බත්තරමුල්ලේ මාධ්‍යවේදිනිය ඝාතනය කළැයි සැකපිට දොම්පේ පින්තාරු බාස් කෙනකු (39) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු දින කිහිපයක් එම නිවසේ හෝ අසළ නිවසක වැඩ කර ඇති බවත්, නිවැසියන් ඉරිදා පල්ලි යන බවත් හොඳට දැනගෙන සිටි බවත් පොලිසිය පවසයි.
අද උදේ ඔහු එම නිවසට පැමිණ ඇත.
ඉදිරිපස දොර් සොයිබය බමණක් දමා තිබුණු බවත්, එය ඇරගෙන ගේ තුළට යන විට මාධ්‍ය වේදිනිය ඔහු දැක හඳුනාගෙන ඇති බවත්, ඒ සමග ඔහු ළඟ තිබූ පිහියෙන් ඇන, ගෙදර තිබූ පිහියෙන් බෙල්ල කපා ඇති බවත් සැක කරයි.
රුපියල් 1200ක් හා ජංගම දුරකතනයක් සොරා ගත් බව සැකකරු කීවත් පොලිසිය එය විශ්වාස නොකරයි. පොලිසිය කියනුයේ වැඩි මුදල් ගෙන යන්නට ඇති බවයි.
අපරාධයෙන් පසු ඔහු හංවැල්ලට ගොස් ඇති බවත්, අත්අඩංගුවට ගන්නා විට හොඳටම මත්පැන් ශරීර ගත වී තිබූ බවත් පොලිසිය කියයි.
සැකකරු නිවසට එන ආකාරය සහ නිවසින් යන ආකාරය සීසීටීවී අසල නිවසක සීසීටීවී කැමරාවක සටහන් වී ඇත.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ආරක්ෂක කැමරාවෙන් හොරා අල්ලයි
සමන් ධර්මප්‍රිය Monday, 03 February 2014 06:08 AM
හොඳවෙලාවට මිනීමරුවා හමුවුනේ නැත්නම් රජයර විරැද්ධව උද්ඝෝෂණ (අ)
චින්තක Monday, 03 February 2014 07:11 AM
මෙවැනි වටිනා ජීවිත අහිමිවීම ඉතාම කණගාටුවක්.මෙවැනි ක්‍රියා නැවැත්වීමට බලධාරීන්ගේ ඇස් ඇරේවා (දිල්)
නිලන්ත Monday, 03 February 2014 07:39 AM
පොලිසියේ සිටින දක්ෂ නිලධාරීන්ට අපගේ උත්තමාචාරය. (දිල්)
කිත්සිරි Monday, 03 February 2014 07:53 AM
මත පැන් හා මත ද්‍රව්‍ය නිසා රට අන්තයටම පිරිහෙනවා.මෙවැනි අය සුළු ප්‍රමාණයක් හිටියත් රට පිරිහෙන්න ඇති. මියගිය මාධ්‍යවේදිනියට නිවන් සුව (දිල්)
අරුණ Monday, 03 February 2014 08:42 AM
නිවෙස්වල වැඩට පැමිණෙන බස්වරු ගැන විශේෂයෙන් සුපරීක්ෂාකාරී විය යුතුය,(දිල්)
පෙරුමාල් Monday, 03 February 2014 08:48 AM
සමන් ධර්මප්‍රිය, පෙනෙන්ට තිබෙන දෙයට වඩා සත්‍යය වෙනස් වෙන්න පුලුවන්! ලංකාවේ නීතිය රකින්නට ඉන්න අය දක්ෂයි(දිල්)
ප්‍රගීත් Monday, 03 February 2014 09:01 AM
ඕකත් අර කටු ගෙට පැන්න කන්ගැට්ටා වගේ ජිල්මාර්ට් එකක් ද දන්නේ නැහැ..(දිල්)
චමින්ද Monday, 03 February 2014 09:03 AM
මිනී මැරුම ගැන දැනගත්ත වේලාවෙම සමහරු ආණ්ඩුවට බැනලා ඉවරයි (දිල්)
ශ්‍රියානි Monday, 03 February 2014 09:34 AM
හොද වෙලාවට කැමරා තිබුනේ. නැත්නම් කොහොම අල්ලන්නද?
නිශාන් Monday, 03 February 2014 09:56 AM
හොද වෙලාවට කැමරා තිබුනේ (දී)
රාජපක්ෂ Monday, 03 February 2014 09:56 AM
සමන් ධර්මප්‍රිය ඔබ හරි නමුත් මුට්ටිය ඇල්ලීමට අවස්ථාවක් කර නොගනිමු (දී)
කුරුඳ Tuesday, 04 February 2014 12:22 AM
දැන් තාක්‌ෂණය දියුණු නිසා තමා මේවා කරන්න පුළුවන් වෙන්නේ. (දී)
චන්ද්‍ර වීරසිංහ Wednesday, 05 February 2014 03:43 AM
තනි පංගලමේ ඉන්න තරුණියන් කොතරම් පරිස්සම් විය යුතුද? සමහර විට දවල් ගෙට රිංගා හැංගි සිට රාත්‍රියට එලියට එන්න පුළුවන්. (දී)
නිමල් Monday, 03 February 2014 10:44 AM
වරද කරුට පරිම දඬුවම් පමුනු වන්න (දී)
ඉන්දික Monday, 03 February 2014 11:16 AM
විපක්ෂයයි ටීඑන්ඒ. එකයි දත කට මැදගෙන ඉන්න ඇති.(අ)
සිරා Monday, 03 February 2014 11:36 AM
මේ තකහනියේ හමුවනේ නියම මිනිමරුවමද ? හරි පුදුමයි. පොලිසිය නිකන් ඇහිං දැක්ක වගේ කතාව කියද්දී මට කන්ගැට්ටා මතක්වෙනවා. මේවා මිලේච්ජ අපරාධ. (නදී)
ජගත් සිල්වා Monday, 03 February 2014 11:47 AM
තවත් කන්ගැට්ටෙක්ද? (නදී)
නාලක Monday, 03 February 2014 01:18 PM
මගේ තීරණය එල්ලලා මරන්න ඕනා.(නදී)
ෂෙරිෆ් Monday, 03 February 2014 02:48 PM
අන්න අරහේ සුළු වැරදි කරපු දාහක් හෙට නිදහස ලබනවලු. අපේ රටේ ජනතාවගෙන් බහුතරයක් අපරාධ කාරයෝ වෙලා.(නදී)
දීමන්ත Thursday, 06 February 2014 09:56 AM
තාක්ෂණයට පින් දෙන්න.(නදී)
අක්ෂි Monday, 03 February 2014 03:17 PM
මේ වගේ අපරාධ කරුවන්ට සමාව දෙන්න හොඳ නැහැ. එතකොට මීට වඩා හිතයි අනිත් කට්ටිය. කැමරාවට පින්සිද්ද වෙන්න රටම බේරුනා නින්දා චෝදනා වලින්. ආණ්ඩුවට විතරක් නෙමේ ඔය තර්ජන දාන්නේ, රට බෙදීමේ ඉලක්කයෙනුයි කලබල ඇතිකරවන්නේ අපේම මිනිස්සුත් ඉන්නවනේ ඔලු නැති. රුසියාවේ ඉඳන් දැන් රටවල් කොච්චරක වෙනස් කම් කෙරෙවවද ? (නදී)
මහේෂ් Monday, 03 February 2014 03:40 PM
නියම චිත්‍රපටියක්. කව්ද දන්නේ නැහැ අධ්‍යක්ෂක.(නදී)
නාමල් Sunday, 02 February 2014 09:37 PM
ළගදීම ඇත්ත හෙළි වෙයි (දිල්)
කින් බෙනට් Sunday, 02 February 2014 10:15 PM
රුපියල් 1200ක් හා ජංගම දුරකතනයක් සොරා ගත් බව සැකකරු කීවත් ඔහු ළඟ තිබූ පිහියෙන් ඇන, ගෙදර තිබූ පිහියෙන් බෙල්ල කපා ඇති බව ඔහු කීවේ නැද්ද?(දිල්)
මෙවන් Sunday, 02 February 2014 10:29 PM
දක්ෂ ඒ ජගත් මාධ්‍යවේදනිය දෙව් මව් තුරුලේ සදා සැතපේවා!!!. (දිල්)
පෙරුමාල් Monday, 03 February 2014 04:44 PM
සමන් ධර්මප්‍රිය, මට නම් පෙනෙන්නෙ මීට ඉස්සර කේස් එකකදි වගෙ අනා ගන්නෙ නැතුව කට්ටිය වැඩේ සෙට් කරපු පාටයි.(නදී)
රාජා කුවෛට්. Sunday, 02 February 2014 11:02 PM
අපරාදේ වටිනා ජීවිත කිසිම වටිනාකමක් නැති මිනිසුන් විසින් මුදල් නිසා විනාශ කරනවා (දිල්)
ආරියසේන Sunday, 02 February 2014 11:46 PM
පොලිසියට අපරාධ කාරය අල්ලගන්න බැරිවුණා නම් හැමෝම ඉතින් පවතින රජයට තමා ඇගිල්ල දික් කරන්නේ.(දිල්)
දීපාල් Monday, 03 February 2014 01:12 AM
පොලිසියට උත්මාචාරය (දිල්)