IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇමෙරිකාවේ රැඳී සිටි ලාංකිකයන් 217දෙනෙකු කටුනායකට

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටි ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(23)  අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ඍජු ගුවන් ගමන් පහසුකම් නොමැති නිසා , ඔවුන් ඩුබායි ගුවන් තොටුපළ වෙත පැමිණ , එතැන් සිට මෙසේ ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණි.

ඔවුහු ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 2528 දරන විශේෂ ගුවන් යානයෙන් අලුයම 4.47 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම ද සිදු කෙරුණි.



අදහස් (7)

ඇමෙරිකාවේ රැඳී සිටි ලාංකිකයන් 217දෙනෙකු කටුනායකට

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 June 2020 03:39 AM

අපේ අය අපිට වටිනවා.. ඒත්, විශාල පිරිසක් රෝගයෙන් ඇමරිකාවේ මියගිය බව අමතක නොකළ යුතුයි. ඒ නිසා පිටරට සිට එන අය ගැන කටයුතු කිරීම හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්.. හරිම පරිස්සමින් කටයුතු කරගැනීම වැදගත්...

:       1       155

පාවෙන පීරිසියක් උඩ Tuesday, 23 June 2020 05:12 AM

අර පෙරේරා කියන කෙනාගේ පුතත් ඉන්නවාද? පින්කෙත් හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා... හේතු වාසනා...!!!

:       3       114

ගාමිණි කුවෙයිට් සිට Tuesday, 23 June 2020 05:40 AM

කුවේට් ඇතුළු මැදපෙරදිගට තවමත් කුඩම්මාගේ සැලකිලි. හැමදාම අද ගන්නවා, හෙට ගේනවා කියමින් කල්මරනවා. එදා රටවිරුවන් අද අන්ත අසරණ වෙලා. අදත් එක් ශ්‍රී ලාංකිකයෙක් මියගියා කුවේට් වල. සමහරවිට මට දොස් කියයි. ඒත් අපේ අසරණයන් වෙනුවෙන් මේ සටහන... ස්තූතියි..!!!

:       0       297

Siri Tuesday, 23 June 2020 06:06 AM

එයාලා ආවෙත් නොමිලේමද?

:       1       6

de silva Tuesday, 23 June 2020 06:22 AM

කටාර්, කුවේට්, සෞදියේ හිරවෙලා ඉන්න පුරවැසියනුත් ගෙන්න ගන්න බලන්න...

:       0       12

සනත් ඉතාලිය Tuesday, 23 June 2020 07:36 AM

ප්‍රීති.. ප්‍රීති.. පුරෝහිත ප්‍රීති රත්තරන් හැන්දෙයි, රිදී හැන්දෙයි, පිත්‍තල හැන්දෙයි, යකඩ හැන්දෙයි හා තෙල්බදින හිල් හැන්දෙයි වෙනස ඕකයි යාලුවනේ...

:       1       52

ලියනගේ Wednesday, 24 June 2020 11:00 AM

කවුද මේවට සල්ලි ගෙවන්නෙ, දන්න කෙනෙක් ඉන්නව නං කියන්න. මෙයලටත් පිසිඅාර් කරන්නේ අපිට ලැබෙන අහිංසක සල්ලි වලින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site