IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ගෙන යන බස්වලට නීතිමය ක්‍රියාමාර්ග

(ඩයනා උදයංගනී)

බස් රථවල ආසන සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පැවසීය.

පොදු ප්‍රවාහන සේවා අද(8) සිට සාමාන්‍ය පරිදි සෞඛ්‍යාරක්‍ෂික අන්දමින් ආරම්භ කෙරුණු බව කී අමාත්‍යවරයා එම වැඩපිළිවෙල සියයට 95ක් සාර්ථක බව ද සඳහන් කළේය.

ඒ අනුව බොහෝ බස්රථවල මගීන් ආසන සංඛ්‍යාවට පමණක් රැගෙන ආ බව කී ඇමතිවරයා ඇතැම් ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් ඇතිව තිබූ බව ද කීවේය.

දුම්රියවල ද ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන ලෙස නිර්දේශ කර ඇතත් එය ප්‍රායෝගිකව දුෂ්කර කටයුත්තක් බව කී ඇමති මහින්ද අමරවීර මහතා සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර දුම්රියවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්‍ෂාව තහවුරු කරමින් වැඩි මගීන් ප්‍රමාණයක් ගෙන යා හැකි වැඩපිළිවෙලක් සකස් කරන බව ද ප්‍රකාශ කළේය.
 
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස ගණනක් ධාවනය නොකෙරුණු පෞද්ගලික බස්රථවල අලුත් වැඩියා කටයුතු සිදුකිරීම සඳහා සහන පොලී අනුපාතිකයක් යටතේ රුපියල් ලක්‍ෂ තුනක ණයක් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා කීවේය.

ජනාධිපතිවරයා සමඟ අද (8) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව කී අමාත්‍යවරයා එහිදී බස් රථ හිමියන් කළ ඉල්ලීම අනුව බස් රථයේ මාර්ග බලපත්‍රය ඇපයට තබාගෙන මෙම පහසුකම ලබාදීමට තීරණය කර ඇතැයි ද පැවසීය. 



අදහස් (10)

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ගෙන යන බස්වලට නීතිමය ක්‍රියාමාර්ග

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 June 2020 10:27 AM

සතුටට කරුණක්...! ඒ වගේම ප්‍රශංසා කළයුතු ක්‍රියාවක්.. මින්පසු පොල් පටවන්නා සේ, වවුලන් එල්ලන් යන්නා සේ මගීන් ප්‍රවාහනය කිරීමට නොහැකිය. කිසිවෙකුට මෙල්ල කළ නොහැකිවූ බස් කාරයින්ව හිත් පිත් නැති කොරෝනා මෙල්ල කළ වගයි..

:       135       223

සමිත සේනක අලුත්ගමගේ.Monday, 08 June 2020 01:17 PM

හැබැයි.. මෙතන ප්‍රවාහන අමාත්‍යාංශ අංශවලට බුද්ධියට හසුකර ගැනීමට නොහැකිවූ දෙයක් තිබෙනවා. කාර්යාල දුම්රියක් තුළ මගීන් හිටගෙන යන අයුරු මා දුටුවා. බස්වල පමණක් හිටගෙන ගියවිට නඩු දැම්මොත්, ඔවුන් ඒ බව අධිකරණයේදී පෙන්වා දේවි. ඒ නිසා ඔවුන්ට දඬුවම් දීමට පෙර දුම්රියේ මගීන් හිටගෙන නොයාමට වැඩිපුර පෙට්ටි අමුණන්න. නොඑසේ නම්,වැඩේ හබක් ... බස්කාරයන්ට නඩු දමනවා බොරු..

:       0       113

තිලක්Monday, 08 June 2020 01:26 PM

කොරෝනා වලින් ආණ්ඩුවේ කුණු අපුල්ලන්න නම් බැරි වෙයි..

:       100       60

lalMonday, 08 June 2020 11:53 PM

තියෙන සිට් ගණනට තමයි මගින් ගෙන යා යුත්තේ. මන්ද සල්ලි ගෙවලා තමයි කෙනෙක් බස් එකකට කෝච්චියකට නගින්නේ. නමුත් මෙය කවදාවත් පැවතුනු කිසිම රජයක් ගණනකට ගත්තේ නැහැ. ඒ අය ජනතා මුදල් වලික් කෝටිගනන් වල වාහන වල යනවා. ජනතාව ඇමතිලාට වාහන ගන්න සල්ලි දිලා , බස් එකටත් සල්ලි ගෙවලා හිටගෙන දාඩියදාගෙන යනවා. වසංගතයක් ආවාම මුළු රටම කනපිට පෙරලන එක අමාරුයි. (නමුත් එය කලයුතුයි මේ අවස්ථාවේ.) බස් සංගම් කෝච්චි සංගම් වලට යටනොවි, රටේ නිතිය නිතිය විධියට ක්‍රියාත්මක කර, සිට් ගණනට සරිලන විධියට මගින් නංවා ගැනිම නීතිගත කර එසේ නොකරන අයට ඉතා විශාල දඩයක් ගැසිම කලයුතුයි කොරෝනා අවසන් වුනත්.

:       0       2

samanthi Monday, 08 June 2020 02:23 PM

මතුගම ටවුමට කිට්ටුව පොලිස් නිලධාරියෙක් අතයටින් ගාන අරන් පොල් පටවපු ප්‍රයිවට් බස් එකට යන්න දුන්නේ ඊයේ නැත්නම් පෙරේදා... අපේ යාලුවෙක් බස් එකේ වාඩිවෙලා හිටියේ. බේබද්දෙක් රාලහාමි කැත වැඩේ කියලා කෑගැහුවාමත් ගණන් අරන් නැහැ. ඔන්න ඉතින් උඩින් මොනවා කරත් යට ඉන්න අයගේ කැත ගති නිසා වැඩේ හරියන්නේ නැහැ. හොඳට කිඹුහුම් අරින එකෙක් හිටගෙන හිටපු ගොඩේ ගියාලු...

:       0       100

vidya Monday, 08 June 2020 04:43 PM

නීතිරීති දමලා අඩම්තේට්ටම් කරලා කොළඹ ශ්‍රවණාගාරවල ඉඳලා පාට් දැම්මට වැඩක් නැහැ. තවමත් කොරෝනා වයිරසය පිළිබඳව මිනිසුන් දැනුවත් කරමින් සෙමින් සෙමින් ක්‍රියා මාර්ග සෑදිය යුතුයි. එමෙන්ම බස් රථ ප්‍රමාණය වැඩිකළ යුතුයි. ඔය බස්වල, කෝච්චි වල එල්ලිලා යන අය තමයි පරිසරයට හිතකාරී පිරිස...

:       0       1

Ramendra Monday, 08 June 2020 05:46 PM

බයිලා තමා.., සවස 5න් පස්සේ බලන්න හිටගෙන යන හැටි... ඔය බයිලා ඡන්දය ඉවරවෙනකම් විතරයි. ඔය කතාවලට අහුවෙන්නේ බයියන් තමයි...

:       8       34

රසික Tuesday, 09 June 2020 01:12 AM

රටේ බස් සේවාව ගැන හරිහැටි සොයා නොබලා ගත්ත ගොන් තීරණයක් අපේ පාරෙ වැඩකරන්නෙ එකම එක බස් එකයි එක ගමන් වාරයක් ගිහින් ආයෙත් එන්න පැය තුනක් ගතවෙනවා. අතරමගින් නගින්න ඉන්න මිනිස්සු ලොකු අමාරැවක වැටෙනවා.

:       0       6

subhaniTuesday, 09 June 2020 06:44 AM

කොරෝනාව ගැනත් හිතන්න ඕනෑ නේද? හිටගෙන යාමට වඩා මනුස්ස ජීවිත වටිනවා. ජේ.ආර්. ලංකාවේ බස් සර්විස් එක කෑවේ ප්‍රයිවට් බස් දාලා. ඊට පස්සේ ආව හැම ආණ්ඩුවටම මොකක් හරි වෙන උගුලක් තිබුණා. එක්කෝ කොටි නැත්නම් ජේවීපී. යහපාලන ආණ්ඩුවට තමයි හරි නිදහස් රටක් ලැබුනේ.. හැබැයි කට්ටිය පිස්සු නැටුවා. දැන් කොරෝනා. බලමු මේක ඉවර වුණාමවත් අලුතෙන් එන ආණ්ඩුව බස්සේවාව ගැන හිතාවිද කියලා. හැබැයි යූඑන්පී සජිත් බලවේගය ගහගන්න විදිහට කොළ ආණ්ඩුවක් ආවත් මොනවා වේවිද හිතන්න අමාරුයි. මොකද ඒ දෙගොල්ලන් ඒ අයගේ බලය තහවුරු කරන්න රණ්ඩු වෙනවා මිසක් රට ගැන බලනවා අඩුයි.

:       0       0

Prasad Tuesday, 09 June 2020 01:59 AM

මේකත් අර හාල් අල්ලන්න ගියා වගේ වේවි.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 451 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site