හඟුරන්කෙත මාදංවෙලදී අද (12) පස්වරු 1ට පමණ සමාජ සවිබලගැන්වීම් හා සුබ සාධන ඇමැති එස්.බී.දිසානායක මහතාගේ රියට යතුරුපැදිකරුවකු හැපී තුවාල ලබා ඇමැතිවරයාගේ ආරක්ෂකයන් විසින් රෝහල්ගත කරනු ලැබූ බවත් තුවාල නොලැබූ ඇමැති වෙනත් රියකින් උත්සවයකට ගිය බවත් පොලිස් ආරංචි පවසයි.
ඇමැති රියදුරාගෙන් ප්‍රකාශයක් ලියාගත් පොලිසිය ඔහු මුදා හළ බවත් කියති.
ඇමැති දිසානායක මහතා සිය හඟුරන්කෙත නිවසේ සිට තලාතුඔය උත්සවයකට යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමැති එස්බීගේ රියේ යතුරුපැදිකරුවකු හැපිලා
සුමිත්‍රා බස්නායක Thursday, 12 May 2016 03:35 PM
දෙනෝදාහක් බලාගන ඉද්දි කොහොමද තුවාලකරු මහා මග දාලා යන්නේ. (බ)
රංග Thursday, 12 May 2016 03:45 PM
ඇමතිලා එයාලගේ ආරක්ෂකයෝ පාරේ ඉගිල්ලෙන සංස්කෘතිය වහාම නතර කළ යුතුය..!! අහිංසක මිනිස්සුනුන්ගේ බදු සල්ලි වලින් පඩි කනවා මදිවට පාරේ හප්පලා මරනවා...!!! (බ)
ලක්ෂි Thursday, 12 May 2016 08:16 PM
ලෙඩා රෝහලේ. රියදුරු මුදාහැරේ. අපි වගේ කෙනෙක් අතින් වුණා නම්...? මතු අාත්මයකදි ලංකාවෙ අැමති කෙනෙක් වීමට ප්‍රාර්ථනා කරමි (නි)
සත්‍යයා Thursday, 12 May 2016 08:59 PM
මේක මහා දවාලේ වුණ නිසා දෙනෝදාහක් සිද්ධිය දැකලා. අර සිද්ධියේදී හැපුනේ රෑ හින්දා හැපුන මිනිහා පාරේ දාලා ගියා. (නි)
රංග Thursday, 12 May 2016 09:02 PM
උඩ වතුර තරු වලට... මැද වතුර පටි වලට... බොර වතුර පොඩි අපට... කොටි ගහල මදි තොපිට... (උපුටා ගැනීමකි) (නි)
ජයන්ත Friday, 13 May 2016 12:07 AM
සීසීටීවී බලමුද රිය පැදෙව්වේ කවුද කියලා. (නි)
ලලිත් Friday, 13 May 2016 10:57 AM
බලන්න එතුමාගේ රියට යතුරුපැදිකරුව හැපුණු හැටි, යතුරුපැදි කරුවාගේ යතුරුපැදියට ඇමතිතුමාගේ රිය නොහැපී? (බ)
සාගර Friday, 13 May 2016 04:26 AM
අපිට දැන් මේ ගැන හොඳ හොඳ දේශපාලන විග්‍රහ අහන්න පුලුවන් (නි)
ජයනාත් Thursday, 12 May 2016 01:33 PM
වින්දිත රෝගියා රෝහලේ සිටියත් රියදුරා නිදහස් නොකර පොලිසිය වෙන මොනවා කරන්නද ..? 1994 සිට සාමාන්‍ය ජනයා වගේ නොවෙයි නේ මේගොල්ලෝ ! හඟුරන්කෙත පොලිසිය කොහොමටත් ඔය ඇමතිට බයයි. පොලිසිය ඉස්සරහ බස් ස්ටෑන්ඩ් එකේ තමයි මෙයා ගේ මල්ලිලයි පුතයි වේදිකා ගහන්නේ. (බ)
නිශාර්ඩ් ප්‍රීනා Friday, 13 May 2016 05:00 AM
ලක්ෂී, මොකද ඔයාටත් කාවහරි ඔයාගේ වාහනෙන් හප්පාගෙන යන්න අදහසක් සිතේ තියෙනවද? (නි)
රජිත් මංජුල Thursday, 12 May 2016 01:38 PM
නීතියක් නෑ කාටද ? (බ)
නිම්මි Thursday, 12 May 2016 02:14 PM
මොනා උනත් කල දේ ඉතා අගය කරනවා. හැපුන මනුස්සය අමනුස්සයෙක් වගේ මහා මග දාල නොයා රෝහල් ගත කරන්න තරම් මානුෂිය උනා. (ර)