IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමැති විජිතට තල් සේවකයන්ගෙන් රතු එළියක්

(සුජිත් හේවාජුලිගේ)

තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට යන මාරියපිලෙයි සෙල්වින් මහතා  සම්බන්ධයෙන් දූෂණ වංචා සහ අක්‍රමිකතා චෝදනා රැසක් පවතින හෙයින් ඔහු පත් කිරීමට පෙර දෙවරක්  හිතා බලන්නැයි  එම මණ්ඩලයේ එක්සත් සේවක සංගමය අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ඉල්ලීමක් කරයි.

සංගමය මෙම ඉල්ලීම කර ඇත්තේ අමාත්‍යවරයාට ලිපියක් යවමිනි.

ඔහුට එරෙහිව පවතින චෝදනා විගණන විමර්ශනවලදී මැනවින්  තහවුරු වී ඇතැයිද සංගමය සඳහන් කරයි.

මොහු ක්‍රියාකාරි අධ්‍යක්ෂ ලෙස සිටි  2015-2019  සමයේදී හකුරු මැෂින් මිලදී ගැනීමේ දී කෝටි දෙකකට වැඩි වංචා සිදු වී ඇති බව විගණනවලදී තහවුරු වී රාජ්‍ය අමාත්‍යාංශය එම පාඩු වූ  මුදල්  අය කර ගැනීමට කටයුතු කරමින් සිටින්නේ යැයි ද   සේවක සංගමය අමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

මෙවැනි මූල්‍ය අක්‍රමිකතා කළ අයෙකු පත් කිරීමට පෙර දෙවරක් සිතා බලන්නැයි  සංගමය අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.



අදහස් (7)

ඇමැති විජිතට තල් සේවකයන්ගෙන් රතු එළියක්

යෝගා Sunday, 20 October 2024 12:17 PM

ඒකට කමක් නෑ. මොන තරම් වංචාකාරයෙක් වුණත් අපේ පාක්ෂිකයෙක්, ගජ මිතුරෙක්, විශ්ව විද්‍යාල සගයෙක් නම් ඒ ඇති. ඡන්දෙන් පස්සේ තව නියම වැඩ ටිකක් පෙන්වන්නම්...!

:       39       171

SanjewaSunday, 20 October 2024 01:30 PM

එයා වරද කරුවෙක් වුණේ අපේ ආණ්ඩුව යටතේ නොවෙයි... පැවැති ආණ්ඩු යටතේ නිසා ඒවා දේශපාලන පලිගැනීම් වෙන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනෑ...

:       112       25

සිල්වා Sunday, 20 October 2024 01:01 PM

අර කිව්ව 225 න් තුන්දෙනෙක් දැන් රට පාලනය කරන්නේ. දෙවරක් සිතන්න ඕනෑ නෑ.

:       14       97

Brad Sunday, 20 October 2024 01:08 PM

මෙයා අපේ කෙනෙක්. 2015 - 2019 තිබ්බේත් අපි පාන අල්ලපු ආණ්ඩුව. එහෙම තියෙද්දී මෙයාව පත්නොකර කොහොමද?

:       10       70

Buddika Sunday, 20 October 2024 02:19 PM

පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් 2020 ගෝඨාභයගේ ආණ්ඩුව කාලේ විෂ පොල්තෙල් ගැන කතාව මතුවුණු වෙලාවේ මාධ්‍ය ඉස්සරහට ඇවිත් මහජනතාවට බොරු කියලා සිද්ධිය යට ගැහුවා. පරීක්ෂණ ප්‍රතිඵල වැරැදියට අර්ථ දැක්වූවා. ඒ ආනයනික පොල්තෙල් වලට පාර කපන්න. 2021, 2022 විගණන කාර්යාලය නිකුත් කරපු වාර්ෂික විගණන වාර්තාවල ලියලා තියනවා පොල්තෙල් වල aflatoxin පරීක්ෂා කරන්න මිලදී ගත්ත hplc යන්ත්‍රය 2017 මිලදී ගත්තු දවසේ ඉඳන් භාවිතයට අරගෙන නැති නිසා මෙම යන්ත්‍රය මිලදී ගන්න කටයුතු යොදපු නිලධාරියා ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඒකවත් අද වෙනකන් වෙලා නෑ. මාලිමා රජය මගින් දැන් පොල් සංවර්ධන අධිකාරියට අලුත් සභාපති කෙනෙක් පත් කරලා තියනවා. හැබැයි මේ දූෂිත නිලධාරීන් ඒතුමාවත් නොමග යවලා මේ පාරත් ඔය සිද්ධිය යට ගහගනී. මහජන සෞඛ්‍යට බරපතල තර්ජනයක් වෙච්චි මේ සිද්ධිය ගැන කවදා රටට ඇත්ත ඒලිවෙයිද?

:       1       44

බුද්ධික Sunday, 20 October 2024 02:37 PM

පොල් සංවර්ධන අධිකාරියට පත් කරපු අලුත් සභාපති පරණ වංචා දුෂණ කරපු විගනන වාර්තා වලින් වැරදිකාරයො කරපු අයත් එක්ක ඒකතු වෙලා හම්බ කරන්න බැහැලා. බැලුවම වයින් එකයි බෝතලෙයි විතරයි වෙනස් වුණේ.

:       0       69

සුරංග Sunday, 20 October 2024 03:16 PM

හා හා එහෙම කියන්න එපා. මාලිමාව කියන්නේ ඇල්වතුරත් නිවලා හත්පාරක් පෙරලා බොන රහසින්වත් පව් නොකරන අති පාරිශුද්ධ මිනිසුන් සිටින පක්ෂයක්. රහත් වීමට ආසන්න අය එතැන ඉන්නේ. හොරු කියන්නේ මාලිමාවේ නොවන අය. ලංකාවේ හොරු සහ හොඳ මිනිස්සු හඳුනාගන්න එකම ක්‍රමය මේක තමයි. පෞද්ගලික අංශය සහ මුදලාලිලා කියන්නේත් හොරු. ඒක නිසා හොරු නැති කරන්න සියළුම පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගන්න. වෘත්තීය සමිති තවත් දියුණු කරන්න. රාජ්‍ය ආයතන බිලියන ට්‍රිලියන ගණන් පාඩු ලැබුවත් රටට බරක් වුණත් කමක් නෑ. පාර්ලිමේන්තුව සුද්ධ කළාම ඇති. රටේ ඇත්ත පිළිකාව වෙච්චි පාඩුලබන රාජ්‍ය ආයතන සහ ලක්ෂ 17ක් රාජ්‍ය සේවකයෝ කියන ප්‍රශ්නේ අමතක කරලා 225 කියන විසප්පු ගෙඩිය ගැන කතාකරමු...

:       7       69

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site