IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇඳිරිය කඩමින් පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී රිය අත්අඩංගුවට

අනීෂා මානගේ

ඇඳිරිනීති කාලයේදි පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී මෝටර් රථයක් එහි රියැදුරු සමඟ අද(14) අලුයම අත්අඩංගුවට ගත් බව හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීහු කියති.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.

ඇඳිරිනීතිය පැවැති කාලයේදී ධාවනය කළ මෙම සුඛෝපබෝගී මෝටර් රථය තංගල්ල ප්‍රදේශයේදී නවත්වන ලෙස පොලිස් නිලධාරින් අණකර ඇති අතර එම රථය පොලිස් අණනොතකා ධාවනය කර ඇතැයි නිලධාරිහු කියති.

පසුව මෙම රථය හුංගම බටඅත ප්‍රදේශයේදී නවතන ලෙස පොලිසිය විසින් අණකළද එම ස්ථානයේදීද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර අළුයම 12.40ට පමණ නෝනාගම ප්‍රදේශයේ මාර්ග බාධක යොදා රථය අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත්වී ඇත. අත්අඩංගුවට පත්වන විට මෝටර් රථයේ රියැදුරු බීමතින් සිටි බවට තහවුරු වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඇඳිරිනීතිය කඩ කිරීම, බීමතින් රිය පැදවීම සහ පොලිස් අණ නොතකා ධාවනය යන චෝදනා අනුව සැකකරුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව හුංගම පොලිසිය කියයි.

 



අදහස් (7)

ඇඳිරිය කඩමින් පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී රිය අත්අඩංගුවට

P. Ilangaratne. Sunday, 14 June 2020 07:21 AM

ඔලුවටම තිබ්බේ නැත්තේ ඇයි?

:       17       93

BamunuarachchiSunday, 14 June 2020 08:04 AM

දෙසැරයක් හිතන්න.. වාහනයේ අයිතිකාරයා නම් වාහනයේ පැදවූවේ RPG එකක් ගැහුවත් කමක් නැහැ. දරුපවුලක් රකින රියදුරෙක් නම් මොහුගේ නොහොඹිනා කමට දරුපවුලක් අනාථයි නේද?

:       22       42

පෙරේරාSunday, 14 June 2020 09:24 AM

ඕක ත්‍රීවීල් එකක් නම්, පොලිසියට ඕක එලවන්නෙ අයිතිකාරයාද නැත්නම් දරු පවුල් රකින රියදුරාද කියා අදාල නැත. කෙලින්ම RPG තමයි. එකම රටක් එකම නීතියක්. රෙස්පෙක්ට්...

:       99       175

nihal Sunday, 14 June 2020 10:58 AM

ඇයි වෙඩි තිබ්බේ නැත්තේ...? ඔහොම එවුන්ට වෙඩි තියන්න ඕනෑ. දේශපාලුවෙක්වත්ද? නැතිනම් කුඩු මුදලාලියෙක්ද? සාමාන්‍ය කෙනෙක් වෙන්න බැහැ. සාමාන්‍ය කෙනෙක් නම් වෙඩි තියනවනේ. ඔය කාකි කෝට් කාරයින් දේශපාලුවන්ට බයයි.

:       21       142

Don Sunday, 14 June 2020 12:06 PM

සත්‍ය වශයෙන්ම බීමත්ව රිය පැදවූයේ දේශපාලකයෙක් විය හැකිය. ඒ හින්දා වෙන්නැති නිදහස් කරන්නට ඇත්තේ...

:       0       33

Nandalal DE SILVA - FranceSunday, 14 June 2020 05:40 PM

කොටින්ම කියනවා නම් බලයේ සිටින පක්ෂයේ පොරක් වෙන්න පුළුවන්!!! නැතිනම් ඔහොම නිදහස ලබාගන්න බැරිවෙයි.

:       0       24

Sarath Monday, 15 June 2020 08:21 AM

පෙරේරා මහත්මයා මගේ හැඟීම ඔබතුමා හරි... ඕකට එකපාරම RPG ගහන්න යන්න අවශ්‍ය නෑ. අනික් කරුණු ඔය වැරදි කීපයක් කරලා අහු වුනේ පාන්දර යාමේ.., උදේ වෙනකොට ඇපත්දීල මීඩියා එකටත් ගිහිල්ලා...

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site