නව දිල්ලියේ ශ්‍රී ලංකා කොමසාරිස් ඇසල වීරකෝන් මහතා නව විදේශ ලේකම් වරයා වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි.
විදේශ ලේකම් චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය මැයි 30 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිතය. ඇය නව දිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
වාගීශ්වර මහත්මියට ජ්‍යෙෂ්ටත්වයෙන් අඩු විදේශ සේවා නිලධරයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට විදේශ තානාපති සේවයක් ලැබීමට යයි. අනෙක් නිලධරයා විදේශ අමාත්‍යංශයේ සිටිනු ඇතැයි කියති.
ඉදිරි දින වලදී විදේශ අමාත්‍යංශ කාඩ් කුට්ටම අනනු ඇතැයි ද තවත් තුරුම්පු එළියට එනු ඇතැයි ද කියති.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇසල වීරකෝන් අලුත් විදේශ ලේකම්
ලෙස්ලි Thursday, 12 May 2016 12:24 AM
හොඳයි අපි බලමුකෝ... (නි)
සරෝජ් ජයසේකර Thursday, 12 May 2016 05:22 PM
චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය තවත් කාලයක් විදේශ සේවයේ සිටිනවා නම් ලොකු සේවයක් ගන්න පුළුවන්. එයාගේ වටිනාකම මම දුටුවේ, මේ තානාපතිනිය පැරිස් වල සේවය කළ කාලයේයි (නි)
ජනක Monday, 09 May 2016 12:23 PM
විශිෂ්ඨ රාජතාන්ත්‍රික නිලධාරින් වන කුලතිලක ලෙනගල, එම්. කේ.පද්මනාදන්, ආචාර්ය චානක තල්පහේවා, කපිල ෆොන්සේකා, සෙනරත් දිසානායක යන අයගෙනුත් විදේශ කටයුතු අමාත්‍යංශය ඵලදායි වැඩක් ගත යුතුයි. (අ)
අරවින්ද Monday, 09 May 2016 12:50 AM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
රිෆාන් Friday, 13 May 2016 05:54 AM
මේ අදහස් බැලුවහම දුක හිතෙනවා. ජනක කියලා ලියන්නේ කවුද කියලා තේරෙනවා එයාගේ අදහස් බැලුවහම. අනේ කාලේ වනේ වාසේ කියලා කියන්නේ මේවට තමයි (නි)
යහම්පත් Monday, 09 May 2016 08:34 AM
අපරාදේ රටට සේවයක් කළ තවමත් කළ හැකි චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය වෙනි කෙනෙක් ඉක්මනින් විශ්‍රාම යන්නේ , ඇය සිටි සෑම රටකදිම ඇය රට වෙනුවෙන් ලොකු සේවයක් කළ , නියම තානාපතිනියක් (බ)