IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇමෙරිකාවට හොරෙන් යන්න ගිය ලාංකිකයා දැලේ

නීත්‍යනුකූල ගමන් බලපත්‍ර හා වීසා බලපත් නොමැතිව ඇමෙරිකාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු  එක්සත් ජනපද දේ්ශ සීමා ආරක්ෂක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන පාම් බීච් ඩේලිනිව්ස් පුවත්පත වාර්තා කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  විසි හය හැවිරිදි   තරුණයෙකි.

මෙම තරුණයා ඇමෙරිකාවේ ටෙක්සාස්හි පාම් බීච් ප්‍රදේශයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඉකුත්  එරට දේශ සීමා ආරක්ෂක අංශ විසින් විසින් ඔහු පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහිදී ලාංකිකයා  ඉදිරපත් කළ ගුවන් ගමන් බලපත්‍රහා වීසා බලපත් කල් ඉකුත්ව ඇති හෙයින් ඒවා නීත්‍යානුකූල බවට තහවුරු නොවීම හේතුවෙන් මෙහුව අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් තරුණයා උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඉකුත් දෙසැම්බර් මාසයේදී ප්‍රංශයේ සිට  ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණ ඇති බව ඔහුගෙන් දේශ සීමා ආරක්ෂක අංශ සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත.

 



අදහස් (0)

ඇමෙරිකාවට හොරෙන් යන්න ගිය ලාංකිකයා දැලේ

රොෂාන් Tuesday, 22 March 2016 02:19 PM

ලංකාවේ අය ඇමරිකාවට පනින්න ගිහින් නිකම් සවුත්තු වෙනවා නේද? දෙන දෙයක් කාලා ලංකාවට වෙලා හිටියා නම් ඉවරනේ... (නි)

:       0       0

රොෂාන් Tuesday, 22 March 2016 03:14 PM

ලංකාවේ අය වීසා නැතුව ඇමරිකාවේ කොච්චර ඉන්නවද? ලංකාවේ අය බනින්නෙම ඇමරිකාවට. ඒත් යන්නෙත් එහෙට (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Wednesday, 23 March 2016 03:43 AM

රොෂාන් කියන එක ඇත්ත තමා මුළු ලෝකෙම මුස්ලිම් අය ඇමෙරිකාවට බනින ගමන් ග්‍රීන් කාඩ් එක ගන්න දඟලනවා මුන්ට ඇමෙරිකන් පාස්පෝට් එක ගන්න සිහිනයක් තියෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site