
(සුජිත් හේවාජුලිගේ )
බොහෝ හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂකයන් ඔවුන්ගේ ගෙදර දොරේ වැඩටත් යොදවාගෙන සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළිවී ඇත.
එය එම පොලිස් නිලධාරීන්ට කරන අපහාසයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හෙරත් මහතා පැවසීය.
සමහර හිටපු ජනපතිවරුන් ආරක්ෂකයන් එකසිය හැට තුනක් ඉල්ලා ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙම ප්‍රමාණ මේ රටේ ජනතාවට දරාගත නොහැකි බවද සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ට පොලිසියේ එකසිය ගණන් අවශ්‍ය නැතැයිද හෙතෙම පැවසීය
අපිට ඒද බීද සීද කියලා වෙනසක් නැහැ. හැමෝට එක විදියටම සලකනවා යැයි අමාත්‍යවරයා පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ පහසුකම් සොයා බැලීමට දැනටමත් කමිටුවක් පත්කර ඇති බව පැවසූ අමාත්‍යවරයා එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආරක්ෂාවට අරගෙන ගෙදර වැඩටත් යොදාගෙන
ලලයි ලිලයි ලයි Monday, 21 October 2024 08:16 AM
ඔහේලා ඔය විගඩම් නටලා එක නායකයෙක්ගේ හරි ජීවිතයකට හානියක් වුනොත් තමුන්ලගේ ජනප්‍රියතාව පිරිහෙන්න ගත්තුදාට යන්න වෙන රටක් හොයාගෙන තියාගත්තොත් හොඳයි. මොකද පූජාසනේ තියල පුදන එවුන් තමයි ඉස්සෙල්ලම ගල් ගහන්නෙ. බොරු එහෙමත් සෑහෙන්න කියලනේ ආවෙ. ඒවා මතක තියාගන්නව හොඳයි.
sumith Monday, 21 October 2024 09:34 AM
ඇමතිතුමා මේක ඉතාම හොඳ වැඩක් . අවශ්‍ය පමණට පමනක් ඒ අයට ආරක්ෂාව දෙන්න. කපුටාගේ බිරිඳගේ සරි කටුව ගහන්නත් හමුදා සෙබලියන් යොදාගත් බව ඒ කාලේ කියවුනා . ඒ වගේම ඔය හමුදාවල ඉහල නිලධාරිනුත් මිට සමාන මට්ටමේ වැඩ කරන බව ප්‍රසිද්ධ රහසක්නේ . එනිසා එයාලගේ වාහන අවභාවිතය හා හමුදා සොල්දාදුවන් ලවා නොයෙකුත් නිල නොවන කටයුතු සිදුකරවිමත් නවත්වන්න . දේශපාලකයින් මෙන්ම රජයේ සමහර නිලධාරිනුත් හරි හරියට රජයේ දෙපළ අව භාවිතා කිරීම මහජනතාව පිළිකුලෙන් හෙළාදකිනවා .
Perera Monday, 21 October 2024 09:56 AM
ඇමරිකාවේ හිටපු ජනාධිපතිටවත් නැති ආරක්ෂාවක් අපේ අයට මොකටද ?කරලා තියන මජර වැඩ නිසා මෙයාලා ආරක්ෂා වෙන්න හදන්නේ ලංකාවේ ජනතාවගෙන් ගුටි කන්න වෙන්න නිසා බව ඉතාමත් පැහැදිලියි
PATTA hora Monday, 21 October 2024 10:14 AM
රිදෙනවා ඇති දැන්. කොහොමත් උඹලාට රටින් පනින්න දෙන්නේ නෑ. ජම්පරේ ඇඳගන්න ලෑස්ති වෙයන්
ana Monday, 21 October 2024 10:43 AM
ඔය පොලිස් නිලධාරිනුත් දේශපාලකයින්ට කියලා ළමයි පාසල්වලට දමා ගැනීම, ඥාතීන්ට රැකියා කොන්ත්‍රාත් ලබා ගැනීම වැනි අකටයුතුකම් කළා.
සිල්වා Monday, 21 October 2024 10:55 AM
ඔබතුමන්ලා සුදුසු දෙයක් කරන්න. ඔය හිටපු ජනාධිපතිලා වැඩි හරියක්ම බලයට පත්වුනේ ඔබතුමන්ලාගේ සහයෝගය ඇතිවයි.
Sriyal Monday, 21 October 2024 11:02 AM
ඕකම පන්සල් වලත් වෙනවා පන්සලට පුද්ගලික ආරක්ෂක අංශවලට ගෙවීමට ඕනෑතරම් ආදායම් තියෙනවා. වෙන රටවල මෙහෙම නාඩගම් නෑ...!
Kumar Tuesday, 22 October 2024 08:09 PM
ලංකාවේ පන්සල්වලට පොලිස් ආරක්ෂාව ඕනද? ඇමෙරිකාවෙ එහෙම කරන්න ඕන නැත?