IMG-LOGO

'ඇගේ ඇසේ' නිරුවතින් රඟපෑවේ ඇයි?

2016-05-06-ent-67


ඔයාගේ නම මොකක්ද?

2016-05-06-ent-63රිතිකා කියලා දැනගත්තම ඇතිනේද?

 

ඇයි සම්පූර්ණ නම කියන්න බැරිද?

පාස්පෝට් එකක් හදන්න නෙවෙයිනේ නේද?

 

ඉගෙන ගත්ත පාසල?

මිලාගිරිය ශාන්ත පාවුලු විද්‍යාලය.

 

පවුලේ විස්තර?

අම්මයි, තාත්තයි, නංගියි, මමයි.

 

මේ දවස්වල මොකද කරන්නේ?

ඇගේ ඇස අග චිත්‍රපටය පෙන්නනකල් බලා ඉන්නවා.

 

කොහොමද කලාවට එන්නේ?

පෙරුම්පුරා ගෙන ආ ගමනක් නෙවෙයි. මට හිතෙන්නේ කලාවට එන්නේ අහම්බෙන් කියලා.

 

ඔබට කොහොමද අශෝක හඳගම මුණගැසෙන්නේ?

"ඇගේ ඇස අග" චිත්‍රපටයේ රඟපාන්න කෙරුණු තෝරාගැනීම් පරීක්ෂණයෙදී. චිත්‍රපටය සඳහා මාව සුදුසුද කියලා බලන්න ඔහු ඔහුගේ සහාය අධ්‍යක්‍ෂක වන අමල් අල්විස්, නිෂ්පාදන කළමනාකරු වූ මජුල පෙරේරා යන අයට කියලා තිබුණා. ඒ අනුව මම ඒ මූලික පරීක්ෂණයට ගියා. මාව තෝරා ගැනුණා.

 

අශෝක හඳගම වැනි සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් යටතේ මුලින්ම සිනමාවට එන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

සතුටක් වගේම වාසනාවක් කියලා හිතෙනවා. මට හිතෙනවා හොඳ ගමනක් යන්න හොඳ ආරම්භයක් මට හමුවුණා කියලා.

 

"ඇගේ ඇස අග" චිත්‍රපටයේ ඔබ නිරුවත් දර්ශනවලට පවා පෙනී සිටිනවා, එය අභියෝගයක් වුණේ නැද්ද? ඔබගේ පවුලේ උදවිය විරුද්ධ වුණේ නැද්ද?

චිත්‍රපටය නරඹන ඔබ එහෙම දැක්කට රූගත කෙරෙනකොට එහෙම අපහසුතාවක් දැනුණේ නැහැ. ඒ රූගත කිරීම් ඉතා පරිස්සමට සැලසුම් කර තිබුණා. ඔබ තිරයේ දකින්නේ චිත්‍රපටයේ චරිතයක් මිසක් මම නෙවෙයි. චිත්‍රපටය නරඹන කොට ඒ ඉන්නේ මමද කියා මටම විශ්වාස කරන්න බැරි තරමට ඒ චරිතය මගෙන් බොහෝ දුරස් එකක් බවට පත්වෙලා තිබුණා. ඒක එක්තරා විදියකට අති භයානක චරිතයක්. බෝම්බයක් වගේ. ඕනෑම ගැහැනියක් තැති ගන්වන එකක්. මමත් තිගැස්සුණා.

 

"ඇගේ ඇස අග" චිත්‍රපටයේ ඔබ රගපාන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනි ස්වර්ණා මල්ලවාරච්චි සහ Drithiman Chaterji වැනි විදෙස් ප්‍රවීණ රංගන ශිල්පියෙක් එක්ක. ඒ අත්දැකීම ගැන කිව්වොත්?

මට මේ රංගනයම අභියෝගයක්. ඒකට වඩා අභියෝගයක් වුණේ සිනමාවේ දැවැන්ත රංග ප්‍රතිරූප දෙකක් එක්ක රඟපාන්න වීම. මම නිසා ඔවුන්ට ඔවුන්ගේ කොටස් හරියට කරන්නට බැරි වුණොත්, ඒ චෝදනාවේ වගකීමත් මා පිට පැටවෙන නිසා. ඒත් වුණේ එකේ අනිත් පැත්ත. ඔවුන් සමඟ රඟපෑමම තමයි මගේ රඟපෑමේ කිසියම් සාර්ථකත්වයක් තියෙනවා නම් ඒකට හේතුවත්. ඔවුන් එක සැණින් ඒ රංග අවස්ථාවට එළඹෙන හැටි හරි පුදුමයි. ආස හිතෙනවා. ඒකම තමයි මට මේ රංගනයට ලැබුණු ඉහළම සහයෝගය. මම හිතන්නේ ඒක මගේ වාසනාවක්.

 

පසුගිය දවසක ඔබ රගපෑ "ඇගේ ඇස අග" චිත්‍රපටයේ විශේෂ දැක්මක් තිබ්බා. කොහොමද ලැබුණු ප්‍රතිචාර?

මට හිතෙනවා චිත්‍රපටය එදා බලපු හැමෝම තිගැස්මකට ලක් කළා කියලා. මා ද ඇතුළුව. ගොඩක් අය සතුටින් කතා කළා. ඒක සතුටක්.

 

ඔබත් සිනමා නිර්මාණවලට විතරද දායක වෙන්නේ, කලින් ඔබ මෝස්‌තර නිරූපණයේ යෙදී සිටියා. දැන් ඒවාගෙන් ඇත්වෙලද?

ඔව්. මම මෝස්තර නිරූපිකාවක් විදියට හිටියා. වෘත්තියක් වශයෙන්ම නෙවෙයි. දන්න අයගේ ඉල්ලීම්වලට. විනෝදෙට. මේ චිත්‍රපටයේ රඟපෑවට පස්සේ ඒවාට ගියේ නැහැ. ඇති කියලා හිතුණා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මම ආයේ මොඩ්ලින් කරන්නේ නැහැ කියලා. ඒත් මොකක්ද මොකටද කියලා ටිකක් පරිස්සම්වෙන්න හිතුවා. අනිත් එක ඒ ආසාව දැන් නැහැ.

සිනමාවේ වුණත් ආයේ රඟපාන්නේ මට කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් විතරයි. මම හිතන්නේ නැහැ මම නිළියක් කියලා. මේ චිත්‍රපටයේ රඟපෑවට පස්සේ තව දෙක තුනක රඟපාන්න කතා කළා. ඒත් අඩු තරමින් මේ රඟපෑමවත් දැකලා නැතුව එහෙම අඬගහන්නේ ඇයි කියලා මම කල්පනා කළා. මගේ රඟපෑම මම දැක්කෙත් පහුගිය මාධ්‍ය දර්ශනය දවසෙනේ.

 

ඔබට අනුව ඔබ සිනමාව දකින්නේ කොහොමද?

මට එහෙම සිනමාව ගැන ලොකු අදහසක් නැහැ. මම චිත්‍රපට බලන්න කැමතියි. රඟපාන්න ආවේ අහම්බෙන්. රටක සිනමාව දියුණු වෙනවා නම් හොඳයි. ඒක කලාවක් වගේම කර්මාන්තයක්. ජීවිතේ ගැන ගොඩාක් දේවල් සිනමාව හරහා ඉගෙන ගන්න පුළුවන්, හොඳ සිනමාවක් තිබුණොත්. විනෝද මාධ්‍යයක් විදියටත් සිනමාව මට වටිනවා. ඔය වගේ අදහස් තමා සිනමාව ගැන මට තියෙන්නේ.

 

සිනමාව ගැන හැදෑරීමක් කරනවද?

අනේ එහෙම අදහසක් නැහැ. මම ජීවිතේ නම් ඉගෙන ගන්නවා හැම තත්පරයකම. මට මගේ ජීවිතේ බොහෝ පාඩම් උගන්වලා තියෙනවා. සිනමාව රසවිඳිනවා ඇරෙන්න සිනමාව ඉගෙන ගන්නේ නැහැ. සිනමාවෙන් නම් ඉගෙන ගන්නවා.

 

"ඇගේ ඇස අග" චිත්‍රපටයේ දී අමතක නොවන අත්දැකීම් එහෙම තියෙනවද?

මුළු චිත්‍රපටයේ හැම මොහොතක්ම අමතක නොවෙන එකක්. චිත්‍රපටය තිරයේ දකිද්දී ඇත්තටම එහෙම අවස්ථා රඟපෑවද කියලා හිතෙනවා. සිනමාව කියන්නේ මායාවක් ම තමයි නේද කියලා හිතෙනවා.

 

ඉදිරියේදී මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?

මම කවදත් මගේ ජීවිතේ සැලසුම් කළ කෙනෙක් නෙවෙයි. මට වැරදුණු තැන් ගොඩක් තියෙනවා, ආයෙත් නිවැරදි කරන්න බැරි. ඒත් ඒ ගැන දැන් දුක්වෙලා වැඩක් නැහැ. සතුටු වෙන්න ඕන තරම් දේවල් තියෙන නිසා. ඒ නිසා එන ඕනෑම විදියකට මුහුණ දෙමින් ජීවිතේ ඉස්සරහට ගෙනියනවා ඇරෙන්න වෙන බලාපොරොත්තුවක් නැහැ.

 

ඔබෙන් ඇහුවොත් රිතිකා කොඩිතුවක්කු මොන වගේ කෙනෙක්ද කියලා ඔබ දෙන උත්තරේ?

අනෙක් හැමෝම වගේ මාත් ගැහැනියක්.

 

අනූෂා රණසිංහ 

සේයාරූ සුමුදු හේවාපතිරණ

 

2016-05-06-ent-66
2016-05-06-ent-65
2016-05-06-ent-64



අදහස් (0)

'ඇගේ ඇසේ' නිරුවතින් රඟපෑවේ ඇයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site