IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇප දෙන්න කෙනකු නෑ

2009 බම්බලපිටිය මුහුදු වෙරළේ දී මන්ද මානසික පුද්ගලයකු ගිලී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පතිරාජගේ රාජා ඇප කරුවන් නොමැතිව තවමත් රිමාන්ඩ් බාරයේ පසුවෙයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී මේ බව හෙළි විය.

රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙස මහාධිකරණය නියම කළත් තමාට ඇප දීමට කෙනකු නැතැයි ඔහු කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.

බලවර්ණන් ශිවකුමාර් නම් එම පුද්ගලයාගේ මරණයට තමා කිසි ආකාරයකින් සම්බන්ධ නැතැයි ද, තමා වැල්ලට ගියේ ඔහු බේරා ගන්නට යැයි ද, එසේ කළා පොලිසිය තමාට බල කළ නිසා යැයි ද රාජා උසාවියට කියා සිටියේය.

 

 



අදහස් (0)

ඇප දෙන්න කෙනකු නෑ

ද සිල්වා බෙර්ලින් Tuesday, 25 February 2014 10:37 PM

ඇප දීම කෙසේ වෙතත් මෙපමණ පුද්ගලික සහ කැමරා සාක්ෂි තිබෙද්දිත් මෙම මිනීමැරුම් නඩුව අවරුදු 4 ගතවෙලත් විසදීමට නොහැකි වී ඇත්තේ කගේ දුර්වලකමක් නිසාද යන්න ගැන ඇප අවධානය යොමු කල යුතුය .(දිල්)

:       0       0

ධම්ම Wednesday, 26 February 2014 10:22 AM

මගේ මතකය හරිනම් මේ ඒ පොලිස්කාරයා නොවෙයි. එයා හිරේදීම මැරුණා. මේ තව අහිංසකයෙක්. (අ)

:       0       0

අමිල සිංග Wednesday, 26 February 2014 11:23 AM

සත්‍යයාට සිද්ධිය මතකයි. අනිත් අයනම් නිකන්ම අදහස් දක්වලා තියෙන්නේ. (දී)

:       0       0

සෑම් Wednesday, 26 February 2014 11:39 AM

. සමහරවිට මේ මිනිහා අහිංසක මිනිහෙක් වෙන්න ඉඩ තියනවා. (අ)

:       0       0

අනු Wednesday, 26 February 2014 11:51 AM

මෙයා පොලිස් කාරයෙක්ද ? සිවිල් කෙනෙක්ද ? (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 27 February 2014 01:31 PM

නඩුව අවරුදු 4 ගත වෙලත් විසදන්න බැරි මොකද?(නදී)

:       0       0

පිටිගල Tuesday, 25 February 2014 06:36 PM

පොලිසිය අහිංසකයෙක් අමාරුවේ දාලා වගෙයි? (අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 25 February 2014 06:45 PM

දැන් තේරෙනවද ඇත්තටම මන්ද මානසිකත්වය තිබුනේ කාටද කියලා? (අ)

:       0       0

සත්‍යයා Tuesday, 25 February 2014 07:13 PM

දෙනෝ දාහක් බලා සිටියදී ඒ අහිංසකයා දොහොත් ඔසවා මේ පාපතරයාට වඳිද්දීත් ඔහු ලොකු පොල්ලකින් ගසමින් ඒ තරුණයාව ගැඹුරු දියඹට ම යැව්වා. මේ සියලුම සිදුවීම් කැමරා ඇසට හසුවී තිබියදීත් මේ පොලිස්කාරයා තමා කළ වරද පොලිස් දෙපාර්තමේන්තුවට පටවන්න උත්සාහ කරන අන්දම කොතරම් පිළිකුල්ද ?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site