IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉතාලි මව පුතා සිහිකර ගෙවල් දන් දෙයි

ඉතාලියේ මිලානෝ නුවර බෞසාන් හි ජීවත් වන මේරි දීප්ත ප්‍රනාන්දු මහත්මිය, ඉතා දිළිඳු පවුල් සදහා නිවාස තනා දීමේ ව්‍යපෘතියක නිරත වෙමින් සිටින්නීය.

 එහි පළමු නිවස අද කටුනේරිය ගල් පඳුරු ප්‍රදේශයේ ඇදුම රෝගයෙන් පෙළෙන දරුවන් තුන් දෙනෙකුගෙන්  යුත් පවුලකට පිරිනැමුවාය.

ඇය විසින් නැහැවුණූ තවත් නව නිවසක් දෙමටපිටියේ අසරණ පවුලකට ඉදිරි සතියේදීත් භාර දීමට නියමිතය.

 දඹුල්ලේ නිවුන් දරුවන්ගේ  පවුලේ තොරතුරු සොයා බලා ඔවුන්ටද නිවසක් තනා දීමට, ඇය ඉදිරි දින කීපයේදි එහි යාමට සූදානමින් සිටින්නීය, ලබන වසර කටුනේරිය ප්‍රදේශයේදී තෝරාගත් තවත් අසරණ පවුලකට නව නිවසක් තනාදීමට ඇය සූදානමින්  සිටින්නීය. ඊට අමතරව ඉගෙනීමට දක්‍ෂ පස් දෙනෙකුටද ඇය ශිෂත්ව ප්‍රධානය කරයි.

අකාලයේ මිය ගිය තම පුත් අසිත සුජාන් පීරීස් (22) නමින් ඇය මේ පින්කම කරන්නීය.

 



අදහස් (0)

ඉතාලි මව පුතා සිහිකර ගෙවල් දන් දෙයි

සිසර මාතර Friday, 20 December 2013 07:58 AM

ඔබේ පුතාට නිවන් සුව අත්වේවා! (නදී)

:       0       0

තරිඳු රුක්ෂාන් Thursday, 19 December 2013 04:47 PM

එම තරුණයට නිවන් සුව ලැබේවා(දිල්)

:       0       0

කනිෂ්ක සිඩ්නි නගරය Thursday, 19 December 2013 04:55 PM

විදේශවල සිටින ශ්‍රී ලාංකිකයින් මේ දේවල් කරනවා ඇසීමත් සතුටකි. වැඩි හරියක් ආත්මාර්ථකාමීන් අතර ඔබ විශාඛාවකි! ඔබ මෙහි සිටින අපටත් ආදර්ශයකි. (අ)

:       0       0

ඉන්දික Thursday, 19 December 2013 04:57 PM

පින්වන්ත අම්ම කෙනෙක් (අ)

:       0       0

දුෂාන්ත Friday, 20 December 2013 01:12 PM

ගොඩක් හොඳ වැඩක්. අපිත් කැමති උදව් කරන්න... (ස)

:       0       0

රණසිංහ Thursday, 19 December 2013 05:15 PM

සාධු!!! සාධු!!! සාධු!!! (අ)

:       0       0

විරාජ් Thursday, 19 December 2013 05:45 PM

දුන් දේ සුවදයි නොදුන් දේ ගදයි ඔබට මේ දේවල් කරන්න ශක්තිය දහිරිය ලබේවා බුදු සරණයි (දිල්)

:       0       0

විශාන්ත Friday, 20 December 2013 01:26 PM

මම දන්නා කියන 04 දෙනෙක් ඉන්නවා. 04 දෙනාම හැදුනේ අනාත නිවාසෙක. එයාලට ඉන්න ගෙයක් නැහැ. බෝඩිම්වලයි ඉන්නේ. ලොකු පිනක් එයාලට මේ වගේ ගෙයක් හදල දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා නම්. සම්පුර්ණ විස්තර මට දෙන්න පුළුවන්. (නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Thursday, 19 December 2013 06:18 PM

මෙ පින් බලයෙන් ඔබට නිර්වාණය අවබෝධ වේවා! සාධු සිතින් අපද , සිත් පහදවා ගෙන ඔබ කළ කුසල් අනුමෝදන් වන්නෙමු.(දිල්)

:       0       0

කොටගම Thursday, 19 December 2013 06:24 PM

ඔබ තුමියගේ පුතුට මොක්සුව ඔබටත් සෙතක් වේවා (දිල්)

:       0       0

මලිනි Friday, 20 December 2013 01:51 PM

ඔබ කරන්නේ පුතාට විතරක් නෙමෙයි ඔබටත් උපදින ආත්මයක් ගානේ ප්‍රතිඵල ලබා ගත හැකි පුණ්‍යකර්මයක්. (අ)

:       0       0

සරත් Thursday, 19 December 2013 06:40 PM

‘තෙරව සසර සයුරෙන් තොප නොල සා තිරව ලබන මොක් සිරි සැප සක සා තොරව පවින් නිතරම මුනි බණ සා කරන කුසල් වීරිය පසු නොබැ සා‘ (දිල්)

:       0       0

අසෝකා Thursday, 19 December 2013 06:44 PM

සතුටුයි මේ වගේ දේවල් අහන්නත්! නුඹ මේ කරගන්නේ සැබෑම පින් වැඩක්! නිරෝගිව දිගුකල් ජිවත්වේවා!(දිල්)

:       0       0

දිසානායක Thursday, 19 December 2013 06:45 PM

අසිත සුජාන් පීරීස් තරුණ මහතාට නිවන් සැප ලැබේවා! (නදී)

:       0       0

සන්ධ්‍යා Thursday, 19 December 2013 07:15 PM

ඔබ තුමාට ශක්තිය දහිරිය ලැබේවා! (නදී)

:       0       0

පාලි-කටාර් Thursday, 19 December 2013 07:17 PM

ඔබේ හදවතට දැනෙන සතුටම ඇති ඔබට තවත් පින් කරන්නට වාසනාව ලැබේවා! (නදී)

:       0       0

වසන්ත Thursday, 19 December 2013 07:18 PM

ඉතාලියේ ඉන්න දකුනේ මිනිස්සුන්ට ඕවා කරන්න වෙලාවක් නම් නැහැ. හිතේ නම් තියෙනවා.(නදී)

:       0       0

සෑම් Thursday, 19 December 2013 07:21 PM

හරිම සතුටුයි අහන්න. මමත් පුළුවන් තරම් අපේ අයට උදව් කරනවා. මේ තරම් කරන්න පිනක් නැහැ තාම.(නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 19 December 2013 07:25 PM

මේරි නෝනගේ ක්‍රියාව පසසන අතර එම පුතු සාමදානයේ සැතපේවා! (නදී)

:       0       0

සුරංග නොවර.. Thursday, 19 December 2013 07:26 PM

සතුටුයි මේ වගේ දේවල් අහන්නත්. නුඹ මේ කරගන්නේ සැබෑම පින් වැඩක්.(නදී)

:       0       0

කොස්වත්ත Friday, 20 December 2013 03:22 PM

හොද ආදර්ශයක්!! ඔබ තුමියගේ පුතුට මොක්සුව ඔබටත් සෙතක් වේවා (අ)

:       0       0

සුරංග නොවර Thursday, 19 December 2013 07:37 PM

සතුටුයි මේ වගේ දේවල් අහන්නත්. නුඹ මේ කරගන්නේ සැබෑම පින් වැඩක්.(නදී)

:       0       0

පතිරණ කපිල Friday, 20 December 2013 03:31 PM

මේවා ජාති ජාති පින් ලැබෙන වැඩ. අම්මේ ඔබගේ පුතාටත් අමා මහ නිවන් සුව ලැබේවා. (ස)

:       0       0

ගුණේ Thursday, 19 December 2013 07:39 PM

සාමයේ නත්තලේ යහපත් ක්‍රියාවක්. මේරි දීප්ති ප්‍රනාන්දු මවුනි ඔබගේ අසිත සුජාන් පිරිස් පුතුට මොක්සුව අත්වේවා! ඔබටද ජේසු පිහිටයි. (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Thursday, 19 December 2013 08:02 PM

මේ වගේ පුවත් වලට වෙන්නප්පුවෙද කියලා අහන අය කෝ? (නදී)

:       0       0

බන්ටු - වෙනිස් Friday, 20 December 2013 04:27 PM

ලෙස්ලි මහතා ඔබ හරි, මෙවැනි පින් අතේ වැඩ කරන සියළුම උදවියට තව තවත් ශක්තිය ලැබේවා. (ස)

:       0       0

මහේශ් තිසේරා Thursday, 19 December 2013 09:19 PM

සහතික ඇත්ත ලෙස්ලි අයියේ.(නදී)

:       0       0

පාරා Thursday, 19 December 2013 09:21 PM

බොහොම හොද පිනක්, යන කොට ගෙනියන්නේ හොද විතරයි. කව්රුත් මෙය අවවාදයකට, ආදර්ශයකට ගන්න. නෝනා අපි ඔබට ආශිර්වාද කරමු.(නදී)

:       0       0

මහේෂ් තිසේරා Thursday, 19 December 2013 09:44 PM

ඒක නම් සහතික ඇත්ත ලෙස්ලි අයියේ.(නදී)

:       0       0

කෙවිනි Thursday, 19 December 2013 10:19 PM

ඔබට පින් ලැබේවා. (අ)

:       0       0

සලීම් Friday, 20 December 2013 12:05 AM

හිසට සෙවණක් සාදා දීම දරුවට වගේම මවටත් පිනක් (අ)

:       0       0

ටෙනිසන් Friday, 20 December 2013 12:56 AM

ඔබේ මියගිය පුතුට මොක්සුව පතන අතර ඔබට වැඩි වැඩියෙන් ලැබී දිගුකලක් මෙම සේවය කෙරීමට දීර්ගයුස පතමු (අ)

:       0       0

රන්ජනී Friday, 20 December 2013 01:43 AM

හරිම වටිනා පිනක්..,අකාලයේ මිය ගිය පුතා වෙනුවෙන් කරන්න තියන ලොකුම පින ඔබතුමිය කරන්නේ....,මේ පින් බලයෙන් මිය ගිය පුතාට නිවන් සම්පත් ප්‍රර්ථනා!....., කරන අතර ඔබතුමියට තව තවත් ශක්තිය දහිර්ය ලැබේවා! (අ)

:       0       0

සුජීව‍ෙ Friday, 20 December 2013 03:29 AM

ශ්‍රී ලංකික අපට ඔබ තුමිය,මහත් වාසනාවක්, අපේ රටේ අසීමිත දනය සොයන ධානපතියන්ට හොදම ආදර්ශයක්, තවත් මිලානෝ වල විමල් නමින් හදුන්වන මහතෙක් නිහඩව, පසුගිය අවුරුදු කීපය තුල,පවුලේ දු පුතුන් සමගින් ශ්‍රී ලංකික අසරණ වුන රෝගී ළමුන්ට මහත් උපකාර කරමින්සිටි,ශ්‍රී ලංකික අප වෙනුවෙන් ඔබලා කරන මේ උපකාර වලට, ඔබ දෙපලට ජය හා සතුට සමගින් නිදුක් නිරෝගී සුවය ලැබේවා !(අ)

:       0       0

ජ. තිසර Friday, 20 December 2013 04:03 AM

මත්තේ අකළ් මරණින් පුතු ගැලවීම.. වත්තේ ගෙවල් සාදා පිං කරදීම.. ඇත්තේ උදව් කර හැකි සැම අයුරින්ම.. නැත්තේ මෙවැනි මව් තුමෝ දැක සැබවින්ම (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site