IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ආර් එම් වී හිටපු සහකාර කොමසාරිස් ඇතුළු තිදෙනාට ඇප

(රෝෂන් තුෂාර)

රේගුවට හොර රහසේ ආනයනය කළ  ටොයෝටා වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථයක් නීති විරෝධීව  ලියාපදිංචි කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස්වරිය ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද(14) නියෝග කළාය.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස් හා ඉඩම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සූරියා ප්‍රියංගනී සිරිමාන්න , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංවර්ධන සහකාර අබේසිංහ ආරච්චිගේ සංජීව කුමාර,අධීක්ෂණ නිලධාරි ඉන්දික ලක්ෂමන් හේරත් සැකකරුවන් මෙසේ ඇප මත මුදා හැරිනි. 

සැකකරුවන්ට රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප දෙක බැගින්  නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළාය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ 2018 වර්ෂයේ ජපානයේ නිෂ්පාදනය කර 2019 වර්ෂයේ රේගුවට හොර රහසේ මෙරටට ආනයනය කළේ යැයි කියන ටොයෝටා වර්ගයේ ජී.එස්.9164 රථය 2002 වර්ෂයේ මුල් ලියාපදිංචිය කර ඇති බවට  ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් අනීතික ලියාපදිංචි  කිරීම  හා ඊට ආධාර අනුබල දීම තුළින් රජයට රුපියල් 32268620.00 පාඩුවක් කිරීමේ  සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවය.

 



අදහස් (0)

ආර් එම් වී හිටපු සහකාර කොමසාරිස් ඇතුළු තිදෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 119 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 70 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site