හයවැනි ආසියානු බොක්සිං තරගාවලියට (කාන්තා) සහභාගිවීම සඳහා ක‍්‍රීඩිකාවන් හය දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා බොක්සිං කණ්ඩායම ඊයේ (14) පස්වරුවේ මොන්ගෝලියාව බලා පිටත්ව ගියේය. අන්තර්ජාතික තරග අත්දැකීම් තිබෙන අනුෂා කොඩිතුවක්කු සහ නිල්මිණී ජයසිංහ මෙවර තරගාවලියට සහභාගිවන්නේ නව බර පංති දෙකකිනි. අනුෂා කිලෝග‍්‍රෑම් 51 ෆ්ලයි බර පංතියෙන්ද, නිල්මිණී කිලෝග‍්‍රෑම් 60 ලයිට් බර පංතියෙන් ද තරග කරති. ආසියානු බොක්සිං පදක්කම් ලාභිණියක් වන අනුෂා 2010 වසරේදී බාබඩෝස්’හි පැවැති ලෝක කාන්තා බොක්සිං තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩිකාවකි. 2009 වසරේදී රුසියාවේ පිල්ස්ටෙන් නුවරදී පැවැති ලෝක කාන්තා ආරාධිත බොක්සිං තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 51 බර පංතියෙන් රන් පදක්කම දිනාගත් නිල්මිණී ජයසිංහ ආසියානු තරගාවලියට සිවුවරක් සහභාගිවී පදක්කම් දිනාගෙන තිබේ. තරගාවලියට චීනය, ඉන්දියාව, උස්බෙකිස්ථානය, පිලිපීනය, කාම්බෝජය, මොංගෝලියාව, සිංගප්පුරුව, ශ්‍රී ලංකාව, තුර්ක්මෙනිස්ථානය හා කසකස්තානය ඇතුළු රටවල් 15 කින් ක‍්‍රීඩිකාවෝ 120 දෙනෙක් සහභාගිවෙති. පොලිස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ශිරෝමාලි වීරරත්න හැරුණු විට සෙසු ක‍්‍රීඩිකාවෝ මාස් සදර්න් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරති. සංචාරක ශ්‍රී ලංකා කාන්තා බොක්සිං පිල: අනුෂා කොඩිතුවක්කු (කි.ග‍්‍රෑ. 51 ෆ්ලයි), නිල්මිණී ජයසිංහ (කි.ග‍්‍රෑ. 60 ලයිට්), සිතාරි සඳලේඛා (කි.ග‍්‍රෑ. 57 ෆෙදර්), කෝසලා නිල්මිණී (කි.ග‍්‍රෑ. 48 ලයිට් ෆ්ලයි), විදුෂිකා ප‍්‍රබාදි (කි.ග‍්‍රෑ. 54 අඩු බැන්ටම් *, ශිරෝමාලී වීරරත්න (කි.ග‍්‍රෑ. 75 වෙල්ටර්*, චම්පක මාතරආරච්චි මහතා (පුහුණුකරු), දිල්හාර සීමන් මහතා (කළමනාකරු), අනුරුද්ධ රත්නායක (සහාය පුහුණුකරු)
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ආසියානු කාන්තා බොක්සිං ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම මොන්ගෝලියා යයි