IMG-LOGO

ඇයත් ආඩම්බර වෙනවා

2016-05-06-ent-44

මොහොමඞ් ඉන්ෆාස් නුරුද්දීන් හෙවත් ඉන්ෆාස් යනු අන්තර්ජාලය හරහා "යූ ටියුබ් පරිහරණය කරන සංගීත රසවතුන්ට අමුත්තෙකු නොවෙයි. අද ගායන ලෝකයට පිවිසෙන බොහෝ දෙනා විශ්වාස කරන්නෙ තමන්ගෙ නිර්මාණ ප‍්‍රචලිත කරවීමට නම්, යූ ටියුබ් එකට ගැළපෙන විදියට ඒවා නිර්මාණය කළ යුතුයි කියලයි. ඒ අනුව යූ ටියුබ් එකට ගැලපෙන විදියට මීට පෙර ඉන්ෆාස්, ඉරාජ් එක්ක එකතුව කළ "මනමාලි" නිසා ලක්ෂ ගණනක් පිරිසක් එය රසවිඳි බව කියන්න පුළුවනි. එලෙසින් නිර්මාණකරණයේ යෙදෙන මේ ඉන්ෆාස් ගැන අද ලංකාවේ වගේම ඉන්දියාවෙත් තවත් රටවලත් වැඩි දෙනා කතාකරන්නෙ, බොලිවුඩයේ රජු ලෙස හැඳින්වෙන ෂාරුක්ඛාන් රඟන ෆෑන් චිත‍්‍රපටය නිසයි. මනුරංග රචනා කළ ගී රචනයකට අනුව කොහෙද හලෝ ඔබ ඉන්නේ මෙතැන සහෝ ඔබ ඉන්නේ ගීතය ගයන්නෙ මේ ඉන්ෆාස්ය. චිත‍්‍රපටියෙ රූප රාමු සඳහා ඉන්ෆාස්ගෙ හඬට ඒ ගීතය ගයමින් රඟන්නේ ෂාරුක් ඛාන්ය. ශ්‍රී ලාංකීය ශිල්පියකුගේ හඬට ෂාරුක් මෙලෙසින් එක් වූ ප‍්‍රථම අවස්ථාව වගේම බොලිවුඩයෙන් ලැබුණු පළමු අවස්ථාව මෙය හැටියටත් සඳහන් කරන්න පුළුවනි. මේ විදියට ෂාරුක් වෙනුවෙන් පසුබිම් ගී ගැයූ මේ "ඉන්ෆාස්" කවුද?

 

2016-05-06-ent-43ඉන්ෆාස් ඔබගේ අලුත් රසිකයන්ට දැන ගැනීම වෙනුවෙන් ඔබ ගැන සඳහන් කළොත්?

මගේ ගම කොළඹ, ඉගෙන ගත්තෙ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන්. රටට වැඩදායි පුද්ගලයකුවීම තමයි අරමුණ වුණේ. පාසල් අධ්‍යාපනයෙන් පසුව අලෙවිකරණ අංශයට පිවිස දැන්විම්කරණයේ නියැලීමට පටන් ගත්තා. පසුව උසස් අධ්‍යාපනය සඳහා ඕස්ටේ‍්‍රලියාවට ගියා. එහිදී ලැබුණු විවේකයේ දී ගායනය ගැන වඩා උනන්දු වුණා. මගේ සිරුරේ කලාව තියෙන බව මට වැටහුණා. නමුත් සංගීතය හදාරලා තිබුණෙ නැහැ. පසුව ඒ ගැන උනන්දු වෙන්න පටන් ගත්තා.

 

ඉන්ෆාස්, වෘත්තියෙන් ඔබ මොනවද කරන්නෙ?

දැන්වීම්කරණ ආයතනයක් පවත්වාගෙන යනවා. ලංකාවේ නමගිය ආයතන කීපයක් හා බැඳී එයාලගෙ දැන්වීම් ප‍්‍රචාරණ කටයුතු සඳහා නිර්මානකරණයෙහි යෙදෙනවා.

 

ගීත නිර්මාණය කරන්න පටන් ගත්තෙ?

ඔස්ටේ‍්‍රලියාවේ සිට උසස් අධ්‍යාපනය කරමින් සිටියදී "ඉංග‍්‍රීසි ගී" නිර්මාන කීපයක් කළා. පොඩි කාලයේ ඉඳලාම වැඩිපුර උනන්දුව තිබුණේ ඉංග‍්‍රීසි ගීත ගායනයට. පසු කාලයකදී ජිප්සීස්, නාමල් උඩුගම, ආත්මා ලියනගේ, සන්ෆ්ලවර් කණ්ඩායමේ ගීතවලට වඩා ප‍්‍රිය කළා. ගායන කේෂ්ත‍්‍රයට ආවාම මුලින්ම යුද්ධය පැවැති කාලයේ දී ඉරාජ්, ක‍්‍රිෂාන් මහේෂන් සහ යෞවනන් ඉග්නේෂ්වරන් එක්ක එකතු වී ගීතයක් කළා. ලංකාව ඇතුළෙ කළ පළවැනි නිර්මාණය එයයි. ඒකට අපට ඉන්දියාවෙන් සම්මානයක් පවා ලැබුණා. ඉන්පසුව මන්දිර, සඳළුතල , කොහොඹ සිංදුව, සුරඟන කිරිල්ලි, ඇතුළු ගීත ඇල්බම කළා. මට ඕනෑ වුණේ සංගීතයෙන් යූ ටියුබ් හරහා වෙනසක් කරන්නයි. "මනමාලි" හරහා ඉරාජ් එක්ක එකතු වී එදා ඒ වෙනසට මුල පිරුවා.

 

අද මේ අවස්ථාව ඔබට ලැබුණේ කොහොමද?

මේක ඇත්තටම මගේ සිහින සැබෑවීමක්. බොලිවුඞ් තිරයට සිංහල සිංදුවක් කිරීමේ අවස්ථාව ලැබුණෙ මගේ මිතුරු ක‍්‍රිෂාන් මහේෂන් නිසයි. දමිලෙන් මුලින්ම ශ්‍රී ලංකාව ඇතුළෙ රැප් කිරීම පටන් ගත්තෙ එයා. එයා දැන් තමිල්නාඩුවෙ එනම් කොලිවුඩයේ ගායකයින් සමග දක්ෂතා පෙන්වන චරිතයක්. පැරමවුන්ට් 360" කියන්නෙ එයාගෙ නිර්මාණ සමාගමයි. එයා යුනිසිස් සමාගම එක්ක ගිවිසගත් ආටිස්ට් කෙනෙක්. ඒ අනුව තමයි ඉන්දියාවේ අංක එකේ චිත‍්‍රපට නිෂ්පාදන සමාගමක් වන "යෂ්රාජ් ෆිල්ම්ස්" සමග ලෝකයම පිළිගත් ෂාරුක්ඛාන් වෙනුවෙන් මේ ගීතය නිර්මාණය වුණේ. මේක ඇත්තටම මම දකින්නෙ මා තනිවම ලද ජයක් හැටියට නෙවෙයි, ලංකාව ලද විශාල අවස්ථාවක් ලෙසයි. ෂාරුක් එයාගෙ ටුවිටර් පිටුවේ පවා මේ ගැන සඳහන් කරලා තිබුණා. පළමු වතාවට එහෙම කරලා තිබුණෙ. මිලියන 20ක් විතර එයාගෙ ටුවිටර් පිටුව හා සම්බන්ධව සිටිනවා. බොහෝ වෙලාවට මෙතෙක් සිදුවුණේ ඉන්දියානු ආටිස්ට් කෙනෙක් මුදල් ගෙවා ලංකාවට ගෙන්වීමයි. නමුත් මේ මොහොතේ ඉන්දියාව ලංකාවේ ආටිස්ට් කෙනෙකුට දීපු මේ තැන හරි වටිනා අවස්ථාවක්.

 

ඉන්ෆාස්ට, ෂාරුක් හමුවෙලා නැද්ද?

King Sout ලාට එනම් ක‍්‍රිෂාන් මහේෂන්ට හමුවී තිබෙනවා.

 

දැන් ඔබට දැනෙන - හැඟෙන දේ කුමක්ද?

මට මගේ ආදරණීය රටේ සිංහල භාෂාව ලෝකයේ ලොකු තැනකට ගෙනයාමට පුළුවන් වුණා. ඒ ගැන නම් මට තියෙන්නෙ ලොකු ආඩම්බරකමක්.

 

ඉන්ෆාස්, ඔබ ආදරණීයව මෙලෙස පේ‍්‍රක්ෂකයින් විශාල ප‍්‍රමාණයකගේ ආදරය ලබනවා. ඔබගෙ ආදරය කොහොමද?

සුන්දරයි. හරිම සුන්දරයි. ඇයත් ආඩම්බර වෙනවා.

 

සඳුන් ගමගේ 

 

2016-05-06-ent-45
2016-05-06-ent-46
2016-05-06-ent-47
 



අදහස් (0)

ඇයත් ආඩම්බර වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site