IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉතාලියේ හෙළ මියැසි ගී රාවය

ඉතාලියේ  වෙරෝනා නුවර  පදිංචි ශ්‍රී ලාංකිකයින්  විසින් සංවිධානය කැරුණු හෙළ මියැසි ගී රාවය සංගීත  ප්‍රසංගය ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක ආචාර්ය රෝහණ වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්   ඉතාලියේ නෙආත්‍රෝ  ස්තිමතෝ ශාලාවේදී  සාර්ථකව පැවැත්විණි.

වෙරෝනා මහා විහාරයේ  විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමි, වෙරෝනා ශ්‍රී ලාංකික කිතුනු සභාව බාර ඇන්ටන් රංජිත් පියතුමා, ඉතාලි ශ්‍රී ලාංකා තානාපති නාවලගේ  බෙනට් කුරේ සහ එම මහත්මියඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ අමාත්‍ය උපදේශීකා රාණි බුලත්වෙල මහත්මිය ද ආරාධිතයෝ වූහ.

වෙරෝනා නුවර පදිංචි ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගෙන්  සමන්විත නෙවර් බැක් සංගීත  කණ්ඩායම දේශීය සංගීතයෙන් ප්‍රසංගය සංගීතවත් කළ අතර ශ්‍රී ලාංකික දරු දැරියෝ  එහිදී සාස්ත්‍රීය ගී ගැයූහ.

 දවුල, තම්මැට්ටම් ,ගැටඛෙර, වයලීන, සිතාරය දක්ෂ ලෙස වාදනය කළ ශ්‍රී ලාංකික දරු  දැරියෝ උඩරට  පහතරට නර්තනයන්ද, ජන නවි සහ නාට්‍ය අංගද  ඉතා දක්ෂ ලෙස ඉදිරිපත් කළහ.

විදේශ ගතව සිටිමින් නොයෙකුත් දුෂ්කරතා මැද අර්තවත් සම්භාව්‍ය සංගීතයේ මිහිර මිනිස් සිතට ලබා දීම මෙම ප්‍රසංගය පැවැත්වීමේ අරමුණ විය.

 හෙළ මියැසි සංගීත සංසදයේ  සංගීත    ආචාරිනී චන්දිකා නිශ්ශංක මහත්මිය ඇතුළු ශ්‍රී ලාංකිකයන්  මෙය සංවිධානය   කර තිබිණි.

රෝහණ වීරසිංහයෝ  ද ගීත කිහිපයක් ගායනා කළේය.

 රෝහණ වීරසිංහ මහතා දේශීය සංගීතයට  කළ මෙහෙවර අගයමින් හෙළ මියැසි සංගීත සංසදය වෙතින් ඔහුට සම්මානයක්ද මෙහිදී  පිරිනැමීය.

රෝහණ වීරසිංහ මහතා ඉතාලි  ශ්‍රී ලාංකිකයන් අමතා පැවසුවේ  තමන් විවිධ රටවලට ගොස් ඇතත් දේශීය සංගීතයට, නර්තනයට  මෙතරම් ආදරය කරන ශ්‍රී ලාංකික දරු දැරියන් පිරිසක් දුටුවේ වෙරෝනා නගරයේදී බවත් ය.

එය ඉතා අගය කළ යුතු කාරණයක් බව පැවසු ඒ මහතා  ප්‍රසංගය සදහා තෝරා ගෙන  තිබු  ගි  අර්ථයෙන් සහ  සංගීතයෙන් ඉතා උසස් තත්වයක තිබීමද සතුටට කරුණක් බව පැවසුවේය.

මෙහදී අදහස් දැක්වු ඉතාලි ශ්‍රී ලංකා තානාපති බැනට් කුරේ මහතා  පැවසුවේ ශ්‍රී ලංකිකක දරු දැරියන්ගේ උත්සාහය සාර්ථක වී ඇති බවයි.

ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මෙම ප්‍රසංගයට සහභාගී වූහ. ඉතාලියේ සෝලෝ පියාජ්ජියෝ  සේවයමෝදනා ස්වර්ණ මුත්තු ජුවලර්ස්, සිලෝන් කොපරහිවා, පාර්මා මිලනෝ එල්ලේ සම්මේලනය සහ ශ්‍රී ලාංකික ව්‍යාපාර ප්‍රජාව ප්‍රසංගයට අනුග්‍රහය දක්වා තිබිණි.

 



අදහස් (0)

ඉතාලියේ හෙළ මියැසි ගී රාවය

ලක්සිත Sunday, 23 February 2014 04:23 PM

ලස්සනයි වීඩීයෝ නැද්ද බලන්න (දිල්)

:       0       0

කල්‍යාණි මාලඹගේ Sunday, 23 February 2014 05:52 PM

උසස් ප්‍රසංගයක් සුභ පැතුම් (දිල්)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 23 February 2014 09:35 PM

සුභ පැතුම්! (නදී)

:       0       0

ගයාන් Sunday, 23 February 2014 11:31 PM

ගොඩක් හොද දෙයක්.(නධී)

:       0       0

මිලානෝ නිදහස් එකමුතුව Monday, 24 February 2014 09:43 AM

හෙළ මියැසි ගී රාවයට මිලානෝ ජනතාවගේ සුභ පැතුම්.. වෙරෝනා කලාකාමී සියලු දෙනාම අනිකුත් නගර වල සිටින අය වෙනුවෙන් මෙය හොද ආදර්ශයක් .(අ)

:       0       0

ලක්මාල් Monday, 24 February 2014 10:02 AM

අති විශිෂ්ටයි. ඉතා අලංකාරයි. සුබ පැතුම්. (ස)

:       0       0

නිහාල් ජෙනෝවා Sunday, 23 February 2014 02:54 PM

හෙළ මියැසි ගී රාවයට මගෙන් සුභ පැතුම් . ඉතාමත් අලංකාරයි ජයවේවා.(දිල්)

:       0       0

කුමාරි වෙරොනා Monday, 24 February 2014 12:48 PM

අපි බැලුව .ගොඩක් හොදයි .තවත් ඉදිරි කාලයේදී මෙවැනි දේවල් බලන්න අපිට සලස්වන්න..ඒ අපේ දරුවන්ට අපේ සංගීතය ගැන කියල දෙන්න හොදම අවස්ථාවක් නිසා. ස්තුති ...(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site