
නැවත වරක් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සාමාකාමී පුරවැසියන්ගේ හඬ සියලු දෙනාට ඇසිය යුතු බවත් ඇය සඳහන් කර ඇත.
ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන සත්‍ය ප්‍රශ්නවලට දීර්ඝකාලීන විසඳුම් අවශ්‍ය බවත් රට සෞභාග්‍ය කරා ගෙන යෑමටත්, සියලු දෙනාට අවස්ථා සැලසීමටත් එය අවශ්‍ය බව ඇය පවසා ඇත.
හදිසි නීතිය පැනවීමෙන් ප්‍රශ්න නොවිසඳෙන බව ද ඇය සඳහන් කර ඇත.
055
COMMENTS
ඇමෙරිකාවට කඩේයන කෙනෙක්නේ ඉතින් නේද...? අනිත් අයගේ රෙදි හෝදන්න කලින් ඔයාගේ රෙදි ටික හෝදන් ඉන්න.
මෙයාලාට කිසිම අයිතියක් නැහැ. රටක අභ්‍යන්තර ප්‍රශ්න වලට අතපොවන්න. මේවා සාමකාමී උද්ඝෝෂණ...
ඔව් ඔව්..., විමසිල්ලෙන් ඉන්න. රට වට්ටන්න උපරිම සහය දක්වන වග.. ඒ සහය ලබපු, ලබන හැම රටක්ම දන්නවා.
මොන බම්බුවක් හොයනවද? මේක කොළණියක්ද? එහෙනම් නුඹලා ලංකාවටම කන්න අඳින්න දීපල්ලා...!
හොරු ඔක්කොම ඔබේ රටේ හිටපු සහ ඉන්න පුරවැසියෝ.., අනිත් එකේ ඔබතුමියගේ රටින අපට ආධාරයක්වත් දෙන්නේ නැතිව මොනවද මේ කියන විහිළු කතා? අපි සුදු නැති හින්දද? ඉස්සෙල්ලා අපිට උදව් කරන්න.
ඔබත් චීන, අපිත් චීන ලංකා...!
පුළුවන් නම් රාජපක්ෂ පවුලේ සියලු දෙනාම ඇමරිකාවට අරන් ගිහිල්ලා විදුලි පුටුවේ තියන්න. ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලාංකික ජනතාවටත් කරන ලොකු උදව්වක්.
අනිවාර්යෙන්ම ඇමරිකාවත්, යුරෝපා සංගමය ඇතුළු සියලුම රටවල් රාජපක්ෂ පාණ්ඩුවට ගෙදර යන්න කියා බලපෑම් කළ යුතුයි. කරුණාකර සියලුම රටවල් රාජපක්ෂ පාණ්ඩුව ගෙදර යවන්න උදව් කරන්න.