IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමැති බංගලාවලින් ලක්ෂ 50ක ජල පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ සහ ජේ.කේ.එල් චාමින්ද)

අමාත්‍ය නිල නිවාසවලට  ලබාදී ඇති  ජල සම්බන්ධතා විසි තුනකට අදාලව  රුපියල් ලක්ෂ  50 කට අාසන්න මුදලක් ගිය වසර අවසානය වනවිටත්  අයකර නොගෙන  හිඟව පැවතුණු බව ජාතික විගණන කාර්යාලය  නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර  මියගිය මහජන නියෝජිතයින්ගෙන් අය විය යුතු හිඟ ජල ගාස්තු  අය කරගැනීමට නොහැකි බවට  පාර්ලිමේන්තු මහ ලේකම්වරිය දන්වා ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

මේ හිග මුදල්  සම්බන්ධයෙන් විගණනයට  පිළිතුරු දක්වා ඇති  ජල සම්පාදන  හා ජලා පවාහන මණ්ඩලය  පවසන්නේ  මහජන නියෝජිතයන්ගේ පෞද්ගලික නිවාසවල  හිග මුදල්   සාමාන්‍ය පරිභෝගිකයන්  ලෙස සලකා අය කර ගන්නා බවයි.

හිඟ මුදල් නොගෙවන  ස්ථානවල ජල සැපයුම විසන්ධි කරන ලෙස වාණිජ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි මණ්ඩලය සඳහන් කළ  බවද   එම වාර්තාවේ දැක්වේ.

මහජන නියෝජිතයන්ගෙන් අය විය යුතු හිග  මුදල අය කරගැනීමට ප්‍රමාණවත් හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට  විගණන අංශ ජල සම්පත් හා ජලා පවාහන මණ්ඩලයට  නිර්දේශ කර ඇත.

තවද වෙළෙඳ ණය ගැතියන්,  නව සම්බන්ධතා ණයගැතියන්,  ජල ප්‍රවාහන ණය ගැතියන් සහ අනෙකුත් ණයගැතියන්ගෙන්  කෝටි 234  ක පමණ මුදලක්  වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ අයකර ගැනීමකින් තොරව හිගව  පැවතුණ බවද  එම වාර්තාවේ  සඳහන්වේ.

ඉහත වෙළඳ ණය  ගැතියන්ගෙන් සියයට හැට හයක් බස්නාහිර මධ්‍යම බස්නාහිර උතුර සහ බස්නාහිර දකුණ උපදේශ නියෝජනය කරති . නව  සම්බන්ධතා ණයගැතියන්ගෙන් මාස තුනක් ඇතුළත වාරික තුනකින් ණය කර ගැනීමට නියමිතව තිබුණද රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වසර තුනකට වඩා වැඩි කාලයක් තිස්සේ අය කර ගැනීමකින් තොරව පැවතුණ බව වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන මණ්ඩලය පවසන්නේ  හිඟ මුදල් එසේ ක්‍රමිකව වර්ධනය වූ බවයි.

එම හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කරගෙන යන බවද මණ්ඩලය සඳහන් කළේය.

හිඟ ශේෂයන් වහා අය කර ගැනීමට කටයුතු කරන්නැයි  විගණන අංශ මණ්ඩලයට තවදුරටත් නිර්දේශ කර ඇත.



අදහස් (1)

ඇමැති බංගලාවලින් ලක්ෂ 50ක ජල පොල්ලක්

sam Tuesday, 29 October 2024 07:12 AM

අහිංසක මිනිහෙක් රුපියල් 100ක් ගෙවන්න පරක්කු වුණා නම් ඔය ගොබ්බ නිලධාරීන් ඒ අහිංසකයින්ගේ විදුලිය, ජලය විසන්ධි කරනවා. හැබැයි පහුගිය දූෂිත ආණ්ඩුවල අයගේ කාලේ ලොක්කන්ට බයේ කිසිම නීතියක් ක්‍රියාත්මක වුණේ නෑ. ලැජ්ජයි මේක කැලෑ නීතිය රජකරන වනයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site