IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඇවන්ගාඩ් සභාපතිගේ ප්‍රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය 31 දා

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය පිළිබද තීන්දුව හා එම පෙත්සම විභාගයට ගන්නවාද ? නැත්ද  යන්න  ලබන 31 වන දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (17) දින නියම කළේය.
 
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කළ  තිබෙන අධි චෝදනා නඩුව විභාග කිරීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්  මොවුන්  ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
 
කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කිරීමට දින නියම කරන ලදී.
 
 "ඇවන් ගාඩ් මැරිටයිම් සර්විසස්" සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කරදීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355ක අල්ලසක් දුන් බවට සහ එම අල්ලස් මුදල ලබා ගත් බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව  අල්ලස් කොමිසම නඩු පවරා ඇති බව ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් සිය පෙත්සම් මගින් කියා සිටිති.
 
එම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගෙන් ලිඛිත අනුමැතිය හිමි වී නොමැති බැවින් එය පවත්වාගෙන යා නොහැකි බවට පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු විසින් මූලික විරෝධතාවක් මතු කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට එම නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණය විසින් තීන්දු කිරීම නීති විරෝධී බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
 
දේශපාලන අරමුණක් පදනම් කරගෙන තම සේවාදායකයින්ට එරෙහිව කොමිසම මෙම නඩුව ගොනු කර ඇතැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි  නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කීය.
 
මෙම නඩුව සම්බන්ධයෙන් මතු කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණය විසින් දුන් තීන්දුව නීති විරෝධී බව එම පෙත්සම්කාර නීතීඥවරයා පෙන්වා දුන්නේය .



අදහස් (1)

ඇවන්ගාඩ් සභාපතිගේ ප්‍රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය 31 දා

අතුල Friday, 17 July 2020 02:09 PM

සාධාරණ ව්‍යාපාරයක් කරනවා නම් මොකටද නිස්සංක සේනාධිපති දේශපාලකයින්ට සහ ඡන්ද අපේක්ෂකයින්ට මිලියන් ගණන් වලින් සල්ලි දෙන්නේ? දුරකතන ඇමතුම් පටිගත කරන්නේ? "සරලවම හිතේ තියෙන්නේ හොරකම..."

:       63       122

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16872 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 662 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site