IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආරක්ෂක ලේකම් යුද හමුදා මූලස්ථානයට යයි

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)   ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ සංචාරයක අද නිරත විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ඔහු යුද හමුදා මූලස්ථානයට පැමිණි පළමු නිල සංචාරය මෙයයි.

ආරක්‍ෂක ලේකම්වරයා සම්ප්‍රාප්ත වීමත් සමඟ යුද හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් චමිල මුණසිංහ විසින් සම්මාන මුරයක් පිරිනමමින් ඔහු පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ආරක්‍ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඔහු යුද හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩලය හඳුන්වා දෙනු ලැබීය.

මෙහිදී, ආරක්‍ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා සුහද සාකච්ඡාවක නිරත වූ අතර, යුද හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟද සාකච්ඡාවක නිරත විය.

එහිදී භට පිරිස් ඇමතූ ආරක්‍ෂක ලේකම්වරයා, සිදුවිය හැකි කැරලි, ස්වභාවික විපත් සහ වසංගත පිළිබඳව නිසි අවධානය යොමු කරමින් ජාතික ආරක්‍ෂාව ප්‍රමුඛත්වය කොට ගනිමින් රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා හමුදාව දක්වන දායකත්වය පිළිබඳව අගය කළේය.

අනතුරුව, අමුත්තන්ගේ පොතේ සටහනක් තැබූ ආරක්ෂක ලේකම්වරයා, මෙම අවස්ථාව සනිටුහන් කිරීම උදෙසා සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.



අදහස් (0)

ආරක්ෂක ලේකම් යුද හමුදා මූලස්ථානයට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site