IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආරාධිතයාගෙන් සංගීත පුහුණුව

වෙරෝනා නුවර  තෙආත්‍රෝ ස්තිමතෝ ශාලාවේ පැවැත්වෙන හෙළ මියැසි ගී රාවය 2014 ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස  සහභාගී වීමට ඉතාලියට පැමිණි ප‍්‍රවීන සංගීත අධ්‍යක්ෂක ආචාර්ය රෝහණ වීරසිංහ මහතා වෙරෝනාහි පදිංචි ශ‍්‍රී ලාංකික දරු දැරියන්  සංගීතය පුහුණුවන ස්ථානයට ඊයේ(21) ගොස් ඔවුනගේ පුහුණු වීම්  සදහා සහයවෙමින් ඔවුන් දිරිමත් කළේය.
විදේශ ගතව සිටිමින් නොයෙකුත් දුෂ්කරතා මැද අර්ථවත් සම්භාව්‍ය සංගීතයේ මිහිර විදිමින් දේශීය සංගීත භාන්ඩ පුරුදු වන මෙම දරු දැරියන් පුහුණු වීම් කටයුතු කරන්නේ වෙරෝනා නුවර ප‍්‍රධාන පාපන්දු ක‍්‍රීඩාංගනය අසල පිහිටි කුඩා ගරාජයකය.
දැඩි සීතලෙන් මිදීම සදහා ඔවුන්  සිය පුහුණු වීම් කටයුතු කිරීමට මෙම ගරාජය තෝරාගෙන ඇත. ඔවුන් ගරාජයට ගොස් දොර වසාගනි.
රෝහණ වීරසිංහ මහතාද එහිදී දරු දැරියන් සමග ගී  ගයමින් පුහුණු වීම් මහත් උනන්දුවකින් සිදු කළේය. 
දේශීය සම්භාව්‍ය  සංගීතය රැක ගැනීමට වෙහෙසෙන මෙම ලක් දුපුතුනගේ  ගෙන යන උත්සාහයට රෝහණ වීරසිංහ මහතාගේ ආගමනය අගය කළ එහි වෙසෙන  ලාංකිකයෝ එය ඉතා  ගෞවරවයක් කොට සැලකූහ.
එම දරු දැරියන් පැවසුවේ රෝහණ වීරසිංහයන් වැනි ප‍්‍රවීන සංගීත අධ්‍යක්ෂකවරයෙක්ගෙන් සමග පුහුණු කටයුතු කිරීමට අවස්ථාව උදාවීම තමන් ජීවිතයේ ලත් මහත් භාග්‍යයක් බවයි.
ලක් දු පුතුන් සංගීතවත් කරන හෙළ මියැසි ගී රාවය  රාවය අද සවස පහට පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

ආරාධිතයාගෙන් සංගීත පුහුණුව

සුනිල් ගාමිණී වෙරෝනා Saturday, 22 February 2014 04:35 PM

ලංකාවේ ඉන්න දක්ෂතම කලාකරුවෙක් ,ඇත්තටම රෝහණ වීරසිංහ මහතාව දකින්න ලැබීමත් ලොකු සතුටක් ,,මෙම කලාකටයුත්ත වෙනුවෙන් මහන්සි වුන සියලු දෙනාටම උණුසුම් වූ සුබ පැතුම්,..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site