(විනීතා එම් ගමගේ)
ඇදිරි නීතිය පවතින කාල සීමාවේ සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයන්හි වෙනිවැල් කැපීමේ ජාවාරම දිගින් දිගටම සිදුවෙතැයි වාර්තාවේ.
පවතින වසංගත තත්ත්වය හමුවේ වෙනිවැල් සදහා පවතින ඉල්ලූම ඉහල යාමත් සමග මෙසේ වෙනිවැල් කපා විකිණීමේ ජාවාරමක් සිදු වෙතැයි එම ප‍්‍රදේශවල වැසිියෝ පවසති.
නෙළුව ආසන්න ප‍්‍රදේශයන්හි මෙම ජාවාරම වැඩි වශයෙන් සිදුවන අතර වාරුකන්දෙනිය, කොස්මුල්ල, කොලොන්තුඩුව වැනි සිංහරාජ වනාන්තරයේ ප‍්‍රදේශ ගණනාවක මෙම තත්ත්වය විශාල වශයෙන් දැකිය හැකි වන බව ද පැවැසේ.
ඇදිරි නීතිය පවතින අවස්ථාවේ වෙනිවැල් කපන අතර ඒවා ප‍්‍රවාහනය කරනු ලබන්නේ ඇදිරි නීතිය ඉවත් කරනු ලබන වේලාවන්හි වේ.
වෙනිවැල් අලෙවි කිරීමේ බලපත‍්‍ර නෙළුව ප‍්‍රදේශයේ කිහිපදෙනෙකුට ලබාදී ඇති අතර එම පුද්ගලයින්ට බලපත‍්‍ර ලැබී ඇත්තේ ගෙවතුවලින් කපන වෙනිවැල් අලෙවිකිරීම සදහාය.
මේ වනවිට එහි කිසිදු ගෙවත්තක වෙනිවැල් නැති නමුත් මෙම නියෝජිතයෝ අලෙවිය සදහා ප‍්‍රවාහනය කරන්නේ සිංහරාජයෙන් කපන වෙනිවැල් බවට ගම්වැසියෝ සැකකරති.
ඇදිරි නීති කාලයේ කිසිදු වන නිලධාරියෙකු වනයේ නොමැති නිසා මෙසේ ජාවාරම් කරුවෝ වනාන්තරයෙන් වෙනිවැල් කපන බවත් මෙම ජාවාරම පිළිබදව වහා සොයා බලන්නැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් ගම්වාසිහු කියති.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ඇඳිරිනීතියේදී වෙනිවැල් ජාවාරමක්
Dilan Wednesday, 25 March 2020 12:41 PM
කන්නෙලිය රක්ෂිතයේ සහ එහි පෝෂක වනාන්තර වලත් මෙම ව්‍යාපාරය ජයටම සිදුවෙනවා. අඩවි වන නිළධාරීන් මේ ගැන සොයාබලන්නේ නැහැ.