IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඇස්ට්‍රාසෙනෙකා ගැටළුවට ජනපති - ටෙඩ්රෝස් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මහතා සමග අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් කළ බව ජනාධිපති ලේකම් කාර්යලය කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් මහතා ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 සපයා ගැනීමට උදව් කරනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරයි.

ඇස්ට්‍රාසෙනෙකා  දෙවන මාත්‍රාව ලබාදීමට ලොවපුරා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 20ක අවශ්‍යතාවයක් ඇති බව ද ජනාධිපතිවරයා පවසා ඇත.



අදහස් (11)

ඇස්ට්‍රාසෙනෙකා ගැටළුවට ජනපති - ටෙඩ්රෝස් අතර සාකච්ඡාවක්

බද්රානි Friday, 07 May 2021 10:27 AM

අපරාදේ, අර පහුගිය දවස් වල අපි රසට බිව්ව ධම්මික පැණිය ගැන සාකච්චා කළා නම්, ඒක ලෝකෙටම විකුනලා කාටකාටත් ගොඩ යන්න තිබුනා. ඒ පැණිය නිසා නේද අපි තවමත් නොමැරී මේ යහතින් ජීවත් වෙන්නේ? හා නැද්ද?

:       21       36

Rata Perata Friday, 07 May 2021 10:31 AM

ටිකක් වේලාසන වැඩි නැද්ද එන්නත් ගන්න..? මොකද තාම වරාය නගරය චීනෙට දෙන වැඩේ ඉවර නැහැ නේද?

:       22       31

kamal Friday, 07 May 2021 10:51 AM

චීනේ අතකොලු දෙකක් ... චීනයේ වෛරසයට විසඳුම් සොයයි.

:       0       0

සිරිබිරිස් Friday, 07 May 2021 11:14 AM

බටහිර රටවල් සමග තියන එදිරිවාදීකම් දැන්වත් නතර කර ගන්න...

:       0       0

don perea Friday, 07 May 2021 12:01 PM

කහපැළ හිටවලා ඉවරද?

:       16       26

පප්ප Friday, 07 May 2021 12:06 PM

දැක්මක් නැති පාලකයෙක්...

:       21       40

Ranjith Friday, 07 May 2021 12:54 PM

කොවිඩ් අරමුදලට කෝටිගනනක් එකතු උනානේද? ඒ මුදල් වලටත් අර සුනාමි අරමුදලට වෙච්ච දේම වෙලාද?

:       0       0

සිරිබිරිස් Friday, 07 May 2021 12:58 PM

වේලාවට ඕඩර් කරල තිබ්බ නං ඔය කිසිම ප්‍රශ්නයක් නැහැනෙ . නිකං හම්බු වෙනකං බලාගෙන හිටියා .

:       0       0

Ashan Friday, 07 May 2021 11:08 PM

සුනාමි අරමුදල වගේ කෝවිඩ් අරමුදලටත් වෙච්චි දෙයක් නෑ නේද? ඒක තිබ්බා නම් එන්නත් හිඟාකන්න ඕනේ නෑ. මාර වැඩේ ලංකාවට වුනේ..

:       0       0

WCA Saturday, 08 May 2021 12:47 AM

මේ අස්සේ ලංකාවේ දොස්තර මාෆියා කාරයින් ටික කලවම් කරලා ගහන්න පුළුවන් කියලා මතුර මතුර යනවා නේද?

:       0       0

de silva Saturday, 08 May 2021 02:26 AM

මුට්ටි ගඟේ දමමින්, කාලි මාතාවගේ පැණි වැනි මිසදිටු ක්‍රම වලින් කොරෝනා පාලනය කරන්න උත්සාහ කළ ඇමැතිවරියක් දිගින් දිගටම තනතුරේ තබාගෙන සිටින අදක්ෂ පාලකයෙක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1703 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site