IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘ආපදා වැළැක්වීමට බර දැමිය යුතුයි‘

‘මෝසම් වැස්ස පටන් ගන්න ළඟයි. පවතින ආපදා තත්තවය උග‍්‍ර වෙන්න ඉඩ තිබෙනවා. කල් ඇතිව අඩුපාඩු මතුකර ඒවා හදා ගත යුතුයි. මමයි විද්‍යා තාක්ෂණ ඇමැති ලෙස කටයුතු කරද්දි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආරම්භ කළේ. එය ආරම්භ කළේ ආපදාවක් ඇති වුණාම ප‍්‍රතිචාර දක්වන්න නොවෙයි. ආපදා අවම කිරීමේ අරමුණ ද ඇතිවයි.  එම ආයතනය ආපදා වැළැක්වීමට බර දමා කටයුතු කළ යුතුයි. ආපදා ඇතිවෙද්දි රජයක යුතුකම කෂණික පියවර ගැනීමයි‘ යනුවෙන්   ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (23) කොළඹ එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘අරනායක කඳු වළල්ලේ මෙහා පැත්ත යටියන්තොට හා බුලත්කොහුපිටියයි. කළුපහනවත්තේ 16 දෙනෙක් මිය ගියා. මේක වතු සමාගමකට අයත් වත්තක්. ඒ වතු සමාගම කි‍්‍රයා කළ ආකාරය ගැන සතුටු විය නොහැකියි‘ යැයි ද තිස්ස විතාරණ මහතා කීවේය.

tissa2016523



අදහස් (0)

‘ආපදා වැළැක්වීමට බර දැමිය යුතුයි‘

ඉෂානි Monday, 23 May 2016 04:11 PM

අපොයි ඔවු දැනට අවුරුදු දෙකකටත් කලින් බදුලේ නාය ගිය පැතිවල මිනිස්සු තවමත් අවතැන් වෙලා ඉන්නේ .මෙය කෙරුව තමයි කටින් බතල .මෙයා අැමතිද කියලවත් දන්නේ නැහැ .මෙයාවත් ආපදාවට අහුවෙලා හිටියේ .ඔය නිදාගෙන ඉන්න කුනුවලටම ගිහින් තව නිදාගන්න ලොක්කෝ (බ)

:       0       0

උපාලි Monday, 23 May 2016 04:43 PM

ඉෂානි, ඔබ නම් තේරෙන භාෂාවෙන්ම කියලා තියෙනවා. ඒත් කට්ටියට තේරෙයිද කියලා නම් සැකයි. (නි)

:       0       0

ශාන්ත Tuesday, 24 May 2016 03:31 AM

ඔක්කොටම කලින් ඔබතුමාලා නායගිය එකට විසඳුමක් දෙන්නම ඕනෑ. (නි)

:       0       0

දීපාල් Tuesday, 24 May 2016 05:42 AM

ඔය ක්‍රියාමාර්ග මීට වසර 5-10ක් කලින් ඔබතුමාලා බලයේ හිටපු කාලේ කළයුතුව තිබු දේවල්. වෙච්ච වෙලාවට සහන ටිකක් බෙදලා ෂේප් වෙන එක නේද කවුරුත් කළේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site