
(සුජිත් හේවාජුලිගේ )
රජයට බාරයට ගත් හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ නිල නිවාසවල ආරක්ෂාවට ඊයේ (12) යුද හමුදාව යෙදවූ බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ අධිකරණ අමාත්‍යාංශය පවසයි.
උපරිම ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ දැනුම් දීම අනුව එම රජයේ බංගලාවලට මෙසේ යුද හමුදා භට පිරිස් යෙදවූ බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට රජයෙන් ලබාදී තිබූ බංගලා 28ම රජයට බාරදී අවසන් බව අමාත්‍යාංශය පවසයි.
මේ අතර රජයට බාරගත් බංගලාවල බඩුමුට්ටු සම්බන්ධයෙන් වෙනම කරුණු සොයා බැලීමක් මේ දිනවල කරගෙන යන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැති බංගලාවලට හමුදා රැකවල්
බකල ජයා Wednesday, 13 November 2024 08:48 AM
දේශපාලනය තවදුරටත් වාසි ලබන ව්‍යාපාරයක් නෙවේ කියල තේරුණාම වෙලෙන්දෝ, ජාවාරම් කාරයෝ, සමාජ විරෝධී වැඩකරන අය, නුසුදුස්සෝ හැලෙයි. සේවයක් කරන්න උවමනාවක් තියෙන අය එකතු වෙයි.
pj Wednesday, 13 November 2024 11:25 AM
කවුරු කලත් දේශපාලන තීරණවල ප්‍රතිපල රටට වැඩදායක විය යුතුමය .ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙන් නොවිය යුතුය .මෙම බංගලා භාර ගැනීමේ ක්‍රියාවලියේ සිට භාරගත් පසු පවත්වාගෙන යාමේ වියදම් මහ ජනයාට පාරදෘශ්‍යද විය යුතුය
ජගත් ලියනගේ Wednesday, 13 November 2024 07:05 PM
ඔය නිවාස සියල්ලම අධි සුඛෝපබෝගී ඒවා. එම නිවාස සියල්ල සංචාරක අමාත්‍යාන්ශයට බාරදී ලංකාවට ඩොලර් උපයන ක්‍රමයක් සොයා ගන්න පුලුවන්.
pjThursday, 14 November 2024 09:33 AM
විදේශීය සංචාරකයන් කියන්නේ මහ ලොකු සුඛෝපභෝගී පහසුකම් බලාපොරොත්තු වන අය නෙමෙයි