීපයෙන් පිටත දූපත් වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ටෙන්ඩරයක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කර ඇති ඉන්දියාවේ ගැටළු පිළිබඳව ශ්‍රී ලංකා රජයද සැලකිල්ල යොමුකර තිබේ. යාපනයේ අර්ධද්වීපයට ඔබ්බෙන් වූ දූපත් තුනක ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳව ඉන්දියාව කරුණු ඉදිරිපත් කර ඇති බව සම-කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද තහවුරු කළේය.

“අපි මේ කාරණාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටිනව. ඒ විතරක් නෙමේ අපි ඒ ගැන විස්තරාත්මකව සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා” යැයි අමාත්‍ය රඹුක්වැල්ල මහතා කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවට පසුව පැවසීය.

ශ්‍රී ලංකාවට අයත් ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලයිතිව් යන දූපත්වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තදබල විරෝධය පළ කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය ඉරිදා වාර්තා කළේය.

ඉන්දියාවේ විරෝධතාව වූයේ එවැනි පියවරක් ගතහොත් එය ආරක්ක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතුකරන්නක් විය හැකි බවයි. ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් වෙන් කෙරෙන පෝක් සමුද්‍ර සන්ධිය ආසන්නයේ මෙම දූපත් පිහිටා තිබේ. ඩෙල්ෆ්ට් දූපත පිහිටා ඇත්තේ ඉන්දියානු වෙරළබඩ නගරයක් වන රාමේෂ්වරම් සිට කිලෝමීටර් 48 ක් මෑතිනි.

බලශක්ති ව්‍යාපෘතියේ දේශීය හවුල්කරුවා වන ලංකා විදුලිබල මණ්ඩලය චීනයේ එටෙක්වින් සමාගම සමඟ හවුල් ව්‍යාපාරයක් සඳහා ඉඩම් හඳුනා ගැනීමෙන් ව්‍යාපෘතියට අදාළ කරුණු අවසන් කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් ලැබෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙනි.

ඇමරිකානු ඩොලර් මිලියන 12 ක ව්‍යාපෘතියක් වන මෙය චීනයේ එම්.එස්. / සිනොසාර්-එටෙක්වින් හවුල් ව්‍යාපාරයට ප්‍රදානය කර තිබේ. චීන සමාගමට මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීම නිර්දේශ කරනු ලැබුවේ ප්‍රසම්පාදනය පිළිබඳ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර කමිටුව විසිනි.

 

- ටයිම්ස් ඔන්ලයින් අනුග්‍රහයෙනි

 

සබැදි

චීනයට ටෙන්ඩරය දීම ගැන ඉන්දියාව පුප්පයි

 



අදහස් (5)

ඉන්දියාවේ අඬෝවැඩියාව ගැන රජයේ අවධානය

බණ්ඩා Tuesday, 09 February 2021 01:02 PM

මොනවද තවත් අවධානය යොමු කරන්නේ? ගිහින් කියන්න මේ අයට කරේ නැතුව ඕක කළොත් අනිවාර්යයෙන්ම ගහනවා. ඉල්ලගෙන කනවා. වෙන මොනවත් වෙන්නෑ.

:       1       11

chandima Tuesday, 09 February 2021 04:54 PM

මේ ගොල්ලෝ උත්සාහ කරන්නේ ලංකාව බිල්ලට ගන්න. ටික ටික ලංකාවේ ව්‍යාපර අයිති කරගන්න. පාස්කු ප්‍රහාරය පිටිපස්සෙත් මේ ගොල්ලෝ ඉන්නවා කියනවා නේද? එහෙම වෙන්න හොඳටම ඉඩ තියෙනවා. මේ රජය පෙරළලා අරයාව බලයට එන්න උදව් කළා නම් අපේ රට නිකම්ම බූදල් කරගන්න ලැබෙන නිසා.

:       0       0

විජිත් Tuesday, 09 February 2021 10:50 PM

මට හරි ප්‍රශ්නයක් තියෙනවා, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වෙලා සති 2න් චීන්නුන් හෙලිකොප්ටර් එකකින් ඩෙල්ෆ් දුපතට ගියේ ඇයි..? මට ආරංචි විදිහට ලොක්කා බලයට එන්නටත් කලින් චීනා එක්ක ගිවිසුම් ගහලා වගෙයි.

:       0       0

Prasad Wednesday, 10 February 2021 01:32 AM

සහෝදර සමාගම් හිතන්නේ වහල්ලු රවටනවා වගේ ලෝකෙත් රවටන්න පුළුවන් කියලා...

:       0       0

Bishan Wednesday, 10 February 2021 05:00 AM

කෝ අර වහල් බමුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site