(ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 195 දෙනකුට ඉකුත් මාස දෙකක කාලය තුළ දි කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බැව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

අගොස්තු මස 01 වැනිදින සිට සැප්තැම්බර් මස 30 වැනිදින දක්වා කාලය තුළදි රෝහල් කාර්යමණ්ඩල සේවකයින් සදහා සිදු කළ පරීක්ෂණවලින් මෙම පිරිස හඳුනාගත් බව ද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි. කොවිඩි වෛරසය ආසාදනය වුවන් අතර වෛද්‍යවරුන්, හෙද හෙදියන්,කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයන් , ද සිටින බවද ඒ මහතා පවසයි.

මෙ අතර ඉකුත් පැය 24 කාලය තුලදි කරාපිටිය ශික්ෂණ රෝහලට කොවිඩි ආසාදිත රෝගින් 21 දෙනෙකු ඇතුලත්කරගෙන ඇති අතර කොවිඩි මරණ 06ක් සිදුවි ඇත.