IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇමෙරිකාව ආරුගම්බේ තහනම ඉවත් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ආරුගම්බේ ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරු සංචාරය කිරීමෙන් වළකින ලෙස පවසමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යයාලය ඇමෙරිකා ජාතිකයන්ට පසුගිය 23 වැනිදා කළ අනතුරු ඇඟවීම අද(13) ඉවත් කළ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එම අනතුරු ඇඟවීම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයද මීට පෙර ඇමෙරිකා තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක ස්ථානවලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තිබෙන බවට විශ්වාසදායි තොරතුරු ලැබී තිබෙන බැවින් නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස පවසමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය පසුගියදා 23 වැනිදා අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

ඇමෙරිකා තානාපති කාර්යාලයේ අනතුරු ඇඟවීම උපුටා ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට දැඩිව සැලකිලිමත් වන ලෙස එක්සත් රාජධානිය, නවසීලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, චීනය සහ රුසියාවද එම අවස්ථාවේදී සිය පුරවැසියන්ට අනතුරු ඇඟවූවේය.

එම ආරක්ෂක නිවේදනය උපුටා ගනිමින් ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලයද මෙරට අරුගම්බේ ප්‍රදේශය, දකුණු සහ බටහිර පළාතේ වෙරළ තීරයන්හි සිටින ඊශ්‍රායල ජාතිකයන්ට එම ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස නිවේදනයක් නිකුත් කළේය. එසේම ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවල සිටින ඊශ්‍රායල ජාතිකයන්ට දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙසත් ජනතාව එක්රැස්වන ස්ථාන මගහැර සිටින ලෙසත් ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය උපදෙස් ලබා දුන්නේය.

 



අදහස් (1)

ඇමෙරිකාව ආරුගම්බේ තහනම ඉවත් කරයි

saman Thursday, 14 November 2024 07:27 AM

අනුර දිසානායක ජනපතිවුපසු ආරුගම්බේ ප්‍රදේශය ඇමෙරිකානු පාලනයට, නැවත දැනුම්දෙන තුරු සංචාරය කිරීමෙන් වළකින ලෙස පවසමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යයාලය නිකුත්කර තිබු නිවේදනය ඉවත්කර ගනී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site