IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආපදා සහන දෙන්න රක්ෂණ අරමුදලත් එක්වෙයි

ගංවතුර සහ නායයෑමෙන් අවතැන්වූ ලක්‍ෂ හතරකට අධික ජනතාවට සහන සැලසීම සඳහා ජාතික රක්‍ෂණ භාර අරමුදල රුපියල් ලක්‍ෂ 1450 මුදලක් ආපදා කළමනාකරණ අමාත්‍යංශයට නිදහස් කළ බව ජාතික රක්‍ෂණ භාර අරමුදලේ සභාපති මංජුල ද සිල්වා මහතා පැවසීය.

ගංවතුරට සහ නායයෑමට ගොදුරු වූ නිවාස සහ කුඩා ව්‍යාපාර ස්ථාන නැවත ඉදිකිරීමට සහ පිළිසකර කිරීමට වියදම් දැරීමට ද එම අරමුදල සූදානමින් සිටියි.

ජාතික රක්‍ෂණ භාර අරමුදල පසුගිය අපේ‍්‍රල් මස ආරම්භ කළ ජාතික ස්වාභාවික ආපදා සහ හදිසි සහන සේවා රක්‍ෂණ ක‍්‍රමය යටතේ මෙම මුදල ලබාදී තිබේ.

ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින ජාතික රක්‍ෂණ භාර අරමුදල ක‍්‍රියාත්මක කරන මෙම රක්‍ෂණ ක‍්‍රමය යටතේ රුපියල් කෝටි 1000 ක වාර්ෂික සමස්ත ආවරණයක් ලැබෙන අතර ඒ සඳහා ලෝකයේ ප‍්‍රමුඛතම ප‍්‍රතිරක්‍ෂණ සමාගම් කීපයක් සම්බන්ධ වී සිටී.

‘‘සෙසු රක්‍ෂණ සමාගම්වලට අප බලාදී ඇති අනිවාර්ය ප‍්‍රතිරක්‍ෂණ යටතේ ද විශාල හිමිකම් රැසක් අපි අපේක්‍ෂාවෙන් සිටිනවා. අපේ මූල්‍ය ශක්තිය සහ අප පසුපස සිටින ප‍්‍රතිරක්‍ෂණ සමාගම් නිසා මෙම හිමිකම් දරා ගැනීම අපට ගැටළුවක් නොවේ’’ යැයි ජාතික රක්‍ෂණ භාර අරමුදලේ සභාපති මංජුල ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

  ‘‘අපේ අරමුණ රක්‍ෂණය නොවූ අය රැකබලා ගැනීමයි. රක්‍ෂණය සමාගම් ඔවුන්ගෙන් රක්‍ෂණය ආවරණය ලබාගත් අය රැක බලාගනී’’ යැයි ජාතික රක්‍ෂණ භාර අරමුදලේ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් සී. ද සිල්වා මහතා පැවසීය.

 

 



අදහස් (0)

ආපදා සහන දෙන්න රක්ෂණ අරමුදලත් එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site