IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව රැස් වෙයි

(අංජුල මහික වීරරත්න)

ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේදී  රැස් විය.
පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ පැන නැඟී ඇති  ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් මෙම කමිටුව කටයුතු කරනු ලබයි.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු ක්‍රමානුකූලව නිරාකරණය කර ගනිමින් එය යළි නඟාසිටුවීමට කටයුතු කළ යුතු බව සාගල රත්නායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය. 

ඉදිකිරීම් පුනර්ජීවන කමිටුව යටතේ ස්ථාපිත කිරීමට යෝජිත විධායක කමිටුව මගින්  ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි පණ ගැන්විය යුතු බව ද සාගල රත්නායක මහතා  පෙන්වා දුන්නේය.

එම විධායක කමිටුව, ජනාධිපති  කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංවර්ධන  පරිපාලන ආයතනය (SLIDA), වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන්ගෙන් හා පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගෙන් සමන්විතව  පිහිටුවීමට ද මෙහිදී යෝජනා විය.



අදහස් (1)

ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව රැස් වෙයි

කරුණාජීව Thursday, 16 February 2023 11:43 AM

.. සිමෙන්ති, වානේ කම්බි, ටයිල් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ද්‍රව්‍යයන්ගේ මිල අඩුකරන්න වැඩ පිලිවෙලක් රජය හැදුවා නම් ඔය බයිලා වැඩක් නැහැ.. ක්ෂේත්‍රයේ අය දන්නවා කොහොමද වැඩ කල යුත්තේ කියා.,. මෙයාලගේ උපදෙස් පිළිපැද්දොත් රට වගේම කර්මාන්තයත් වැටුන තැනින් තවත් වැටෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site