IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඇගලුම් කම්හලේ කොරෝනා පොකුර 101 ට නගී

 

(ඩයනා උදයංගනී, ඩී.ජී. සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතව හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංහය පවසයි.

මෙම ආසාදිතයින් අතරින් 78 දෙනෙක් අද වාර්තා විය. දිවුලපිටියෙන් හමුවූ කාන්තාව හා ඇගේ දියණිය අනෙක් ආසාදිතයින් දෙදෙනා වේ.‍

එම කාන්තාවගේ සැමියා හා පිරිමි දරුවන් දෙදෙනාට මෙම වයිරසය ආසාදනය වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තවගේ සමිපතමයින් නිරෝධායනයට යොමුකර සිටින හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින පිරිසගේ සිදු කරන ලද පී.සි.ආර්. පරික්ෂණවලදී ඇඟලුම් කම්හලේ අට දෙනෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට අද (05) තහවුරුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. 

මෙම අට දෙනා හපුවලාන මරඳගහමුල, අලුත්පිල්ල වෑගොව්ව, දුනගහසෙවණ දූනගහ, මඩුල්තැන්න අපරගම, දෙල්වගුර, දොළගැට්ටපාර උඩුගම්පල සහ කපුවත්ත ජාඇල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ඇඟලුම් කම්හලේ කාන්තාවන් 18 දෙනෙකු ඊයේ මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබු අතර එම පිරිසෙන් අට දෙනෙකුට මෙසේ කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවි තිබේ.

මෙම අට දෙනා අද මෙයට ටික වේලාවකට පෙර මිනුවන්ගොඩ  සහ  ඉරණවිල රෝහල් වෙත රැගෙන ගිය බවද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.



අදහස් (2)

ඇගලුම් කම්හලේ කොරෝනා පොකුර 101 ට නගී

සමිත සේනක අලුත්ගමගේ. Monday, 05 October 2020 05:12 PM

පෙර දිනවල කොරෝනා මර්දනයට රජය නිසි ක්‍රමවේද යෙදුවා. ඒත් ටික කලක් ගොස් සියලු නීති අමතක කොට දැමුවා. මිනිසුන්ට මුඛ ආවරණ නොමැතිව සිත් සේ සැරිසරන්නට ඉඩ හැරියා. බස්වල, කෝච්චිවල පොල් පටවන්නා සේ ආපසු සෙනඟ අරගෙන ගියා... පෙරයුගයේ තිබූ උණුසුම ගැන කිසිඳු තැකීමක් කළේ නෑ. මේ නිසා නැවතත් පැමිණියා. දැන් ඉතින් ආයෙමත් තියෙන්නේ පුදුම කරදරයක්... මුලසිටම මේවා දිගටම පාලනය කළා නම් අද මේ දේ වෙන්නේ නැහැ.

:       0       1

Siri Perera Monday, 05 October 2020 10:33 PM

ආණ්ඩුව උඩපැන්නා වැඩියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site