IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘ආපදා ස්ථාන බලන්න එන්න එපා‘

නායයෑම්වලට ලක් වූ හා අවදානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශවලට යෑමෙන් වළකින්නැයි ද පවතින ආපදා තත්ත්වය යටතේ ජනතාවගේ සහාය අත්‍යාවශ්‍ය යැයි ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්තිය අමාත්‍ය රංජිත් සියාඹලාපිටිය මහතා පැවැසීය.

පවතින කාලගුණ තත්ත්වය යටතේ විවිධ ප්‍රදේශවල විදුලිය බිඳවැටීම් වාර්තා විය හැකි බව ද දැනටමත් විදුලි උපපොළවල් රැසක් ජලයෙන් යට වී ඇතැයි ද අමාත්‍යවරයා එහිදි කීය.

ටී.බී. ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (18) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.

 “කෑගල්ල ප්‍රදේශයට විශාල හානියක් සිදු ව තිබෙනවා. ඉරිදා සවස්වරුවේ සිට පවතින ධාරණීපාත වර්ෂාව නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක් නායයෑමට ලක්වෙලා.

කොළඹ හැටන් ප්‍රධාන මාර්ගය ඇතුළු, ග්‍රාමීය මාර්ග, පාලම් විශාල ප්‍රමාණයකට හානි සිදුවෙලා තියෙනවා. අවතැන්වූ අයට ආණ්ඩුව විසින් වියළි හා පිසූ ආහාර සපයා දෙනවා. යම් යම් ස්ථානවලට තාමත් ළඟා වීමට නොහැකිවෙලා තියෙනවා. ආරක්ෂක අංශ හා පොලිසිය දැනටමත් මුදාගැනීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. පසුගිය කාලය පුරාවට දරුණු විදියේ ගංවතුර තත්ත්ව ඇති වූයේ නැහැ. ඒ නිසා අවදානම් ඇති වූ ස්ථානවල පවා නිවාස ඉදිකිරීමට ජනතාව යොමු වුණා. දවස් කිහිපයක් එක දිගට පැවැති ධාරණීපාත වර්ෂාව නිසා එම තැන් නායයෑම්වලට ලක්වුණා. අරනායකකින් දැනට මරණ අටක් වාර්තා වෙලා තියෙනවා. එහෙත් තවමත් නිවැරැදි තොරතුරු අපට ලැබෙන්නේ නැහැ. එම ප්‍රදේශ පස් තට්ටුකින් යටවෙලා තියෙනවා. එම ස්ථාන නැරැඹීමට ජනතාව පැමිණීම නිසා මුදා ගැනීමේ හා සහන සේවා කටයුතුවලට බාධා එල්ල වෙනවා. පොලිසිය මැදිහත්වීමෙන් ජනතාව එම ප්‍රදේශවලට පැමිණීම සීමා කිරීමට අපි කටයුතු කර තිබෙනවා‘‘ යැයි ද අමාත්‍යවරයා පැවසීය.

‘මේ තරම් ඉක්මනින් මෙවැනි උවදුරකට ආපදාවකට ලක්වෙලා නැහැ. මේ සියල්ල සිදුවෙන්න සතියක් වත් ගත වුණේ නැහැ. සමහර තැන්වල පැයක් යද්දි ගෙවල් යටවුණා. දරුවන්ට ඔවුන්ගේ පොත්පත් පවා අහිමි වුණා. බොහෝ අයට ඉතිරි වුණේ ඇඳි වත පමණයි. ඒ නිසා අපි ජනතාවගෙන් ද පුළුවන් ආකාරයෙන් උදවු උපකාර කරන්නැයි ද ඉල්ලා සිටිනවා. ආපදාවන්ට ලක් වූවන් පිළිබඳ වැරැදි තොරතුරු වාර්තා වෙනවා. ඒ නිසා නිවැරැදි තොරතුරු ලබාගන්නැයි ද අපි ඉල්ලා සිටිනවා‘ යැයිද සියඹලාපිටිය මහතා කීවේය.  

web2016518ranjith

 



අදහස් (0)

‘ආපදා ස්ථාන බලන්න එන්න එපා‘

සිරිල් Thursday, 19 May 2016 06:27 AM

සහන කඩිනම් කරන්න අනවශ්‍ය කතා නතර කරලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site