ලෝක බාල දක්ෂ සම්මේලනයේ ආසියානු ශාන්තිකර කලාපීය නව අධ්‍යක්ෂක ජේ. රිසාල් සී පංගිලිනන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා පිලිපිනයේ මැනිලා නුවර සිට අද අළුයම දිවයිනට පැමිණියේය.
ලෝක බාල දක්ෂ සම්මේලනයේ ආසියානු ශාන්තිකර කලාපයේ ශ‍්‍රී ලංකා නියෝජිත ජනප‍්‍රිත් ප‍්‍රනාන්දු , ශ‍්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ නියොජ්‍ය ප‍්‍රධාන කොමසාරිස් ෂිරාස් සාලි සහ මුලස්ථාන කොමසාරිස් ප‍්‍රභාත් කුලරත්න යන මහත්වරුන් විසින් මෙරටට පැමිණි පංගිලිනන් මහතාව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඉතා උනුසුම් අන්දමන් පිළිගනු ලැබීය.
පංගිලිනන් මහතා ආසියානු ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂක ධුරය ලැබු පසු ශ‍්‍රී ලංකාවට පැමිණි ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි.
ශ‍්‍රී ලංකාවේ බාල දක්ෂ කණඩායම් නායකත්ව පුහුණු වැඩසටහන් කිහිපයකට දායක වීම පංගිලිනන් මහතාගේ මෙම ගමනේ අරමුණ වෙයි.
ආසියානු ශාන්තිකර කලාපයේ මුලස්ථානය පිලිපීනයේ මැනිලා නුවර පිහිටා ඇති අතර මිලියන තිස් හයක් වු ලෝක බාල දක්ෂ සාමාජික සාමාජිකාවන්ගෙන් මිලියන් තිහක්ම ආසියානු ශාන්තිකර කලාපයේ සාමාජිකයෝ වෙති.
මීට අමතරව කොළඹ දිස්ත‍්‍රික් බාල දක්ෂ සංගමයේ සියවස සැමරීමේ උත්සවයකටද ඔහු සහභාගීවීමට නියමිතය.
මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආසියානු ශාන්තිකර කලාපීය බාල දක්ෂ අධ්‍යක්ෂක ලංකාවේ
සුමංගල-ඇල්පිටිය Monday, 13 January 2014 05:37 PM
බාල එක්කෙනෙක්වත් නෑ.(නදී)